දරුවෙක් ඉපදුන වෙලාවේ ඉඳන් අම්මල තාත්තල කොච්චර නම් සතුටු වෙනවද? ඒ දරුවා වෙනුවෙන් තමන්ගෙ නිදහස, මුදල් , කාලය , සමහර වෙලාවට ජිවිතේ උනත් දෙන්න දෙමාපියන් සුදානම්. ඒ දරුව හිනා වෙනකොට කොච්චර නම් සතුටක් දැනෙනව ඇතිද? අපිට ඒ අත්දැකීම නැතිවෙන්න පුළුවන්. ඒ උනත් හිතල බලන්න පොඩි දරුවෙක් හිනා වෙනව දැක්කම අපිට උනත් කොච්චර නම් සතුටක් ඇති වෙනවද? එහෙනම් දෙමාපියන්ට දැනෙන සතුට ගැන කියන්න දෙයක් නෑනෙ? ඊට වඩා වෙන සතුටක් දෙමාපියන්ට නැතිව ඇති.
කාලයක් යනකොට මේ දරුව ටක ටික දනගාන්න පුරුදු වෙනවා. ඒ කාලෙට කොයි වෙලාවේ බැලුවත් පොඩි එකා හදන්නේ මොකක් හරි දෙයක් අල්ලාගෙන නැගිටින්න. තමන්ගෙ ලෙයින් මසින් ඉපදුන දරුව මෙහෙම හපන් වෙනකොට සතුටු නැද්ද. ඔහොම ගොහින් ගොහින් දරුව පෙර පාසල් යන්න පටන් ගන්නවා. මේ වෙනකනුත් දරුව දන්නේ නෑ තමන් මොකක්ද කරන්නේ කියල.
ඔහොම ගිහින් මේ ළමය සාමාන්‍ය පෙළත් කරලා ඉවර වෙනවා. කොච්චර කොහොම උනත් තවම මේ ළමය හිතන්නේ නෑ ඇයි මේ හැමදාම ඉස්කෝලේ යන්නේ කියල. පොඩි හැඟීමක් තියනවා අනාගතේ වෙන්නේ කව්ද කියල. ඇහුවම කියනවා මම වෙන්නේ දොස්තර කෙනෙක්, මම වෙන්නේ ඉංජිනේරුවෙක් , මම වෙන්නේ පයිලට් කෙනෙක් කියල. එත් එතනට යන්නේ කොහොමද කියන එක දරුවට කිසිම තැනකින් හරියට පහදලා දෙන්නේ නෑ.
මෙන්න මෙතනින් පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ . ළමය හරිම කැමතියි සංගීතේ කරන්න. සෞන්දර්ය විෂයන් වලට. එත් ගෙදරින් මොකද කියන්නේ?
" ඕව කරල ඉස්සරහට ජොබ් නෑ. ඒ හින්ද බයෝ කරන්න. "
" අපි කැමති ඔයා ඉංජිනේරුවෙක් වෙනවට. අපි කැමති නෑ කලාව කරනවට. අනික අපි දෙන්නම මෙච්චර ලොකු රස්සාවල් කරන්නේ. අනික් අයට කොහොමද කියන්නේ අපේ ළමය කලාව කරනවා කියල. "
" අපිට ඉගෙන ගන්න බැරිවුනා. ඔයා අපිට වඩා උඩ තැනකට යන්න ඕන. ඒ හින්ද ඔයා maths කරන්න. "
" බලන්න පුතේ,දැන් තාත්ත බිස්නස් කරාව. ඔයා තමයි ඕව ඔක්කොම අනාගතේදී බාර ගන්න ඉන්නෙ. ඒ හින්ද වාණිජ කරන්න. "
බලන්න මේ දරුව කොච්චර නම් අමාරුවකද වැටෙන්නේ කියල? නිකමට හිතල බලන්න . සමහර අයට මේ අත්දැකීම ඇති. තමන් කැමති දේ දිහා බලාගෙන අකමැති දෙයක් කරන්න යනකොට, තමන්ට දක්ෂතාවක් නැති දෙයකට බලෙන්ම ඇදලා දානකොට කොච්චර මානසිකව වැටෙනවද? උපන් දවසේ ඉඳන් හැමදේම කැප කරලා ආදරෙන් හදපු ළමයව එක පාරටම වලට ඇදල දානවා.
