2013 ජුලි 21 ඉරිදා මවුබිම පත්තරේ තියන ලිපියක් ඇසුරෙන් තමයි මේක ලියන්න හිතුනේ. අනු එදිරිසිංහ තමයි ලිපිය ලියල තිබුනෙ. මේක කියෙව්වම මට මේක අත්හදා බලන්නම හිතුනා. කෝකටත් තව ඩිංගක් හිතල බලන්නත් ඕන.මාතෘකාවදැක්කම කට්ටිය හිතනවා ඇති ඇත්ත තමයි කියල. මොකද මේ කාලේ දේශීය දේවල් හරියට අගය කරනවනේ
මදැයි ඒ ගැන කතාව.නැත්තම් තව ටිකක් වෙලා යනකොට පොලිසියෙන් ඇවිත් මාව අරගෙන යයි කසිප්පු පෙරුවා කියල. දේශීය වෛද්‍ය වොෂින්ටන් නානායක්කාර මහත්තයා ගේ අදහසට අනුව නම් කසිප්පු කියන්නෙ ඉතාමත් හොඳ , උසස් තත්වයේ ඉන්ධනයක්
රසායන විද්‍යාව කරන අය නම් මේක දැක්ක ගමන් අඳුනගනී
එතනෝල් කියන මේ ඉන්ධනය පෙට්‍රෝලියම් එක්ක කලවම් කරලත් පාවිච්චි කරන්න පුළුවන්. දැනටත් ලෝකේ සමහර රටවල් වල මේක පාවිච්චි කරනවා ඉන්ධනයක් විදියට.ඉස්සරම වාහන හදල තියෙන්නෙ එළවලු තෙල් වලින් දුවන්න. (වෙලාවට දැන් එහෙම නැත්තේ. නැත්තම් කාන්තාවන්ගෙන් තමයි පලවෙනි විරෝධය එල්ල වෙන්නෙ
(වැඩි විස්තර මෙතනින් බලන්න. )
දැනට ලෝකේ භාවිත කරන්නෙ පොසිල ඉන්ධන.ඒ කියන්නෙ අවරුදු මිලියන ගානක් තිස්සේ සත්ව ශේෂයන් සහ තවත් ශාක යනාදිය අධික පීඩනයක් සහ යම් උෂ්ණත්ව යටතේ තමයි හැදිල තියෙන්නෙ. දැනට අපි පාවිච්චි කරන්නෙ මෙහෙම සැහෙන කාලයක් තිස්සේ හැදුනු ඒවා. යන විදියට මේ ඉන්ධන අවරුදු පනහක් වත් පවතින එකක් නෑ
අපිට පුළුවන් නම් මේ කසිප්පු මත්ද්‍රව්‍යයක් විදියට භාවිත කරන්නෙ නැතුව මේ විදියට පාවිච්චි කරන්න , කොච්චර නම් දියුණුවක් ලබාගන්න පුලුවන්ද. මේ විදියට ඉන්ධන හදන්න ඉවතලන බත් පවා ප්‍රයෝජනයට ගන්න පුළුවන් . ඉවතලන පළතුරු , සිනි හදල ඉතුරු වෙන උක්ගස් වල රොඩ්ඩ මේ හැම එකකින්ම අපිට එතනෝල් හදන්න පුළුවන්. මේ හදන ඒවා පිරවුම් මධ්‍යස්ථාන වලට යවන්නත් පුළුවන්. කොච්චර උනත් මේක බඩේ ඉන්න පණුවන්ට ඉන්ධනයක් විදියට දෙන අයත් ඉන්න හින්ද එහෙම කරන්න බැරිවෙන්න මොනවා හරි කලවම් කරන්න වෙනවාමයි. නැත්තම් අපේ අයියලාගෙන් බේරගන්න විදියක් නැතිවෙයි
ඔන්න ඔහොමයි දරුවනේ කසිප්පු මසුරන් හා සමාන වෙන්නේ...
ubata suba na gathayak thama bn tiyenne :P
ReplyDeleteහොම්බට දෙන්නේ දැනගනු. මාමට කිව්වොත් උබ ඉවරයි :)] . හරි...?
Deleteමට මතක් වෙන්නෙ කොලඹ සන්නිය Film එකෙ රා වලින් දුවපු Car එක....
ReplyDeleteඒකෙ එහෙම එකක් තිබුනද...? මට මතක නෑනේ. අයිත බලන්න ඕන එහෙනම්. :)
Deleteඇයි බං තෙල් ඉවර උන වෙලාවෙ පොඩි එක රා මුට්ටියකට කැටපෝලෙන් විදල ගන්න රා දාල Car එක පාර පුරාම යන්නෙ...
