Thursday, December 26, 2013

පළවෙනි පන්ති කට් කිරිල්ල

ඒ කාලේ මම හතර වසරට ආපු ගමන්. ඉගෙන ගත්තේ රත්නපුරේ කන්ද උඩ ඉස්කෝලේ ප්‍රාථමික විදුහලේ. දන්නා කට්ටිය දන්නව ඇති ඉස්කෝලේ මොකක්ද කියල . ඒ කාලෙ ඇපල් නියම මැරයා. හැමෝම බයයි ඇපල් ට . ඒ උනාට මට සෑහෙන්න යාලුවොත් හිටිය. කොච්චර වලි දාගත්තත් ගහ මරා ගත්තත් මට වැඩිය දඬුවමක් දෙන්න මිස්ල ට පුළුවන් උනෙත් නෑ.හේතුව ගොඩක් වෙලාවට මම පන්තියේ එක දෙක තුන අතර අනිවා ඉන්නවා. ඒ හින්ද මිස්ල ත් අසරණ වෙලා හිටියේ මට හරිහමන් දඬුවමක් දෙන්න විදියක් නැතුව

කතාව වෙන පැත්තකට ගියා. ඔන්න ඒ කාලෙ අපිට නැටුම් වලට උඩහ ඉස්කෝලෙට යන්න ඕන. ඒ කිව්වේ ප්‍රාථමික කොටස ඉස්කෝලෙන් පහළ වෙනම කොටසක තිබුනෙ. ඒ හින්ද නැටුම් තියන දවස් වලට හෙන වටයක් ගහල නැටුම් කාමරේට යන්න ඕන . ඉතින් මට ඔය වටේ යන්න කම්මැලි හින්ද කෙටි මාර්ගයක් හදාගෙන තිබුන ඔතනට යන්න. කෙටි පාර මහා බයානකයි. එහෙම ලේසියෙන් කෙනෙකුට යන්න බෑ. අඩි පහලවක් විතර තාප්පයක් නගින්න ඕන ඔය වැඩේට . දැන් කට්ටිය බලයි මේකා තලගොයෙක්ද තාප්ප වල බඩගාන්න කියල . මෙහෙමයි. තාප්පෙට වම පැත්තෙන් ගස් වල මුල් ටිකක් එල්ලිලා තියනවා. ඕවයේ එල්ලිලා තමයි නගින්නේ

ඔන්න පළවෙනියටම නැටුම් වලට යන දවස. තියන තැන දන්නෙත් නෑ. කට්ටිය පාර දිගේ උඩහට දුවනවා. මට ඉතින් කම්මැලි කම හින්ද නැග්ග තාප්පේ දිගේ. මල ජුලියයි. කට්ටිය නෑ. මාව හොල්මන් උනා . දැන් නැටුම් පන්තිය තියන තැන හොයාගන්නත් බෑ. පැය කාලක් විතර දඟලල යන්තම් පන්තිය තැන නම් හොයාගත්ත. ඒත් ඒ වෙනකොටත් මිස් පන්තියේ උගන්නනවා. ඒ මිස් පට්ටම සැරයි කියල ඉස්සෙල්ල අහල තිබුනා

මට හීන් දාඩිය දැම්ම. දැන් මොකද කරන්නේ...පන්ති භාර මිස්ට අහු උනොත් කන පලාගන්න පුළුවන් .කරන්න දෙයක් නෑ.උඩහ ඉන්නත් බෑ. කෙල්ලෝ විතරනේ උඩහ ඉන්නෙ .බැලුව වට පිට. කව්රුවත් පේන්න නෑ. හෙමින් සැරේ වටේ පාරෙන් පහලට ආව. මල කෙලියයි.මිස් පන්තියේ . හරියන්නේ නෑ වැඩේ. රිංගුවා කටුකම්බියක් අස්සෙන්. මිස්ට නොපෙනෙන්න ගිය හෙමින්ම පන්තියේ පිටිපස්සට

දැන් තමයි ලොකුම අවුල. කාටවත් නොපෙනෙන්න ඉන්නත් ඕන. අහු උනොත් ඉවරයි. කාලච්චේද දෙකක් ඉන්නත් එපැයි. කරන්න දේකුත් නෑ. ඔන්න ඉතින් ඉන්නවා ඉන්නවා ඉන්නවා .................
....................................
............................
...............
.........
....
නැටුම වලට ගිය උන් එන පාටක් නෑ . බැලුව වට පිට. 

