Tuesday, July 31, 2012

තනිකර බෝඩිමේ...

අපේ බෝඩිමේ කරන්න තියන සියලුම වැඩ ටික දැන් අහවරය. දැක්කම බලන්න ආසා හිතෙනවාය:x . පොත් තියන්න රාක්ක ගසා ඇත. 5 දෙනෙකුට ඉන්න ඇඳවල් ද තිබේ. කාමරයේ එක පැත්තක කුස්සියක්ද නිර්මාණය කර තිබේ. දකිනකොට නම් පස්ටය  . අනික් කාමරවල ඉන්න උන් බල බල යනවාය. උන්ට ටිකක් ජෙල වගෙය [-( . මක් නිසාද යත් අපේ කාමරය නියමෙට එළකිරි එකට පිළිවෙලට තිබෙන හින්දය. තවම ස්ට්‍රයික් එක ඉවර නැති හින්ද කරන්නට එතරම් වැඩක්ද නැත්තේය. ඒ හින්දා වැඩිපුරම කරන්නේ චිත්‍රපටි සහ අනෙකුත් දේවල් බැලීමය(නරක දේවල් බලන්නෙම නැතිය. අපි හොඳ ළමයි වෙමු :) ) . 

අපේ කස්ටියද මාරම ජොලිය. හඳයා මේ දිනවල පිස්සුවෙන් වගේය . මක් නිසාද යත් මේ දිනවල ක්‍රිකට් ඇති නිසාය . පෝලන්තයා හෙවත් ආප්පයා ට ටිකක් කර වී ඇති සෙයකි . ඇත්ත තත්ත්වය මොකක්දැයි තවම නොවැටහේ:-t . පිනා නම් හිටියා වගේමය. පිනට මොකක් හරි ලැබේ යයි සිතමින් පසුවන්නේය ;D . අලුතින් සෙට් වුවත් අපිට බෝඩිම සෙට් කල පරණම සමාජිකයා වන දිගා ලොකු මල් ප්‍රශ්නයක පැටලී ඇතැයි සිතේ . එනමුදු ඒ බවක් කාටවත් අඟවන්නේ නම් නැත;;-) . මේ ලඟදි කෝච්චියේ හම්බ උන අයියා කෙනෙක් දුරබනන අංකයද ඉල්ලගෙන ඇත :-o . ටී රූලා ඉඳල හිටලා කඩා පාත් වෙනවාය. සිද්ද වන දේවල් සලක බැලු විට අතීතයේ ගිනි කන්දක් වත් වී ඉපදී සිටියේද යන්න නම් සැකයකි :p  . ඇපල් ටත් කල පාප කරුමයක්ද කොහේදෝ පල දෙමින් තිබේ. කට වැරදීමකින් කියූ දෙයක් හින්දා කැම්පස් එක පැත්තෙවත් යන්න බැරි වෙන්න එනවාය . අනික් රූමන් ද ඇපල් ට රිටන් එක යහමින් දෙති :-ss .

කස්ටිය දැන් කන්නේ ද තනියෙන් උයාගෙනය. ගෙවල් වලදී තම්බා දෙන දෙයක් කන්න පුරුදු වී සිටි උන් මෙහෙ ඇවිත් පස්ට එකටම උයනවාය :-bd . එකෙන්ම කෑම රසය . එක එකාට උයන්න පුළුවන් විවිධ වර්ගයේ කෑම ඇත. ඒ කෑම වර්ගය ලොවෙත් නැති වෙන්න හදන්න උන් දන්නවය ;) . 

ඇත්තටම ලියන්න දේවල් තිබුනත් අපේ උන් ගෙන් මරණ තර්ජන එල්ලවන හින්දා මෙතනින් අවසන් කරමි #:-S . කෙසේ වෙතත් බෝඩිම නම් සුපිරිය. ජයෙන් ජය ලැබේවා.....! 


 

Thursday, July 26, 2012

සඳවතිය වෙත..

