ටික දවසකට පස්සේ ලියන්න හිතුන මගේ ගම්පළාත ගැන ටිකක්. මෙහෙම හිතුනේ මොකද
කියල නම් දන්නේ නෑ . මේ වෙලාවේ කවි සිතුවිලි පහල වෙනවා සෑහෙන්න. ඉතින් ඒ
කවියක් දිගේ දවල් හීනයක් (ඒත් දැන් නම් රෑ 11.30 යි) බලාගෙන ගිහින් ගිහින්
පරණ කාලේ සිද්දි මතක් වෙලා අන්තිමට මේක මතක් වෙනකොට පැයක්ම ගිහින් දන්නෙම
නැතුව. ෆුහ්හ් කියල වැඩක් නෑ මතක් උනා දේවල් ටික නම්. ඒත් මේ පුද්ගලය ගැන
මතක් උනේ තහනම් අඩවියේ දැකපු පෝස්ටුවක් හින්ද.
හැබැටම කව්ද මේ ඇලපාත මුදලි ? කාටද මේ පුද්ගලයාව අමතක වෙන්නේ නේද. ගජමන්
නෝනා සහ ඇලපාත මුදලි ගැන ලංකාවේ නොදන්නා කව්රුවත් නැතුව ඇති. ඇලපාත මුදලි
ගජමන් නෝනට තමන්ගේ මුළු හදවතින්ම ආදරය කලා . ඒත් දුක හිතෙන වැඩේ කියන්නේ
ගජමන් නෝනා ඒක සත පහකට වත් ගණන් නොගත්ත එකයි. ගජමන් නෝනා දකින්න කලින්
ඇලපාත මුදලි හිටියේ මහණ වෙලා. ඒත් ඉතින් රු සපුවෙන් අගතැන්පත් කොර්නේලියා එහෙම නැත්නම් ගජමන් නෝනා
දැකපු මුදලි සිව්රු හරිනවා. අපරාදේ අන්තිමට එකත් නෑ මේකත් නෑ වගේ වැඩක් තමා
ඇලපාත මුදලිට සිද්ද උනේ. ඒත් ඉතින් මුදලි බොහොම අහිංසක අවංක හද පත්ලෙන්ම
ලව් කලාට වෙන වෙන කරත්තත් ඒ කාලේ සෑහෙන්න පැදලා තියනවා. ( මේක දැකල මට නඩු
දාවිද දන්නේ නෑ අම්මෝ ..... )
මේ තියෙන්නේ මුදලි ගජමන් නෝනට කියපු කවියක් .
චන්ද සූරියා මෙනෙ ළඳෙ නුඹෙ උවන
ඉන්දනීල දෙක වැනි ළමැද එන තන
අන්දකාරයට ඇවූලූ පහන මෙන
කින්ද තනි යහනෙ නිදියන්නේ නෝන
කොහොමද අපේ පැත්තේ හිටපු අය ඒ දවස් වල කියල තියන කවි ? සුපිරි නේ ?
ඕකට ගජමන් නෝනා දුන්නේ මේ වගේ උත්තරයක් .
බැන්ද මගේ හිමි පරලොව ගිය බැවින
නින්ද මෙමට පුරුදුය තනියම යහන
වින්ද රති සැපය මට මතක නැති වුණ
කින්ද තමුසෙට විමසන්න කාරණ
ලාබයි ඇපලුත් හිටි ගමන් ඔහොම කවි කියනවා උනාට කාටවත් ඇහෙන්න කියන්නේ නෑ මොකද ගුටි කන්න වෙන හින්ද අම්බානකට.
දුටුවත් සුර ලඳුන් වගෙ අය මග යනෙන
වනන්නට නොහැක ඔබෙ රුව බිය දැනෙන
තිබුනත් තැඹිලි වැන්නෙන් ලොකු තිසරු රණ
ලාබයි ඇපල් හට වටිනවා ඔහුගේ පන
ඔන්න මම ගියෝ....................!
ඔහ්හ් ඇලපාත මුදලිත් කියල තියන කවි වල හැටි..හිහි.
ReplyDeleteඅපරාදේ ලාබයි ඇපල්ටත් ඒ කාලෙනේ ඉන්න තිබුනේ...එහෙනම් ඔහොම කවි කියන්න තිබුනා
දැන් කියල වෙනසක් නෑ මේ වගෙ කවි කියනවා නිතරම වගේ.
Delete( අයියෝ මගේ චරිතේ ඝාතනය වෙයිද දන්නේ නෑ )
ඇපල් යාළුවා නෑ කිවුවට ගෙවල් පැත්තේ කෙල්ලන්ට මෙහෙම සිංදු කියනව ඇති.. :)
ReplyDeleteඅනේ මම හරි අහිංසකයි මෙහෙම හිටියට :D
Deleteෆට්ට කවී ටික .....
ReplyDeleteඅනිවා..
Deleteගජමන් නෝනාගේ සම්පූර්ණ නම දෝන ඉසබෙලා කොරනෙලියා....
ReplyDeleteඒ දවස්වල මාතර collector විදිහට හිටිට ජෝන් ඩොයිලි ගජමන් නෝනාට crush එකේ හිටියලු :D
ඔව් ගජමන් නෝනට ගම්වරයකුත් දුන්නේ ඒ හින්දනේ...නෝනාගම කියන්නේ ඒ ගමට තමා මට මතක විදියට .
Delete:D ඇලපාත මුදලි පරාදයි නොවැ ! කිව්වත් වගේ රජෝ පරෙස්සමින් කවි සංකල්පනා සද්දෙටම කියවෙන්න පුලුවන්!