ම්හු. පට්ටම කම්මැලියි .
..
..
..
..
..
..
..
..
.

අපේ පන්තිය පිටිපස්සේ ටිකක් දිය සීරාව වගේ තිබුනා.ඒ හින්ද පොලව ටිකක් බුරුල් ගතියක් වගේ තිබුන. වෙන කරන්න දේකුත් නෑනෙ. හොයා ගත්ත එතනම තිබිල කෝටු කෑල්ලක්. ඕකෙන් පොලව කෙටුව. කොටලා කොටලා හැදුව පාත්තියක් . වටේට ගල් කැට තියල ලස්සන කළා. අඩි 5x2 විතර ඇති. කොහොම හරි ඕක කරලා ඉවරවෙනකොට කට්ටිය දුවල එනවා ඇහුනා. මමත් කට්ටියට සෙට් වෙලා හෙමින් සැරේ පන්තිය ඇතුලට ගියා

පස්සෙ දවසක අපේ ලොකුමිස් , අතුගාන්න හිටපු ජොසපින් අක්කාගෙන් අහනවා ඇහුන කවුද පාත්තිය හැදුවේ කියල . ඊට පස්සේ ඒකෙ මල් වවල තිබුනා මතක හැටියට.

ඔන්න ඔහොමයි මම පන්ති කට් කොරන්න පටන් ගත්තේ.

(සමාවෙන්න යාලුවනේ මට මේ කාලේ ඔයාල ලියන ඒවා බලන්න තරම් වෙලාවක් නෑ .මේක දැම්මෙත් පාලුවට යන්න දෙන්න හොඳ නැති හින්ද. තරහ වෙන්න එපා ඒ හින්ද. හැකි උන ගමන් මම පුළුවන් විදියට කියවන්නම්. වැඩ අධිකයි.ඔක්කොටම කලින් ඉගෙනගෙන ඉන්න එපැයි. )


11 comments:

  1. හප්පේ.......මේකා පොඩි කාලේ ඉඳලම ඇම්ඩන් කෙනෙක්.

    මම පන්ති කට්කරේ සාමාන්‍ය පෙළ ඉගෙනගන්න කාලේ. (1968 - 69) ඒ කාලේ රුපියල් දෙකක් අතේ තියනවනම් ගජ පෝසතෙක්. කෑගල්ලේ ඉඳලා නුවරට බස් ගාස්තුව සත 30යි. නුවර ඕඩියන් සිනමාහලේ ගැලරි ටිකට් එක සත 55යි. සයිවර් කඩේකින් බඩ පැලෙන්න කන්න සත 20යි. අපි ඉතිං පිචර් එක පටන් ගත්තට පස්සේ කළුවරේ තමයි රිංගන්නේ. මොකද 'පිචෑර්ස්' එක බොහෝ වෙලාවට 'ඇඩම්ස්' ඔන්ලි.

    ReplyDelete
  2. හි හී....අපි ඉස්කෝලේ වෙලාවේ ඉන්න කම්මැලි වගේ දවසට 11-12 වෙද්දී බෑග් ටික හෙමිහිට එළියට පන්නගෙන ටවුමට ඇවිල්ලා ගෙදර එනවා ඉස්සර...මටත් මතක් උනා පංති කට් කිරිල්ල.ජොලි කාලේ අප්පා :D

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයත් පන්ති කට් කරල......

      Delete
  3. බිග් මැච් කාලෙට ඉතිං හැමදාම පන්ති කට් තමා.. ඊලගට හැටි කලෙක්ෂන්... දැන් නම් ඒව කෙරෙන්නේ නැ....

    ReplyDelete
  4. හප්පෝ... අපේ කට් කිරිලි හැටියට ඕව මොනවද? :-D

    ReplyDelete
  5. කට් කිරිල්ලේ ජොලියක් තියෙනවා .හික් හික් දැනටත් ඒ පුරුද්ද ගෙනියනවා

    ReplyDelete
  6. ඔව් ඔව්. ඉස්සෙල්ලා ඉගෙනුම්.....

    ReplyDelete
  7. බොලා කිව්වට විශ්වාස කොරයිද මන්දා...මම පන්ති කට් කොරලම නෑ...

    ReplyDelete
  8. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. එසේම වේවා එසේම වේවා.....! :)

      Delete
  9. පන්ති කටි කරලා සෙල්ලමි කරන්න යන එක තරමි..... :) :)

    ReplyDelete