දුටු පළමු දින
ගොලුවූ සිත
දුකින් ඉවසා සිටිය
ඒ අවරුදු ගණන
ඔබ දිවිය වෙනස් කල
මා දිවිය එකලු කල
ආදරෙයි ඔබට මම
දිවිය ඇති තෙක් මෙලොව

Friday, July 20, 2012

සිසු අපට කෙලවෙයිද?? (දෙවන කොටස)



උසස් අධ්‍යාපනය හදාරන සිසුන් විදියට අපි මේවා ගැන දැනගෙන ඉන්න ඕන . අපි ඉගෙනගන්නේ මොන වගේ තත්ව යටතේද , මේකට ලැබෙන සහයෝගය මොකක්ද , ඉගෙනීමට තියෙන බාධා මොනවද කියන මේ හැම දෙයක්ම අපි දැනගෙන ඉන්න ඕන. මේක මම ලියපු පළමු ලිපිය හා සම්බන්දයි. ඒක බැලුවේ නැත්නම් මෙතනින් යන්න. 

 ඒ ලිපියෙන් මම කිව්වේ ලංකාව මේ තරම් දියුණු තත්වෙකට ආවේ කොහොමද කියල සහ මේ අධ්‍යාපන ක්‍රමයේ මොනවා හරි වැරද්දක් පේනවා කියලයි. මේ කරුණු ලංකාවේ පමණක් දකින්න තියන කරුණු නෙමෙයි. අපේ රටේ නිදහස් අධ්‍යාපනය තිබුනට අනික් රටවල් එහෙම නැහැ. ඒත් චිලි , එංගලන්තය ඇතුළු රටවල් ගණනාවක සිසුන් ඒ අයගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් වදිමින් ඉන්නවා.ගොකක් දෙනෙක් දන්නවා ඇති මේ වෙනකොට අපේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් වැඩ වර්ජනයක් කරමින් ඉන්න බව. මේ ප්‍රශ්න හැම දෙයක්ම ඇති වෙලා තියෙන්නෙ අධ්‍යාපන රාමුවේ තියන ගැටළු සහගත තත්ත්ව හින්දයි. මේ ප්‍රශ්න වලට රජයෙන් එල්ල උන බලපෑමුත් තියනවා.

 2005 ඉඳන් උසස් අධ්‍යාපනය සඳහා වෙන් කරන ආයෝජන සැහෙන්න වේගෙන් අඩු වෙලා තියනවා. රටේ දල ජාතික නිෂ්පාදනයෙන් සමස්ත අධ්‍යාපනය සඳහා වෙන් කරන වියදම අනික් රටවල් එක්ක ගත්තම ඉතාමත් පහත අගයක තමයි තියෙන්නෙ. වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වෙනකොට අධ්‍යාපනයට වෙන් කරන වියදම දල ජාතික නිෂ්පාදිතයෙන් 2.9% ක් උනා. නමුත් අද වෙනකොට ඒක 1.9 % දක්වා පහත වැටිලා. ඇත්තටම කියනවා නම් ලෝකයේ ඉතාම දුප්පත් රටවල් වල වෙන් කරන ප්‍රතිශතයට වැඩ ඉතා පහල අගයක් කියල කියන්නත් හිතට දුකයි. උසස් අධ්‍යාපනය වෙනුවෙන් රජය 2005 වෙනකොට 0.52% වැනි ඉතා සුළු ප්‍රමාණයක් වෙන් කරලා තිබුන. බය හිතෙන කතාව තමා 2010 වෙනකොට ඒක 0.27 % පමණ අගයක් වෙලා තිබීම. දැන් වෙනකොට ඒක තවත් අඩු වෙලා. 

ඊළගට තියන තවත් ගැටළුවක් තමයි විශ්වවිද්‍යාල වලට ප්‍රමාණවත් ආචාර්ය මණ්ඩලයක් නොසිටීම. දැනට සිටින ආචාර්ය මණ්ඩලයෙනුත් 40 % ක් පමණම ඉගැන්වීම සහ පර්යේෂණ පිලිබඳ මුලික සුදුසුකම් වලින් පමණක් යුක්ත වෙන හින්ද සමහර විශ්වවිද්‍යාල වල ආචාර්ය - ශිෂ්‍ය අනුපාතය ඉතාමත් ඉහළ අගයක් ගන්නවා. ඒ වගේම පුස්තකාල පහසුකම් , වැටුප් සහ උපකරණ වගේ පහසුකම් අඩු හින්ද ඉගෙන ගන්න සිසුන් සහ අනෙක් උසස් අධ්‍යාපනයට සම්බන්ධ අය සෑහෙන අපහසුතාවකින් තමා වැඩ කරගෙන යන්නේ. මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් ආණ්ඩුව කරන්නේ අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන තව තවත් අඩු කරන එකයි.
 
