Friday, March 7, 2014

ඔන්න අපි විභාග ලියන හැටි




ඉතින් යාලුවනේ සෑහෙන කාලෙකට පස්සේ මට ආයිත් බ්ලොග් එක ලියාගන්න පොඩි වෙලාවක් හම්බ උනා. මේ පැත්තේ ඇවිත් බලනකොට තමයි දැක්කේ මම මේ අවුරුද්දට එකම ලිපියක් වත් ලියල නැති බව. විභාග කටයුතු එහෙම තිබෙන හින්දයි ලියන්න පරක්කු වෙන්නේ

විභාග කිව්වමයි මතක් උනේ මට. ඊයේ පෙරේදත් විභාගයක් ලිව්වා. එක ලියල ඉවර උනාට පස්සේ තමයි මට මේ වගේ දෙයක් ඔලුවට ආවේ. උසස් පෙළ කරන්න එනකම් ඕවට මම නම් එච්චර කවදාවත් මහන්සි උනේ නෑ. පන්ති කට් කරලා පිස්සු නටල ඔක්කොමත් කරලා අන්තිමට ශිෂ්‍යත්වෙත් සාමාන්‍ය පෙළත් ඔක්කොම බොහොම ලේසියට ගොඩ ගියා. ඔය විදියටම උසස් පෙළත් කරන්න ගිය හින්ද තමයි පලවෙනි පාර ලස්සනට ඇනගත්තේ. 

ඊට පස්සේ හිතුව මම කොහොමහරි ඊළඟ පාර නම් අනිවා පාඩම් කරලා ගොඩ යනවා කියල. එත් ටික දවසක් යනකොට අර තිබුන දෛර්යය ශක්තිය ගැම්ම  කොහේ ගියාද දන්නේ නෑ. ඔක්කොම දිය වෙලා ගිහින් අන්තිමට බලනකොට. අනේ මන්ද අපිත් මහා පුදුම ජාතියක් . එක පාරක් වලේ වැටුනම ඉගෙන ගන්නේ නැති හැටි.

මට මේ ඔක්කොම මතක් උනේ ඊයේ පෙරේදත් එකක් ලියපු හින්ද.  අවුරුද්ද පටන් ගන්නකොට හිතුව අනිවා දැන් ඉඳන් පාඩම් කරලා මේක දලමට ගොඩ යනවා කියල. එත් අන්තිමට පාඩම් කරන්න පටන් ගත්තේ විභාගෙට දවස් පහක් තියල. අනේ මන්ද ඉතින් ඕවට හා කියන්නත් බෑ හ්ම්ම් කියන්නත් බෑ.

මේක බලන විභාග වලට මුහුණ දෙන අය ඉන්නවනම් මේකයි මට කියන්න තියෙන්නේ. මුල ඉඳන්ම වැඩ කලොත් එකම විබාගයක් වත් අමාරු නෑ. පහුගිය විභාගෙ විෂයන් දෙකක් මුල ඉඳලම හරියට කරගෙන ඇවිල්ල තිබුන හින්ද ප්‍රශ්න පත්තරේ හම්බ උන ගමන් පට පට ගාල ලියල දැම්ම. පාඩම් කරපල්ලා විභාග පාස් වෙන්න ඕන නම්......... 


8 comments:

  1. විභාගේ ඉවර කරන් වරෙන්කෝ බ්ලොග් ලියන්න..

    ඔය කිවුවට මොකෝ මම නම් පාඩම් කලේම නෑ බං..

    ReplyDelete
    Replies
    1. විභාග ඉවර වෙනකම් හිටියොත් තව අවුරුදු තුනකින් විතර තමයි ආයිත් ලියන්න වෙන්නේ. :P මම නම් දැන් පාඩම් කරනවා. නැතිනම් අනිවා කෙළවෙන තත්වයක් තමයි තියෙන්නේ.... :D

      Delete
  2. විභාගේ විභාගේ ඕක තමා අභාගේ...
    පාඩං කරල ලියපු දවසක් නැති තරං...
    ඇත්තටම විබාගෙටත් බුල ගහපු නිසා තමා මේම වෙලා ඉන්නෙ...


    අවන්හල

    ReplyDelete
  3. ඔය විභාගේ දැන් සෑහෙන කාලෙක ඉඳන් යනවා නේද ඇපලෝ ?

    ReplyDelete
    Replies
    1. තව අවුරුදු දෙක හමාරක් තියෙනෝ....... :D

      Delete
  4. ඉක්මනට ඕක ඉවර කොරගනින් ඇපල්...

    ReplyDelete
  5. සාදූ සාදූ සාදූ!

    ReplyDelete
  6. හෙක් දුක යනු හැමදාම අද පාඩම් කරනවා කියා සිතීමයි. හෙක් හෙක්, විබාග වලට ගිරවා දාල වැඩක් නා බන්, ඒ ඒ විෂය ගැන තමන් ලබන අවබෝදයයි වටින්නේ, අවබෝධයයි දැනුමයි කියන්නේ දෙකක්, අවබෝධය හරියටම තියෙනවනම් ඕන ප්‍රශ්නයක් ගොඩ. අපි ලේක්චාර් කට කලත් ගොඩ යන තියරිය දන්නවා, ඒ නිසා ගොඩ.

    ReplyDelete