Thursday, June 11, 2015

කම්මැලිකම



මෙහෙම කම්මැලි කමක් හැබෑටම. අන්තිමට ලිපියක් දැම්මේ ගිය අවුරුද්දේ ඉල් මාසේ. ඊට පස්සේ තුන් වෙනි අවුරුද්ද සම්පුර්ණ උන එකට වත් මම මේ පැත්ත පළාතේ ආවේ නෑ. මගේ එකම නිදහසට කාරනාව උනේ අධ්‍යාපන කටයුතු කියන එක. එකට මුවා වෙලා මම කම්මැලි කමේ හිටියේ මෙච්චර කලක්. තව හේතුවකුත් තිබුන. එක තමා මම වින්ඩෝස් වල ඉඳන් උබුන්ටු වලට මාරු උනා. ඒකෙ සිංහල ටයිප් කරනවා කියන්නේ මොට්ට පොරවකින් ගස් කපනවා වගේ.  එපාම වෙන වැඩක්. ඉතින් දහ දොළොස් පාරක්ම මම ටිකක් ලියල අතැරලා දැම්ම. ඊට පස්සේ බ්ලොග් කියවන එකත් එහෙමම නතර උනා. ඉඳල හිටලා ඇවිල්ල ලිපියක් දෙකක් කියෙව්වා ඇරෙන්න වෙන වැඩක් කලේ නෑ. පුදුම කම්මැලි කමක් මේක නම්.

මේ ටිකේම අපේ විශ්ව විද්‍යාලයෙන් මාව දාල තියෙන්නෙ පුහුණුවීම් වලට.සමහර දවස් වලට මුළු දවසෙම නිකම් බලාගෙන ඉන්නවා. තවත් සමහර දවස් වලට දවසෙම වැඩ. අද වැඩි වැඩක් නැති එකේ මම නිකමට වගේ ආව මේ පැත්තට. මුලින්ම දැක්කේ සිරා ගේ කාමරේ තුන් අවරුදු උපන්දිනේ. මට හිතුනා නියම දවසක තමයි මම ආපහු ආවේ කියල. ඊළගට කියෙව්වා විචාරකගේ භාෂාව පිලිබඳ දාල තිබුන ලිපිය. ඊළඟට මම කල්පනා කළා ඇයි මට මේක ලියන්න වෙලාවක් නැත්තේ කියල. උවමනාව තියනවනම් මට උවමනා තරම වෙලාව හදාගන්න පුළුවන් කියල මටම තේරුනා. ඔන්න ඉතින් අවසානෙට කාර්යාලේ ඉඳන් මාස ගානකට පස්සේ ඔන්න මේක ලියනවා. කව්රු බලයිද දන්නේ නෑ. ඒ උනාට මොකද ඉතින් ආපහු මේක ලියන්න පටන් ගන්නවා කියන්නෙම ලොකු දෙයක්නේ. පටන් ගන්න තමයි අපහසුම. 

බලමු ඉදිරියටත් පුළුවන් පුළුවන් හැටියට ලිපි ටිකක් දාන්න. අංගම්පොර ගැන මේ දවස් වල ටිකක් උනන්දුවක් ඇති වෙලා තියෙනවා සමහර විට ඊළඟට ලියන්නේ එක ගැන වෙන්නත් පුළුවන්. සමහර විට අලුත්ම දෙයක් ගැන වෙන්නත් පුළුවන්. ඔන්න එහෙනම් ආයිත් ඇපල් ආව ලාබෙට ඇපල් බෙදන්න. 

10 comments:

  1. උදේ පාන්දරම කන්නාඩිය ඉස්සරහට ගිහින්, කම්මැලියා කම්මැලියා කියලා, දහ දොළොස් සැරයක් තමන්ටම කියාගත්තානම්, අම්මපා ඔය කම්මැලිකම යයි. ඇයි අප්පොච්චියේ, ඔය පුහුණු කටයුතු වලදී, එදිනදා වෙන දේවල් ලියමුකො කස්ටිය කියවන්නැද්ද බලන්න.

    ReplyDelete
    Replies
    1. අගේ ඇති උපදෙසක් හැබෑටම. :D ලියන්න දේවල් මතක් වෙන්න පටන් ගනී තව ටික දවසක් යනකොට.

      Delete
  2. ෂැහ්ඃ ! මුගේ කම්මැලිකම. මම හිතුවෙ උඹ ගල් වෙලා කියල. හරි දැන් ඉතිං ඔය වෙලාව තියෙන විදියට මොනව හරි ලියන්න ගමු ආයෙ කම්මැලිකම ඇරල.

    ReplyDelete
    Replies
    1. හැහ්හ් හහ්හ් හඃ දිගටම ලියන්න තමා අදහස. :-bd

      Delete
  3. පහුගිය දවස් ටිකේම ලිපියක් ලියාගන්න බැරි වුනා වැඩ නිසා..දැන් වැඩ ටිකක් අඩුයි..ඒත් කමමැලි වගේ

    ReplyDelete
    Replies
    1. ටිකකට හරි නතර කලොත් නතර උනාම තමයි. පේනවනේ මට උන දේ..?? දිගටම ලියන්න. ;)

      Delete
  4. අපෝ මුං වගේ කම්මැලියෝ.. ලියපං ඉතින් දැන්වත්..

    ReplyDelete
    Replies
    1. ලියනෝ ලියනෝ...
      මම වගේ කම්මැලියෝ හොයන්න අමාරුයි දැක ගන්න ලැබීම ගැන සතුටු වන්න. :))

      Delete
  5. ලියමු ලියමු කියවන අය අතරට මාත් එකතු වුනා ඔන්න

    ReplyDelete
    Replies
    1. බොහොම තුති මේ පැත්තේ ආවට. :)

      Delete