හිතල බලන්න උසස් පෙලට වැඩි වෙන අයගෙන් කොච්චර සුළු ප්‍රමාණයක්ද උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන්නේ ? ඒ කියන්නේ s 3 ගන්න එකාට ඉගෙන ගන්න බැහැ කියන එකද? එහෙම නැත්නම් ඒ ඉන්නේ පොල් කඩන්න , කාණු සුද්ධ කරන්න වගේ වැඩ වලට වෙන් කරන පිරිසද ? දැනට උසස්පෙළ සමත් වෙන අයගෙන් විශ්වවිද්‍යාල වලට සුදුසුකම් ලබන්නේ 20 % පමණ ප්‍රතිශතයක්. මේක විද්‍යා විශයධාරාවේදී ඉහළ අගයකුත් කලා සහ වාණිජ  වලදී පහළ අගයකුත් ගන්නවා. තවත් 10 % ක් පමණ විශ්වවිද්‍යාල පද්ධතියට පිටින් තියන තෘතිය අධ්‍යාපන ආයතන වලට බැඳිලා තමන්ගේ අනාගතේ හදා ගන්නවා.

කොහොම උනත් උසස් අධ්‍යාපනය හදාරන්න සුදුසුකම් තියන 70 % ක් පමණම මේ අධ්‍යාපන පද්ධතියෙන් කෙලින්ම අයින් කරලා දානවා. මේ ඇත්තටම තිබිය යුතු තත්වයක්ද? අධ්‍යාපනය කියන්නේ දිර්ඝකාලින ආයෝජනයක් . මේ අව්රුද්දෙ වියදම් කරපු ටික ඊළඟ අව්රුද්දෙ හම්බ වෙන්නේ නැහැ. ඒකට ටිකක් කල් යනවා. ඒත් ඒ ආයෝජනයේ පොලිය ලැබෙනකොට ලැබෙන්නේ සියක් ගුණයක් වැඩි වෙලා. මේ තත්ව යටතේ උනත් අපි ඉගෙනගන්නවා කියන එකත් පුදුමයක් . වර්තමාන සිසුන්ට මල් තියල වඳින්න ඕන මේ හැම දුකක්ම ඉවසගෙන ඉගෙන ගන්න එකට.

මාගලක් වගේ වෙන හින්ද තවත් ලිපියක් ලියන්න වෙනවා වගේ තමා පෙන්නේ. කට්ටිය බලනවා ඇති අද ඇපල්ට මොනවා වෙලාද කියල. ඒත් මේ දේවල් ලියන්නත් ඕන දැනගන්නත් ඕන. ඇත්ත හැමදාමත් හංගන්නත් බැහැනේ. මේවා ලිව්වා කියල මට වෙඩි තියයිද දන්නෙත් නැහැ.:D ඒත් කියන්න ඕන දෙයක් තියනවනම් කෙලින් කියන ඒක මගේ පුරුද්දක් හින්ද ලියලම දැම්ම. ඊළඟ ලිපියත් හැකි ඉක්මනින් දාන්නම් . එහෙනම් හැමෝටම ජයවේවා...! වාසනා වේවා...!








Tuesday, July 17, 2012

සිසු අපට කෙලවෙයිද ??

අද ටිකක් බරපතල කාරණයක් ගැන කතා කරන්න හිතුන. හැමදාම බයිලා කියන්නත් බෑ වගේ. මේ ලියන්නේ ඇත්තටම අධ්‍යාපනය ගැන අපි දන්නා දේවල් ටිකක්. එත් අපි දන්නා දේ ඇත්තද? නොදන්නා දේවල් මොනවද? මේ විදියට කල්පනා කලොත් අපි දන්නා දේත් නොදන්නා දේවල් බවට පත් වෙනවා වගේ හිතෙනවා. දන්නේ මොනවද කියල හිතෙනවා. ඔන්න එහෙනම් අහගෙන ඉන්නකෝ..
 