ඒකත් අවුලක් නැතුව තමන් දක්ෂ දේ කැමති දේ කරගත්ත කියමුකෝ. ඔන්න විශ්ව විද්‍යාලෙටත් යනවා හොදට සමත් වෙලා. දැන් මේ දරුවාගේ කල වයසත් හරි. ඊට පස්සේ ඔන්න ගෙදරින් හොයන්න පටන් ගන්නවා ගැලපෙන කෙනෙක්. ඒත් මේ දරුව කැමති කෙනෙක් ඉන්නවා. තමන්ගෙ අධ්‍යාපන මට්ටමට තවම ඇවිත් නෑ. ඒත් කවද හරි උසස් තැනකට එන්න පුළුවන්. දෙන්නට දෙන්න ආදරෙයි. එත් ගෙවල් වලින් කැමති නෑ. හේතුව? දෙන්නගේ රැකියා මට්ටම් වල වෙනස. මේ වෙලාවේ කව්ද අසරණ වෙන්නේ? තමන් අකමැති කෙනෙක් එක්ක ගිහින් මුළු ජීවිතේම අපායක් කරගන්නවද එහෙම නැත්නම් තමන්ගෙ ජිවිතේ හරි පැත්තට යාගන්න දෙනවද? දෙමාපියන්ගේ සතුට වෙනුවෙන් දරුවාව අපායකට දානවද? එහෙමත් නැත්නම් තමන්ගෙ මහන්තත්වය සහ සාම්ප්‍රදායික හණමිටි අදහස් වලින් වෙන් වෙලා තමන්ගෙ දරුවාගේ තීරණ දිහා පොඩ්ඩක් කල්පනාවෙන් බලනවද?
දෙමාපියන්ගෙ සපත්තු දරුවන්ට හරියටම ගැලපෙනවද ??
( මගේ මිතුරියකට සිදුවුණ දෙයක් නිසා මෙහෙම ලියන්න හිතුනා. ඒ අතින් මම කොච්චර වාසනාවන්තද කියලත් හිතුනා. )
ඒ අතින් බලද්දී අපි වාසනාවන්තයි.අපේ දෙමවුපියෝ අපිට අනිසි බලපෑම් කලේ නෑ
ReplyDeleteමටත් එහෙමයි. ඒත් අසරණ වෙන ය කොච්චර නම් මේ රටේ ඉන්නවා ඇද්ද.
Deleteඉඳල හිටලා ඇවිල්ල ඇපල් ගෙඩියක් කාලා ගියාට ඕන් අද තමයි කොමෙන්ටුවක් දැම්මේ.... :D
ReplyDeleteතුති වේවා...!!! :)
Deleteවෙච්ච දේවල් වෙලා ඉවරයි බං... අනාගතේ මේක හදන්න පුළුවන් හොදම සෙට් ඒක අපි...
ReplyDeleteවෙලා ඉවර නෑ.තවමත් වෙනවා. ඒක තමයි දුක හිතෙන කතාව. අපිත් ඒ කාලේ වෙනකොට මෙහෙමම හිතයිද කියන එක තමයි ප්‍රශ්නේ.
Deleteඅපිටත් හොද වෙලාවට කිසි බලපෑමක් ආවේ නෑ.. ඒ ගැන ඇත්තටම සතුටු වෙනවා..