ReplyDeleteහෙහ් හේ යන්තම් කට පරිස්සම් කරගෙන ඉන්නවා.. :D
Deleteඇලපාත මුදලි ආයේ ඉපදිලා වගේ :D :D
ReplyDeleteකවිකාරියක් නේද? තරඟෙට කියමුද කවි ?
Deleteඔන්න ඕකනෙ ඇපල් කියන්නෙ. ඒ කාලෙ අය ඔය වගෙ කියන්න තියෙන දේ කෙලින්ම ඇදලා ඇරියම ඒක සාහිත්‍යය. දැන් කාලෙ අපි එහෙම කලොත් කුණුහරප, විනයක් නැතිකම. කාටද කියන්නෙ!
ReplyDeletehenryblogwalker the Dude
ඒක නම් සහතික ඇත්ත. නැත්නම් මම මෙලහකට කවි කීයක් නම් කියලද මෙහෙම. :D
Deleteදුටුවත් සුර ලඳුන් වගෙ අය මග යනෙන
ReplyDeleteවනන්නට නොහැක ඔබෙ රුව බිය දැනෙන
තිබුනත් තැඹිලි වැන්නෙන් ලොකු තිසරු රණ
ලාබයි ඇපල් හට වටිනවා ඔහුගේ පන
හික්ස් .... ඒක වෙන්ටැ ඒව බලල ගෙදර ඇවිත් වනන්නෙ. මම කිව්වෙ කවියෙන් වනන එක ගැන. ;)
නැතුව නැතුව.....
Deleteඑළ කවිය.....
ReplyDeleteඉස්තුතියි ඉස්තුතියි
Deleteඅඩේ.. බය නැතුව කියලා බලපන් මචෝ. නරකක් වෙන එකක් නෑ. ඇයි බොල මෙහෙම අපූරුවට කවි වලින් රුව වනණ එකෙකුට ගහයිද එහෙම.අපූරු කයිය බොල.ජය...!
ReplyDeleteකියන්නට හැකිය මෙලෙසට රුව වනලා
Deleteඑහෙත් බිය දැනෙයි දුටු විට වත කමලා
හයියක් ආවොතින් කියනට කවි ගොතලා
කියනව හොඳ එකක් ඉදිරියටම පැනලා
කෙල්ලන්ට ඕව කියන්න ගිහින් ඝාතනය වෙන්න වෙයි කියල බයයි නොවැ. හොහ් හොහ්
ඒ කාලේ හිටියා නම් ඇලපාත මුදලි ට ෆයිට් එකක් දෙන්න තිබුණා නොවැ? අපරාදෙ!
ReplyDeleteඅනිවා මොනවද මේ කතා :D
Deleteමුදලිත් ඉතින් අපේ වංශෙනේ නේද??? :) :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හ්ම්ම් හ්ම්ම් නැතුව නැතුව
Deleteඇලපාත මුදලි පරාදයිනේ ඇපල් කවියට
ReplyDeleteජය ජය
පින් සිද්ද වේවා....හෙහ් හෙහ්
Deleteවනනට පියකරුය සුදු සුකොමල උවන අගේ
ReplyDeleteකියනට සිත්කළුය මුදු සියුමැලි වතේ අගේ
ලබනට පියකරුය හුදු සිතුවිලි වුව ඈගේ
කිවුකට නොලදිය මුදු සියුමැලි පහසේ අගේ
වැනුවත් ඇගේ පියකරු සුකොමල උවන
Deleteවත සිත්කලුය කිව්වත් හැමදෙන දකින
පියකරු උවත් හුදු සිතුවිලි ඇය දකින
පහසක් ලබන්නට තවමත් මදිලු පින
අපූරු කවිය නොවැ....අදමයි මේ අහ ආවෙ...ආයෙත් එන්නට හිතුනා....හිහි
ReplyDeleteඑන්න එන්න දිගටම එන්න. :)
Deleteඇලපාත මුදලි හිටියෙ,, ඔය රත්නපුරේ පැත්තෙ තියන ඇලපාත නේද??
ReplyDeleteඔව් , අපේ ගෙට ටිකක් එහායින් තමා ඇලපාත වලව්ව තියෙන්නේ.... ටිකක් කිව්වට හැතැප්මක් විතර තියනවා.
Deleteසමහර විට අලපාතගේ පුනර්භවයක් ද දන්නේ නෑ!!
ReplyDeleteජය වේවා!!
අපොයි මම මුදලි වගේ කරත්ත පදින්නේ නෑනේ.....
Deleteඅදමයි මෙහෙ ආවෙ එනමුත්
ReplyDeleteඅන්තිම කවිය නම් පස්ටය.... ජය!
සාදරයෙන් පිලිගන්නවා. ඉස්තුති වේවා...
Deleteඇලපාතයි කොරනේලියයි දෙන්න තකට තක...
ReplyDeleteහැබැයි ඉතිO ඇපලුත් එවට දෙවනි නෑ වගේ...
ඔන්න අදමයි මේ ඇපල් වත්තට පෑයුවේ. පහුගිය කාලෙ ගොඩක් ඇපල් නෙලලනෙ. හෙමීට ටිකින් ටික රස බලන්න ඕනෙ.
මුදලිට තරම් නියම වචන මට මතක් වෙන්නේ නැති එක තමා අව්ලකට තියෙන්නේ. :((
Deleteපායන්න හැමදාම . ජයවේවා...