1945 දී සැහෙන අරගලයක් කරලා අධ්‍යාපනය නිදහස් සේවයක් බවට පත් උනා.  ඊට පස්සේ කලෙක විශ්ව විද්‍යාල බිහි කිරීමේදී පවා සිසුන් හට නිදහසේ අද්‍යාපනය ලැබීමේ අයිතිය සහතික කලා. එක රජයේ වගකීමක් ලෙස සලකන්න පටන් ගත්ත. මේ හින්ද ඉතාම දුප්පත් දරවන්ට පවා අද්‍යාපනය ලබාගෙන තමන් හිටපු තත්වෙන් උඩට එන්න අවස්ථාව හම්බ උනා.
 


මේ හැම දේකම ප්‍රතිපලයක් විදියට තමයි ශ්‍රී ලංකාව මේ තරම් සාක්ෂරතාවෙන් සහ වෙනත් ගොඩක් පැති වලින් ඉහල තත්වෙක ඉන්නේ. ඉංජිනේරුවන් , වෛද්‍යවරු , ගුරුවරුන් , ලේඛකයන් , ගෘහ නිර්මාණ ශිල්පීන් , ව්‍යාපාරිකයින් , කලාකරුවන් සහ තවත් බොහෝ දෙනා මේ රටට බිහි කරන්න , දායාද කරන්න මේ නිදහස් අධ්‍යාපන ක්‍රමය ඉවහල් උනා. මේ අධ්‍යාපනය පද්ධතිය තුල තියන විශ්ව විද්‍යාල මගින් උපාධිධාරීන් ට ඉහලම අධ්‍යාපනයකුත් පෞද්ගලික අංශය ඇතුළු විවිධ අංශයන් සඳහා ඉහලම දැනුමකුත් දෙන හින්ද ලංකාවේ ඉහලම තනතුරු දරන්නන් සියලුම දෙනා පාහේ මේ අධ්‍යාපන පද්ධතියේ සාඩම්බර දරුවන් කියල අපිට කියන්න පුළුවන්. 
 


ඒ කතාව නම් එහෙම තමා. නමුත් මේ අධ්‍යාපන ක්‍රමය හරිද? මේ ප්‍රශ්නෙට උත්තරේ විදියට අහන්න තියෙන්නේ ලංකාවේ කී දෙනෙකුට තෘතික අධ්‍යාපනය , එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවද? අන්න එතකොට තමා පේන්නෙ මේකේ මොකක් හරි වැරැද්දකුත් තියනවා කියල. කොහොම කිව්වත් නිදහස් අධ්‍යාපනයේ ගුණාත්මක බව සමානව හැමෝටම ලැබෙන්නේ නැති බව ඕන කෙනෙකුට පේනවා.  


අදට මම බොහොම වැදගත් වන ප්‍රකාශයක් ඉදිරිපත් කරලම මේක ඉවර කරන්නම්. මේක කිව්වේ නිදහස් අධ්‍යාපනයේ පිය ලෙස හඳුන්වන කන්නන්ගර මහත්තයා .
" අධ්‍යාපනය යනු කිසිදු ආකාරයකින් එහි අන්තර්ගතය හෝ ඉගැන්වීම් විධි ක්‍රමය පිලිබඳ නියෝග කිරීමක් ලෙස තේරුම් නොගත යුතුය. "

( ඉතුරු කොටස තව ටික දිනකින් බලාපොරොත්තු වන්න. මේ දිනවල ඇපල් අධික ලෙස කාර්ය බහුල වී සිටින නිසා බ්ලොගය පැත්තේ එන්න වෙන්නේ ඉඳහිටය )
 

Friday, July 6, 2012

කුරුළු මිනිහා...