ReplyDeleteසතුටු වෙන්න පුළුවන් එක ගැන නම් සතුටුයි. වාසනාවන්ත දෙමව්පියන්. :)
Deleteතමන්ගෙ මහන්තත්වය සහ සාම්ප්‍රදායික හණමිටි අදහස් වලින් වෙන් වෙලා තමන්ගෙ දරුවාගේ තීරණ දිහා කල්පනාවෙන් බලන්න ඕන කාලය ඇවිත් කියලා මටත් හිතෙනවා .දෙමව්පියන්ගේ පැත්තෙන් ඔය ගැන ටිකක් දුරට කතිකාවතක් ගොඩ නගා ගත්තොත් ඔවුන්ගේ ජීවිත ඇතුලේ ළමයෙකුට එහෙම බලපෑමක් කරන්න සාදාරන හේතු තියෙන්න පුළුවන් ,නමුත් එහෙමයි කියලා දරුවෙක්ගේ ජීවිතයක් අඳුරු කරන එක නම් වැරදියි .අදාළ කෙනා ගැන හොයා බලලා තීරණයක් ගන්න ඔවුන්ට යුතුකමක් තියනවා .තමන්ගේ දරුවා වෙනුවෙන් !
ReplyDeleteතමන්ගේ දරුවා එච්චර කල් බොහොම හොඳට බලාගෙන තමන්ගේ හිනා දරුවන් මතින් ඉටු කරගන්න හදන එක ඇත්තටම වැරදියි.
Deleteමමත් මොනතරම් වාසනාවන්තද කියලා හිතෙන්නෙ ඔහොම වෙලාවට. :) අපේ අම්මලාත් කවදාවත් එහෙම බලපෑම් කලේ නෑ... ඒත් මම දන්න යාලුවොත් හිටිය ඔය වගේ අම්මලාගෙ අරමුණු වෙනුවෙන් ජීවිතේ පරදුවට තිබ්බ.
ReplyDeleteඑක අතකට ඒ දෙමාපියන්ගේ මට්ටම ගැන දුකත් හිතෙනවා. :(
Deleteබොහෝ දෙමව්පියන් තමන්ට අතපහු වෙච්ච දේවල් තමන්ගේ ළමයින් ලවා කරවන්න උත්ස්සාහ ගන්නවා මම දැකල තියෙනවා. මගේ ළමයා නම් ඒ කිසිම දෙකට කැමැත්තක් නෑ. මම හිටපු ගමන් අහල බලනවා අරව කරනවද?, මේවා කරනවද? කියලා ඒත් කෙලින්ම බෑ කියනවා. ඉතා හොඳ පොස්ට් එකක්.
ReplyDeleteබොහොම ඉස්තුතියි.... :)
Deleteඇත්තටම මම වාසනාවන්තයි එහෙනම්....මට ඕනෙ දේ මම ආස දේ මගෙ අම්මයි අප්පච්චියි කරන්න ඉඩදීපු නිසා......^_^
ReplyDeleteඑහෙම දෙමාපියන් ලබන්න පින් කරන්න ඕන. ;)
Deleteඒ අතින් අපි ගොඩක් වාසනාවන්තයි.. ගෙදරින් කවදාවත් බලකලේ නැහැ මේ කෙනාම වෙන්න ඕනයි කියලා. හැකියාවන් අනුව යන මාර්ගය පෙන්නුවා. අදටත්.. ඒත් මගෙ යාළුවන් කීපදෙනෙක් ඉන්නවා අද දෙමාපියන්ගෙ කීමට විවාහවෙලා, ඒ හීන හැබෑකරන්න ගිහින් ජීවිතේ වැරදුන.. දෙමාපිය දරුවන් සම්බන්දතාවක වර්තමාණ සමාජයේ කතාකල යුතු පැතිකඩක්..! :)
ReplyDeleteඅනිවාර්යයෙන්ම. එත් ඒ ගැන කතා කරන්න අපි පටන් ගත්තොත් එක මහා ලොකු වැරද්දක් විදියට දකින ය තමයි වැඩිපුරම සමාජේ ඉන්නේ. [-(
Deleteඔව් සමහර දෙමව්පියන් දරුවන්ට බලපෑම් කරනවා.එයාල හිතන්නේ එයාල තමයි හරි කියල. ළමයට හොදක් කරන්නේ කියල හිතා ගෙන අන්තිමට බලද්දී එකෙන් වෙලා තියෙන්නේ දරුවා අසරණ වෙන එක. හරි පව් ඉතිං. මොනා කරන්නද හැමෝම එක වගේ හිතන්නේ නෑනේ. එහෙම වුනානම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙයිද.....
