Friday, August 23, 2013

IDM ද Eagleget ද ?

දන්නා අය දන්නව ඇති ඇපල් කියන්නේ උදේ ඉඳන් රෑ වෙනකම් මොනවා මොනවා හරි බාගතවෙන්න දාල තියන , බොහොම කලාතුරකින් laptop ඒක වහල තියන කෙනෙක් කියල . හැම තිස්සෙම අන්තර්ජාලෙම ඉන්න කෙනෙක්. වැඩි හරියක් කරන්නෙ ඉතින් අලුතෙන් එන ච්ත්‍රපටි බාන ඒක තමයි . ඒ වගේම බාන්න පුළුවන් හැම දේම බානවා. අපේ රටේ අන්තර්ජාලේ වේගේ අදහාගන්න බැරි තරමට වේගවත් හින්ද 700 MB බාගන්න දවසක් විතර යනව මට

කාලෙක ඉඳන් එක එක ඒවා භාවිතා කරලා කරලා අන්තිමට නතර උනේ IDM ඒක ගාව. මට ඕන කරන හැම පහසුකමක්ම ඒකෙ තිබුන. ඒත් අවුලකට තිබුනෙ මේක නිකම් හම්බ වෙන්නෙ නැති එක . ලංකාවේ අපිට ඕව නම් මොනාද. crack එකක් හොයා ගත්ත දැම්ම . වැඩේ ගොඩ.සල්ලි දීල ගන්න තරම් වත්කමක් නැති හින්ද තමයි මෙච්චර කල් එහෙම කලේ .

කොච්චර උනත් හැමදාම හොරකම් කරන්නත් හොඳ නෑනෙ .එහෙම හිතුනේ අලුත් downloder එක හම්බ උනාට පස්සෙ.මේකේ නම තමයි උඩින්ම දාල තියෙන්නේ. Eagleget. තවම දියුණු වේගන එන එකක්. අවුල් ගොඩක් තියනවා , ඒ උනාට මට හිතෙනවා IDM එකට වඩා මේක ළඟදීම හොඳ එකක් වෙයි කියල. අනික මේක free...free..free...

ඕන නම් ගිහින් බලල පාවිච්චි කරලා බලන්න. මට නම් හිතට වැදුනා . මෙන්න මෙතන තමයි ඒක තියෙන්නෙ.
www.eagleget.com

(පාවිච්චි කරලා අවුල් තියනවනම්  forum එකට දාන්න. එතකොට ඊළඟට එන ඒක හොඳට හදල දෙන්න පුළුවන්නේ...)


Tuesday, August 13, 2013

18 +






හ්ම්ම්...අද මොකක්ද කියන්න හදන කතාව....? එකත් එකටම මොකක් හරි කුප්ප කතාවක් වෙන්න ඇති. එලම තමයි. නැත්තම් මොකටද 18 + කියල දාන්නේ? එහෙම දාල ලියන ගොඩක් පොස්ටු පට්ටම ආතල්. අනිවා කියවන්නම ඕන ඒවගේ ඒවා තමයි. අනික් ඒවා නම් බලන්න කම්මැලි අප්පා....අරෙහෙම එකක් කියෙව්වම නිදිමතත් යනවා . ආයිත් මතක් කර කර හිනා වෙන්න පුළුවන්.

හරියට හරි. 18+ කියල දාල වැඩේ පටන් ගත්ත.මොකක් හරි එකක් ලියන්න ඕන ඒ හින්ද. සුවර් එකටම 18+ දැක්ක ගමන් අනිවා කට්ටිය එනවා මේක බලන්න. කවදාවත් මේ පැත්තටවත් නොඑන උන් එනවා. බලන ගාන වැඩි වෙනවා. කවුන්ටරේ වැඩි වෙනවා කියන්නෙ බ්ලොගේ ප්‍රසිද්ධ වෙනවා.මොකක් හරි ආතල් කතාවක් දාන්න ඕන කට්ටිය ගෙන්නගන්න. 

දැන් කට්ටිය බලනවා ඇති මට නරක වෙච්ච ඇපල් ගෙඩියක් වත් කැවිලද දන්නේ නෑ කියල. එක අතකට එහෙම වෙන්නත් පුළුවන්.මොකද මේ කාලේ හැටියට මොනවා කෑවත් විස වෙන්න තියනවා. එහෙමත් නැත්නම් දකින අයට විස වෙන්නත් තියනවා.

මම ඇත්තටම කියන්න හදන්නේ මම කාලයක් තිස්සේ දැකපු දෙයක් ගැන තමයි. මේ 18+ කියන එක බ්ලොග් වලට ඇවිත් වැඩි කාලයක් නම් නෑ මට මතක හැටියට. ඒත් වැඩේ නැගලම ගියා. එහෙම දැම්මම කට්ටිය බ්ලොග් එක බලනවා කියල තේරුම් ගිය ගමන් කට්ටිය දිගට හරහට මේක පාවිච්චි කරන්න පටන් ගත්ත. 

