ඔන්න කොහොමින් කොහොමින් හරි දෙවෙනි උපන් දිනෙත් පහුවුනා.අද නෙමෙයි ඊයේ තිබුනෙ. ඒ කියන්නෙ 2011 - 11 - 11 වෙනිදා පටන් ගත්ත මේ බ්ලොග් පැටියා ට දැන් අවරුදු දෙකක් වෙනවා
අවරුදු දෙකක් කියන්නෙ මහා ලොකු කාලයක් නෙමෙයි.නමුත් බ්ලොග්කරණයේදී නම් අවරුදු දෙකක් කියන්නෙ දැනුම් සම්භාරයක්. මිතුරන් මහා ගොඩක්. ඒ වගේම තමයි සතුට දුක බෙදාගන්න අම්බලමක්. ලෝකේ කොහේ හිටියත් මෙතැනදී අපි හැමෝම හම්බ වෙනවා. හම්බ වෙලා එක එක්කෙනාට සිද්ධ උන ජොලි සිද්ධි දුක සිද්ධි අත්දැකීම් බෙදාහදා ගන්නවා.
මට ඒ කාලෙ ඉඳන්ම මගේම කියල වෙබ් අඩවියක් හදාගන්න උවමනා වෙලා තිබුනා. ඒ කාලේ මම බ්ලොග් ගැන දන්නේ නෑ
මෙතැනදී හම්බ උන මිතුරන් කැල , මිතුරුකම , සුහදකම සෑහෙන්න වටිනවා. මේ බ්ලොග් කරන අයගෙන් මම පෞද්ගලිකව අඳුනන අය ඉන්නෙ දෙන්නයි එහෙම නැත්නම් තුන් දෙනයි. නමුත් ඇපල් නමින් මා හඳුනන අය ඕන තරම් අන්තර්ජාලයේ ඉන්නවා
සමහර කාල වලට මාසෙකට එක පෝස්ටුවක් විතරක් දාපු කාලවලුත් තිබ්බ. ඒකට සමාව ඉල්ලලා පෝස්ටුවක් දැම්මම මට බැනගෙන බැනගෙන යන අයත් ඉන්නවා
ඇත්තටම කියනවනම් මම ඊයෙ තමයි මේක දාන්න ඕනා කියල හිතාගෙන ආවෙ. බෝඩිමේ ඉඳන් ගෙදර ඇවිත් හොඳට නිදාගෙන ඇහැරලා තිබුන වැඩ ටික කරද්දී මට ඉබේම අමතක වෙලා ගියානේ...බලන්නකෝ එකෙත් හැටි. මගේ යාළුවො මගේ මතක ශක්තියේ විශිෂ්ටත්වය ගැන එක එක ඒවා කියන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ බලාගෙන යනකොට
එහෙනම් මෙන්න මම ඇත්තටම උපන් දිනෙක කරන්න කැමති දේ...
මට ජයවේවා.....!
ඒ කියන්නේ මම ඔබට වඩා මාසයකුත් දවස් තුනක් බාලයි :D මම එහෙම කිව්වේ මගේ බ්ලොග් එක පටන්ගත්තේ 2011 දෙසැම්බර් 15 නිසා. මා හිතනවා ඇත්ත වශයෙන්ම ඔබ සාර්ථක ගමනක් යනබව බ්ලොග් ලෝකය තුල. දීර්ඝ කාලීන සාර්ථක ඉදිරි ගමනකට මගෙන් උණුසුම් සුබපැතුම්.
ReplyDeleteතුති වේවා...! පුළුවන් තරම් කාලයක් ලියන්න තමයි බලාපොරොත්තුව.
Deleteමමත් බාලයි. මාසයයි දවස් 19ක්. මම පටන් ගත්තේ 2012 ජනවාරි පළවෙනිදා.
Deleteමම 2012 ජූනි 10 අද වගේ මතකයි ඒ දිනය
Deleteඔන්න අපෙනුත් සුබ පැතුම්! අපි නම් තාම අතදරුවො එහෙම බැලුවොත් :D
ReplyDeleteස්තුති...! අතදරුවෝ තමයි කාලයක් යද්දී වැඩිහිටියෝ වෙන්නෙ. ඒ හින්ද ඔබත් දිගටම ලියන්න.:)
Deleteඅවුරුදු දෙකක් කියන්නේ බ්ලොග් එකක් පැත්තෙන් සෑහෙන ලොකු කාලයක් බං.. සුභ පැතුම්..
ReplyDeleteඒ උනාට මට තවම එච්චර කාලයක් කියල හිතෙන්නෙ නෑනෙ.
Deleteඉස්තුතියි ඉස්තුතියි. ;)
අපි දෙන්න එක කිට්ටුව බ්ලොග් පටන් අරන් තියෙන්නේ. මම 2012 ජනවාරි පළවෙනිදා. හැබැයි මම පොස්ට් 250 ක් පන්නලා දාල තියෙනවා. ඒක ඉතින් එකෙක් එක්ක්කෙනාට වෙලාව ඉතිරි වෙන හැටියට නේ. ඉති එහෙන අවුරුදු දෙකට සුභ පැතුම් !!!! දිගටම ලියන්න. මාසෙකට පහක් වත්.
ReplyDeleteපුළුවන් තරම් ලියන්න බලනවා ඉස්සරහට. කාල වේලාව තියන හැටියට තමයි. :)
Deleteසුබ පතනව..රජ වීදිය අපිත් එනව එහෙනම් ඇපල් කන්න..
ReplyDeleteඑන්න එන්න. සාදරයෙන් පිලිගන්නවා... B-)
Deleteමාත් ජයවේවා කියුවා
ReplyDeleteතුති වේවා.... ;)
Deleteතව තවත් ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා පතනවා.
ReplyDeleteඑල එලස් !
ස්තුති වේවා....! O:-)
Deleteආ..............ආ................
ReplyDeleteසතුටුයි මල්ලී..
නියමයි ඈ.....
ලියමු දිගටම
අපි හිටියොත් එනවා කියවන්න..
මගෙනුත් සුභ පැතුම් ,,.. තව රස රස ඇපල් වැටේවා..!
එල එල...බලමුකෝ එන විදියකට....
Deleteතුති වේවා.... :)
සුභ පැතුම් මලයො...මෙදා පොටේවත් ලියහං හැටට හැටේ...
ReplyDeleteඑල එල. බලමුකෝ බලමුකෝ... ;)
Deleteප්‍රමාදවෙලා හරි මලයට සුබපතන්න ඔන්න මමත් එකතුවෙනවා.
ReplyDeleteඑහෙනම් ... යමු ඉස්සරහට. =D7 =D7 =D7 =D7 =D7 =D7
සෑහෙන කාලෙකට පස්සෙනේ..?කොහෙද හිටියේ? ස්තුති වේවා. :)
Deleteසාර්ථක ඉදිරි ගමනකට මගෙන් උණුසුම් සුබපැතුම්
ReplyDeleteස්තුති වේවා...! :)
Deletesuba pathum apple !!
ReplyDeleteසෑහෙන කාලෙකට පස්සෙනේ දැක්කෙ. මම හිතුව අතුරුදන් වෙලාදෝ කියල . :-t
Deleteතුති වේවා....! :)