ReplyDeleteඒ අතින් අපි හරි වාසනාවන්තයි. කවදාවත් මොකකටවත් බලපෑම් කරලා නෑ....
ඒ වෙලාවේ ඇත්තටම හිතන්නේ ළමය ගැනද නැත්නම් තමන්ගෙ තත්වය ගැනද කියන එක ප්‍රශ්නයක්. :-B
Deleteහ්ම්ම්..මටත් කවමදාවත් කාගෙන්වත් අනිසි බලපෑමක් ඇවිත් නෑ. එහෙම උනානම් තත්වේ මිට වඩා ගොඩක් වෙනස් වේවි.
ReplyDeleteඇත්තටම ඒක අහන්නත් සතුටුයි. :)
Deleteවැඩිහිටියන් බොහොමයක් අතර තිබෙන මෝඩ සිතුවිල්ලක් තමයි 'ළමයා කියන්නේ පුංචි මිනිහෙක්' කියලා හිතන එක. ළමයා ළමයෙක් හැටියට දකින්නේ පළමුවැනි වසර සඳහා පාසලට ඇතුළු කරනතුරු පමණයි. අනේ ඊට පස්සේ මෝඩ දෙමවුපියෝ ඒ ලමයව මරලා ඒ ශරීරය හා මනස තුලින් පුංචි මිනිහෙක් හදන්න යනවා. ඉතින් අර ළමයා මැරිලා යකෙක්, මළමිනියක්, අරමුණක් නැති, සමාජයට වෛර කරන අපිස් ජීවිතයක් හැදෙනවා. ඒ වගේ අපිස් ජීවිත ගොදුරු කරගන්න කුඩු, ජරා ගීත, ජරා ටෙලිනාට්‍ය, බලා ඉන්නවා. අන්තිමට අම්මලා තාත්තලා උන්ගේ අම්මලාට ...නෙනවා. දරුවෝ අයාලේ යනවා. සමාජ විරෝධී ජීවිත ඉස්මතු වෙනවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මට කියන්න ඕන කරලා තිබුන දෙයක් හරියටම කියල තියෙනවා. වචන හරියට ගලපගන්න බැරුව හිටියේ. මට හිතෙන විදියට සමාජේ තිබෙන ගොඩක් අවමන් සහගත චරිත මතුවෙලා තියෙන්නේ ගොඩක්ම දෙමාපියන්ගේ වැරදි නිසා. එහෙම නොවන අවස්ථාත් තියෙනවා.
Deleteබහුතරයක් දෙමාපියො උත්සාහ කරන්නෙ තමන්ගෙ දරුවා වෛද්‍යවරයෙකු නැතිනම් ඉංජිනේරුවෙකු කරන්න...අන්න ඒ නිසා තමයි අපේ සමාජයේ මේ තරම් රැකියා අතර ආදායම් බේදයක් තියෙන්නෙ.
ReplyDeleteදියුණු රටවල දරුවා දක්ෂතා පෙන්වන ක්ෂේත්‍රයක් තුලින් ඉදිරියට යන නිසාමදෝ ඔය කියන කාරණය ඒ රටවලට අදාල නෑ...
ඒක නම් ඇත්ත. මම අඳුනන මල්ලි කෙනෙක් ඉන්නවා ඇමෙරිකා වල. එයා දැන් උපාධි 2ක් කරලා රස්සාවකුත් කරනවා. එත් අපේ රටේ බහුතරය අවුරුදු 25ක් වෙනකොටත් යැපෙන්නේ දෙමාපියන්ගෙන්.
