Wednesday, November 11, 2015

අවුරුදු හතරක්ම උනා එහෙනම් - ලාබයි ඇපල් ගේ උපන් දිනය



මදැයි එහෙනම්. දැන් හතර අවුරුද්දකුත් ලබනවා. මෙච්චර කල් ගියා කියල දැනුනෙවත් නෑ. ගතවුණ කාලයේ සුමිහිරි මතක සටහන් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. මේ ආපු ගමනෙ හමු උන අයත් දිරි දුන්න අයත් ඕන තරම්. ඒ වගේම කම්මැලි වෙලාවට බැනල දිගටම ලියපන් කියපු අයත් ඉන්නවා. මේ වෙලාවේ මම ඒ හැමෝම අයට මගේ හද පිරි තුති පුද කරනවා. ගිය පාර ලිපියේ ලිව්වා වගේ මම මේ බ්ලොග් ලිවිල්ල පටන් ගත්තේ මම හිතන දේවල් වලට අනික් අය මොනවද කියන්නෙ බලන්නත් හොඳ මිතුරන් රැසක් හොයාගන්නත් කියන අදහස ඇතුව. නමුත් ටික කලක් යනකොට මට තේරුනා මට ඉගෙන ගන්න බොහෝ දේවල් මෙන්ම අනිත් අයවත් දිරිමත් කරන්න පුළුවන් කියල. 

ගිය අවුරුද්දේ මේ වෙනකොට මම බ්ලොග් ලිවිල්ල අතැරලා දාල තමා තිබුනේ. මතක හැටියට 3 වෙනි අව්රුද්ද සපුරපු දවසේ මම ලිපියක් පල කළේවත් නැහැ. ඒ අනුව බලනකොට අද මම හොඳයි කියල හිතෙනවා. කාලය ගතවෙද්දී සෑහෙන්න කාර්යබහුල උනත් හැකි සාම වෙලාවකම මම හැම තැනම තියෙන බ්ලොග් කියවන්නත් අදහස් පල කරන්නත් අදහස් කරගෙන ඉන්නවා. 

උපන් දිනයක් කියන්නෙ මට නම් බොහොම වැදගත් දවසක්. කාල බීල පාටි දන්නා නෙමෙයි. ගතවුණ අවුරුද්ද ගැන හිතල කල දේවල් මතක් කරලා ඉස්සහරහට කරන්න ඕන දේවල් සැලසුම් කරගන්න තියෙන හොඳම දවස තම උපන් දිනය කියන්නෙ . මට නම් එහෙමයි. අනික් අයට කොහමද දන්නෙ නම් නැහැ ඉතිං. 

 2011 අද වගේ දවසක , ඒ කියන්නෙ 11.11.11 දවසේ මම පලවෙනි ලිපිය ලිව්වා පලවෙනි පොස්ට් එක  කියල.  මේකට පලවෙනි කොමෙන්ටුව දාපු මගේ මිත්‍රය තමයි මට බ්ලොග් එකක් කියල දෙයක් තියෙනවා කියල මුලින්ම කිව්වේ. ඒ හින්ද ඔහුට මම මගේ ස්තුතිය පල කරන්නම ඕන . ඒ වගේම මුලින්ම මා කියවූ බ්ලොගය - මගේ ලෝකය දැන් ලියන්නෙ නැති උනාට ඒ ලියපු කතුවරයාටත් මා තුති පුදනවා. එතෙක් මෙතෙක් කල් මා සමග හිටපු සියලු දෙනාටත් බොහොම ස්තුතියි. 

එහෙනම් මට සුබ උපන් දිනයක් වේවා.......!!!  

6 comments:

  1. මොනවා...........එහෙනම් අපි දෙන්නගේ බ්ලොග් වයස ළඟ ළඟ යනවා.

    අවුරුදු හතරකදී ලියලා තියන ප්‍රමාණය නම් මදි පුතෝ.

    ඉදිරියේදී ගොඩක් ලියන්න වාසනාව ලැබේවා. සුබ උපන් දිනයක් වේවා!

    ReplyDelete
    Replies
    1. හප්පේ...එහෙනම් මමත් විචාරක තුමා වගේම වයසයි නේද. :((
      ලියල තියෙන ප්‍රමානේ නම් මදි තමයි. මටත් ඒක හිතුන. මොනවා කොරන්නද ඉතිං කම්මැලිකම ඉහට ගැහුවම. දැන් නම් පුළුවන් පුළුවන් විදියට ලියන්න ඕන. තුති වේවා....... O:-)

      Delete
  2. ඇපල්ගෙ කලින් ලිපි ටිකත් බැලුවා.අංගම් සටන් කලාව ගැන දමපු ලිපිය ඇත්තටම හොදයි.තව විස්තර තිබ්බා නම් තවත් හොඳ වෙන්න තිබ්බා.ඉතින් බ්ලොග් ජීවිතයට මගෙනුත් සුබපැතුම්! තව තවත් ලිපි ලියන්න ශක්තිය ලැබේවා.!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා..... :-h මේ පැත්තේ ආවාට තුති වේවා....
      ප්‍රශ්නේ කියන්නෙ ටිකක් වෙලා ලියාගෙන යනකොට ඇති කියල හිතිලා නවත්තන්න හිතෙන එක. මේ වැඩ කටයුතු නැත්නම් සහ නිදහසක් තියෙනවනම් ලියන්න තිබුන හොද ලිපි ටිකක්. :(

      Delete
  3. සුබ උපන් දිනක් වේවා!!!

    ReplyDelete