Wednesday, April 4, 2012

ආදරය

හිතට දැනෙනවා අපහු                        නැතිවෙනවා
හොයල බලනකොට ආපහු                  හමුවෙනවා
හිතනා විටදි
ඇය ගැන හද                    පිම්බෙනවා
එය ආදරය යැයි මට දැන්                     වැටහෙනවා  


ලෝකය පවතින්නෙ ආදරෙ හින්දා                     ලූ
ආදරෙ නොමැති දා ලොව සුන් වෙනවා               ලූ
දහසක් දෙනෙත් තුටු කඳුලින් නහවා                   ලූ
ආදරයකට ටජ් මහලක් තැනුවා                           ලූ 


දෙදෙනෙක් එක සිතින් ආදරෙ කරන                විට
කරදර බැනුම් ගල් මුල් එයි සෑම                        විට
කරදර වලට කරදරයක් වූ                                දාට
හැකිවෙයි සදා පෙම් ගඟුලේ                    පිහිනන්ට 



කියනෙමි මෙසේ කවි බැඳ ආදරෙ         වෙනුවෙන්
ආදර සයුරේ පිහිනන තුර සිත                  සතුටෙන්
අත් හැරියොත් ඉරිසියාව සැකය                   සිතින්
කලහැක සැබෑ ආදර මාවතෙ                     පියමන්



 

4 comments:

  1. හැබෑවටම ආදරය කරන අය කොච්චර අඩුවෙන්ද ඉන්නේ.ගොඩක් අය බලන්නේ තමන්ගේ ආශාවන් සංසිඳුව ගන්න විතරනේ.

    ReplyDelete
    Replies
    1. true.. mn maara aasai e kawi peleta..

      Delete
    2. ඉස්තුති වේවා දොස්තර නෝනේ.. ;)

      Delete