Deleteතෙල් වෙනුවට නෙමෙයි, රේඩියේටරයේ වතුර වෙනුවට නේද රා දැම්මේ
Deleteහිහි මටත් මතකයි...
Deleteඅයියෝ සිරා අයියත් කසියා පොස්ට් එකක් ලියලා. කසියා හොද ඉන්දනයක් මම දන්නා කාලෙනම් (2005 වගේ) කසියා කාලක් 70 වගේ ගියා දැන් උද්දමනයත් එක්ක කියක් වෙයි ද? එහෙම බලනකොට පෙට්‍රල් ලාබයි
ReplyDeleteමේක මහා පරිමාණයෙන් කරනවානම් සැහෙන ලාබයි.
Deleteඅන්න එහෙම බඩේ ගාවන් නැතුව වැඩකට ගන්ඩ පුලුවන් වෙන්ඩ ඕව හැදුවනම් ගෙදර උන්දැලා සතුටු වේවි. ඒත් හදිසියෙ බොන්ඩ හිතුන වෙලාවට පොඩඩ්ක් ඉිතුරු කරන්ඩ වෙයි හොඳවැයින්.මේ දවස්වල කසියා නැගලම යනවා වගේ. මේ සරා කොලුවත් දාලා තියෙන්නේ කසිප්පු ගැන.
ReplyDeletehttp://siragekamare.blogspot.com/2013/09/blog-post_10.html
ඒ වගේ තමා... ;)
Deleteමම කසිප්පු ගැන ලියද්දි තවත් උන් ඒ ගැන ලියලනෙ බොලේ...
ReplyDeleteලියන්න හිතල සෑහෙන කල්. එත් බාගයක් ලියල කම්මැලිකමට නවත්තල තිබුනෙ. ඊයේ පොඩි ගැම්මක් ඇවිත් ලිව්වා. :)
Delete// කොච්චර උනත් මේක බඩේ ඉන්න පණුවන්ට ඉන්ධනයක් විදියට දෙන අයත් ඉන්න හින්ද එහෙම කරන්න බැරිවෙන්න මොනවා හරි කලවම් කරන්න වෙනවාමයි. //
ReplyDeleteනැත්තම් හැමදාම නිව්ස් වලට කියයි...." අද අහවල් කෂියා ශෙඩ් එකට බේබදු ප්‍රහාරයක් එල්ල වී ඇත,..""" කියලා =))
එහෙනං කෂියත් හොඳ ඉන්ධනයක් තමයි ඈ :D
ඔය පැත්තේ නම් සෑහෙන්න තියෙනවා(ලු) නෙහ්...? :P
Deleteකොහොමද පෙට්‍රල් ෂෙඩ් එකට ගිහින් කියනකොට 'ළමයා වාහනේට ලීටර් 10 යි මට බෝතලේකට ලීටර් බාගයයි' කියලා. කාටද ආඩම්බර. ලෝකයේ වෙන කොයි රටේද ඒ පහසුකම තියෙන්නේ?
ReplyDelete:-))
Deleteසහතික ඇත්ත. :))
Delete@දිලිනි :
Deleteමොකෝ මේ...? බාගයක් වත් ගැහුවද? :P
කතාව ඇත්ත. හොඳ ඉන්ධනයක් නේන්නං.
ReplyDeleteප්‍රතිශතය නං 40ක් වගේ ඇත්තෙ මං හිතන්නෙ.
මම අහල තියන හැටියට නම් ඊට වඩා තියනවා.ප්‍රමිතියක් නෑනේ...
Deleteතෝ මරියානා බල්ක්ක
ReplyDelete:-/
Deleteමෙයිට කලින් සිරාගේ ලිපිය කියවලා ආවේ. එතනක් කසිප්පු මෙතනත් කසිප්පු. මචෝ ඇපල් දාලා පෙරුවාම නියමයිලු. අහුවුණොත් උඹවත් තම්බයි ඇපලෝ. අර ලිපිය ලියූ අනුරාධ එදිරිසිංහ මගේ ගජයා. ඕකා ලියන්නෙම ඔය වගේ කතා තමා.
ReplyDeleteඅපොයි මම නම් ඕවට නෑ ඕං...මව තම්බන්න අවොත් එන එකාට දෙවි පිහිටයි. :))
Deleteවැඩේනම් නියමයි...මහා පරිමානෙන් නිපදවන එක කොච්චර ප්‍රායෝගිකද?
ReplyDeleteඅන්න ඒක තමයි පුරස්නේ...
Delete