සාමාන්‍යයෙන් 18+ කියන එකෙන් අදහස් වෙන්නේ වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන එක. කාලෙකට කලින් ලංකාවේ හදපු ගොඩක් සිංහල චිත්තරපටිත් එහෙමනේ..(ඒ ගැන කට්ටිය මට වඩා හොඳට දන්නවා ඇතිනේ..) එහෙම කියල දාන්නේ ඒවායේ නිරුවත් හෝ අඩ නිරුවත් දසුන් අඩංගු වෙන හින්ද. නමුත් ඒවා ඒ තරම් ප්‍රසිද්ධ උනා කියල මම නම් හිතන්නෙ නෑ.

බ්ලොග් කලාවට එනකොට මේ භාෂිතය ටිකක් වෙනස්. බලන කට්ටිය හිතන්නෙ ටිකක් චාටර් සීන් එකක් වෙන්න ඇති කියල. සමහර වෙලාවට එහෙම තමයි. නමුත් ගොඩක් වෙලාවට එහෙමද? එහෙම දාන ගොඩක් පොස්ටු වල එහෙම සිද්ධි තියනවද? මෙන්න මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවා මේවා ඇත්තටම එහෙම එහෙම නම් කරන්න සුදුසුද කියල. 

මමත් මේ ක්‍රමේ අත්හදා බැලුව.ඇත්තටම කියනවා නම් එතෙක් මෙතෙක් කාලයක් වැඩියෙන්ම බලල තියෙන්නේ එහෙම දාපු පෝස්ටු තමයි. කොච්චර බලනවද කියනවනම් අලුතෙන් දාපු පෝස්ටු හින්ද අරව වැහිලා යද්දිත් කට්ටිය එකම හොයාගෙන ගිහින් බලනවා.ඒවාට වැඩියෙන් වටිනා ඒවා තියෙද්දී ඇයි අරවම බලන්නේ? මිනිස්සුන්ගේ රසවින්දනය ඒ තරමටම පිරිහිලාද? එහෙම නැත්තම් වෙන බලන්න සුදුසු ඒවා දැන් කව්රුවත් ලියන්නේ නැද්ද? එහෙමත් නැත්තම් වෙන මොකක් හරි හේතුවක්ද? 


ඔබේ අදහස මොකක්ද?



Sunday, August 11, 2013

හරිම සතුටුයි .

ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ආයිත් ආව බ්ලොගේ ලියන්න. වෙලාවක් තිබුනෙම නෑ පහුගිය දවස් ටිකේ. ඔක්කොම වැඩ ඉවර වෙනකම්ම නොලිය ඉඳලා වෙලාව ආවම ආපහු හොඳටම ලියනවා කියල තමයි හිටියෙ. දැන් හරි. ආපහු ලියන්න පටන් ගත්ත ඕං. කාලෙකින් දැක්කේ නැති හින්ද කට්ටියට අමතක වෙලාද දන්නෙත් නෑ. කමක්නෑ ආපහු මතක් වෙන්න මොනවා හරි ලියන්නම්කො....

පහුගිය කාලේ සිද්ධ උන දේවල් නම් ගොඩක් තියනවා . එත් ඔක්කොම ලියන්න නම් බෑ. එච්චරම පල් හෑල්ලක් ලිව්වොත් මේක බලන කට්ටිය අයිත නොබලා ඉන්නවා කියන එක සියට දෙසීයක් විශ්වාසයි . ගොඩක් යාළුවො අඳුන ගන්න ලැබුන. අඳුන ගන්නවා කියන්නේ නම ගම දැනගන්නවා කියන එක විතරක් නෙමෙයි කියල තේරෙනවා ඇතිනේ.

ඒ ඔක්කොටම වඩා සන්තෝසෙන් ඉන්න කාරනාව තමයි ඊයේ මම මාමා කෙනෙක් උන එක . අනේ...කියල වැඩක් නෑ. සන්තෝසේ කියන්නෙ උඩ පැන පැන නටන්න හිතෙනවා .ඒ තරම් ජොලි. අපේ අක්කට කෙලි පොඩ්ඩියෙක් හම්බ උනා ඊයේ. තවම බලන්න යන්න බැරි උනා මම ගෙදර නැති හින්ද. ඒ උනාට සතුටු නැතුවයි.

දැන් ඉතින් ගෙදර සද්ද බද්ද වැඩි වෙයි. පොඩි එකෙක් ඉන්නකොට ගෙදර තියන අසමගිකම් , අසතුටුකම් , තරහ මරහ මේවා ඔක්කොම දුරිම්භුත වෙලා උර්ධවපාතනය වෙලා යනවා. තැන් තැන් වල හැංගිලා හිටපු හොල්මන් , කුම්භාණ්ඩයෝ ඔක්කොම යනවා. ගෙදර සතුට උතුරනවා. අනේ වාසනාවන්. අනේ වාසනාවන්.