ඔන්න ඉතින් අන්තිමේදී ඇපල් ගේ දොර අතෑරලා ගෙන්දගම් පොළවේ පදිංචි උනා. සෑහෙන ගේමක් දීල එල කිරි පට්ට ලොවෙත් නැති බෝඩිමක් සෙට් උනා. එතන නම් කියල වැඩක් නෑ. අපේ සෙට් එක , හඳයා , පෝලන්තයා , සුදු පුංචා නොහොත් ඇපල් , ඩොටයා සහ පිනා යන ඔක්කොම ඒ බෝඩිමට සෙට් උනා. ආතල් එකේ වැඩක් කරගෙන ඉන්න පුළුවන් තැනක්. තට්ටු තුනේ බිල්ඩින් එකේ තනිකරම ඉන්නේ කැම්පස් කොල්ලෝ . ඉතින් ආතල් විමානයයි. අපි තුන් දෙනෙක් විතරයි මේ දවස් ටිකේ හිටියේ. අනික් උන් දෙන්න දෙන්න තවම අවේ නෑ ඉස්ට්‍රයික් ඉවර නැති හින්ද. ඒකත් මහා කරදරයක් අප්පා . එක්කෝ කියන්න ඕන කැම්පස් වහලා කියල. එහෙමත් නැත්නම් කියන්න ඕන වැඩ කරනවා දැන් වරෙල්ල කියල. මේ වෙලාවට තමා පොඩි කලේ ඉඳන් ඉගෙනගත්ත සුපිරිසිදු සිංහල මතක් වෙන්නේ.  

ඔන්න ඉතින් යන්තම් සෙට්ල් උනා බෝඩිමේ. වැඩත් පටන් ගත්ත. ඔහොම ඉන්න අතරේ එක පාරටම පෝලන්තය කතා කලා .

මචන් අර බලපන්කො වැඩක් ..
' මොකක්ද බන් ?
අර බලපන්කො..

    
අපි ඉන්නේ උඩම තට්ටුවේ හින්ද වටේම පේනවා. හැබයි කිව්වත් වගේ මරු සීන් එකක්. ඔයාලටත් පේනවද මන්ද. ඈතින් පේනවද බාගෙට හදපු ගොඩනැගිල්ලක් ? ඔන්න ඔතන කොල්ලෙක් ඉදගෙන පරවියෝ එලවනවා. මම ඒත් බැලුව මේ යකාට පික්සු හැදීගෙන වත් එනවද කියල. වැඩේ කියන්නේ පරවියෝ කිසි අව්ලක් නැතුව මුගේ ළඟටම එනවා. ඔහොම ටිකක් වෙලා ඉන්නකොට මේකා එතන තිබුන කූඩුවක් ඇරලා අතට ගත්ත පරවියෙක් . එතකොට තමා අපිත් දැක්කේ එතන තියෙන්නේ කූඩු කියල. ඊට පස්සේ පරවියව උඩ විසි කලා. හැබෑටම මේ යකාට නම් පිස්සුම තමා කියල මට හිතුන. එහෙම කුරුල්ලෙක්ව යැව්වම ඌ ඉගිල්ලිලා යනවනේ.

ඔහොම දිගටම උනා. ටිකක් වෙලා යනකොට අර පරවියෝ එකා එකා ආපහු ඇවිත් වහනවා එතන. අපි දවස් දෙකක් විතර බලාගෙන හිටිය. හැමදාම උදේට දවල්ට හවසට මේකා පරවියන්ව නිදහස් කරලා ආපහු කූඩු වලට දානවා. මේක විනොදාන්ශයක්ද එහෙම නැත්නම් වෙළදාමට කරන දෙයක් ද දන්නෙත් නෑ. ඒත් ඒක බලන් ඉන්න ආසයි . දවසක ඒ පැත්තේ ගිහින් බලන්න ඕන හැබැවටම මේකා කරන්නේ මොකක්ද කියල...
( හෙන ගේමක් දීල පොටෝ
එක ගත්තේ. තව පොඩ්ඩෙන් ඒකා දකිනවා මම පොටෝ ගහනවා කියල . පෝලන්තය නම් දැකල තියනවා උගේ අතේ පච්චයකුත් තියනවා. හම්මෝ.... )
 


Wednesday, July 4, 2012

අනේ අම්මපා....


|
|
|
|

අපේ කාලයේ කතාවක්..