කාලෙක ඉඳන් එක එක ඒවා භාවිතා කරලා කරලා අන්තිමට නතර උනේ IDM ඒක ගාව. මට ඕන කරන හැම පහසුකමක්ම ඒකෙ තිබුන. ඒත් අවුලකට තිබුනෙ මේක නිකම් හම්බ වෙන්නෙ නැති එක
කොච්චර උනත් හැමදාම හොරකම් කරන්නත් හොඳ නෑනෙ
ඕන නම් ගිහින් බලල පාවිච්චි කරලා බලන්න. මට නම් හිතට වැදුනා
www.eagleget.com
(පාවිච්චි කරලා අවුල් තියනවනම් forum එකට දාන්න. එතකොට ඊළඟට එන ඒක හොඳට හදල දෙන්න පුළුවන්නේ...)
ඔන්න එහෙනම් මමත් හොරකම් කරන එක නැවැත්තුව.
ReplyDeleteඅනේ හොඳයි. :)
Deleteමමත් ඉතින් IDM තමයි. දෙයියනේ කියල අවුරුදු කීපයක් පාවිච්චි කළා කිසි කරදරයක් නැතිව. මම නම් හැම මඟුලක්ම බාන්න යන්නෙ නෑ, බෑවා වගේ නෙවෙයි ඕවා තියාගන්න හාඩ් එකේ ඉඩ තියෙන්නත් එපෑයැ. අමාරුවෙන් බාලා ආයෙ බලල ඩිලීට් කරන්න හිතෙන්නෙ නෑ. අනෙක මේ මොබයිල් බ්රෝඩ්බෑන්ඩ් හිඟන පැකේජ්, චුට්ටක් වැඩිපුර වියදම් කරාමනම් සැලකිය යුතු තරමක් බාන්න පුළුවන්.
ReplyDeleteඒක නෙවි, උඹ එස්එල්ටී ලයින් එකක්ද යූස් කරන්නෙ, අර ඉස්සර දීපු අන්ලිමිටඩ් එක. 25 GB එක නම් වැඩක් ම නෑ. 25 පැන්නට පස්සෙ උන්ගෙ මාළු කන්න හිතෙන ස්පීඩ් එකක් තියෙන්නෙ.
Dialog එකක්. අර ඉස්සර 490 ට තිබුන එක? ඒක දැන් අලුතින් ගන්න නෑ. පරණ ඒවා තිබ්බ විදියට තියනවා.
DeleteSLT තියා ටෙලිපෝන් කණුවක් වත් පේන්න නෑ මෙහෙ.හෙන කැලෑවක ඉන්නෙ. :)) ඩොන්ගලෙත් වයර් එකක් දාල ගෙයින් එලියට දාල තියෙන්නෙ.
ස්තුතියි... :)
ReplyDelete:-bd
Deleteමොකක්ද බන් උබේ පැකේජ් එක? 700MB වලට දවසක්!!!
ReplyDeleteමමනම් පැය 2ට 3GB වලට වඩා බානව....
16 KB/s වලින් කොහේ බාන්නද එහෙම.
Deleteඅප්පට සිරි උබට තියෙන්නෙ අර ඩයලොග් 490 අන්ලිමිටඩ් එකක් නේද, ඒකෙන්නම් ඉතින් ෆිල්ම් එකක් එහෙම බාන්ඩ පට්ට කට්ටක් කන්ඩ එපායැ...
Deleteමට නම් ඕවා ගැන අවබෝධයක් නැහැ නේ....
ReplyDeleteඅපොයි. :-/
Deleteට්රයි කරලා බලමු.
ReplyDeleteබලන්න බලන්න. නියමයි.
Delete//උදේ ඉඳන් රෑ වෙනකම් මොනවා මොනවා හරි බාගතවෙන්න දාල තියන // අනේ නිකන් හිටු අපි නොදන්න ඇපල් ! මොනවා හරි බාගතවෙන්න. අනේ මගේ මුඛය මොකටද මේවට... කෙලින්ම කියපන් බාන්නේ වැල කියලා :P :P
ReplyDeleteමේක බලන්න ඕනා ටැංකු වේවා !
අඩෝ මේ අහිංසක මට අපහාස කරන්න නම් එන්න එපා අරී...? X(
Deleteමං නම් වැඩිය ඩවුන්ලෝඩ් කෙරෙන්නෙ නෑ. ඉඳ හිට ඕන වුනාම පාවිච්චි කරන්නෙ downthemall ප්ලගින් එක. ඒකත් නරකම නෑ. තව free download manager එකත් ටික කාලයක් පාවිච්චි කලා.
ReplyDeleteඔන්න මේකත් බා ගත්තා. ඉන්ස්ටෝල් කරල බලමු.. තැන්කු මේ ගැන කිව්වට ඇපල්.
Deleteමම නම් දැන් මේක තමයි පාවිච්ච්චි කරන්නෙ. ගොඩක් ඩවුන්ලෝඩ් කරන්නෙ නැත්තම් උඩින් කියපු ටික කොහෙත්ම අවුලක් නෑ.. :)
Deletemamanam ithin baalaa balillak na :)
ReplyDeleteඅපිට කොහෙද ඔන්ලයින් බලන්න පිනක්. :((
Deleteබුහහා.......
ReplyDeleteමමනම් ඕන කුණුගොඩක් ඉන්ස්ටෝල් කරනවා . මේක ඉන්ස්ටෝල් කරලා ටිකක් කල් වෙනවා දැන්; මාසයක් විතර . ගින්නක් නෑ නේද ?
ඒත් සමහර ලින්ක් සපෝට් වෙන්නේ නෑ .
ඒවා උන් හදන්නේ නැතැයි කාලයක් යනකොට .
දැන් ඒ ගොඩක් අවුල් හරි.
Delete