Deleteමේකට ප්‍රධාන හේතුව අපේ පාලන ක්‍රමයේ තියෙන දුර්වලතා.
Delete//දෙමාපියන්ගේ සතුට වෙනුවෙන් දරුවාව අපායකට දානවද? එහෙමත් නැත්නම් තමන්ගෙ මහන්තත්වය සහ සාම්ප්‍රදායික හණමිටි අදහස් වලින් වෙන් වෙලා තමන්ගෙ දරුවාගේ තීරණ දිහා පොඩ්ඩක් කල්පනාවෙන් බලනවද?//
ReplyDeleteමෙතැනදී හොඳින් කල්පනා කරලා බලන්න ඕනේ එය අනිසි බලපෑමක්ද එහෙම නැත්නම් අවවාද දීමක්ද කියන එක.
අදමයි මම නම් ඇපල් ගන්න ගොඩ උනේ. ඔබේ අදහසට ටිකක් විරුද්ධ කොමෙන්ටුවක් ඉස්සෙල්ලම දැම්මට අමනාප වෙන්න එපා.
කල්පනාවෙන් බලල අවවාද දීම තමයි සුදුසුම දේ. ඒත් ගොඩක් වෙලාවට වෙන්නේ බල කරන එක.ඒක තමයි නරකම දේ.
Deleteසාදරයෙන් පිලිගන්නවා... :)
අදමයි අවේ ඇපල් කාල බලන්න... හොඳයි රහයි..
ReplyDeleteප්‍රයෝගික කතාවක් මේක.. එල එල
ස්තුති වේවා...සාදරයෙන් පිලිගන්නවා... :)
Deleteමචං ඕකේ දෙපැත්තක් තියෙනවා !
ReplyDeleteපැහැදිලිවම දෙමව්පියෝ ළමයිට වඩා අත්දැකීම් තියෙන අය .කවදාවක් කිසිම අම්මාකෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ ළමයට අහිතක් කරන්නේ නෑ.
මේකේ මට පේන විදියට උඹ බලල තියෙන්නේ එක සයිඩ් එකක් විතරයි ඒ අර ගැනු ළමයාගේ පැත්තෙන් !
නිකමට හිතලා බලපන් උඹ ඉස්සර ආස කළ එකටමද දැන් උඹ ආස කරන්නේ කියල ! ඒ කාලේදී හැදුනු උණක් නිසා මොකකටහරි කැමතිවෙනවා අපි හිතමු තබ්ලා ගහන්න කියලා.
හැබැයි ඒ තාවකාලීන ආසාවක් ටික දවසකින් උඹට එක එපා වෙනවා. අන්තිමට උඹ තව දේකට යනවා.
12 11 වසර කියන්නේ මහලොකු දැනුම් තේරුම් තියෙන කාලයක්මද ?
උඹ අද හිතන විදියයි එදා හිතපු විදියයි එකමද ! අනික බඳින්න ඉන්න කෙනා ගැන ළමයා ගන්න තීරණේ සෑමවිටම නිවැරදිද !
ඕකේ හැමවිටම නිවැරදි දෙපැත්තක් තියෙයි. එක පැත්තක් විතරක් කතා කරලා මදි !
කාලීන මාතෘකාවක්. නියමයි !
ඒක තමයි මචන් මම කිව්වේ දෙමාපියන් කල්පනාවෙන් බලන එක තමයි සුදුසුම දේ කියල. නියමාකාරයෙන් අවවාද දීල මාර්ගය පෙන්නන එක වෙනමම දෙයක්. නමුත් බලෙන් , දරුවාගේ අකමැත්තෙන්, කිසි පැහැදිලි කිරීමක් නැතුව අම්ම තාත්ත උනත් යම් දෙයක් කරනවානම් එක සුදුසු නැහැ නේද? ඒ ගැනයි මම කියන්නේ.
Deleteසාදරයෙන් පිලිගන්නවා මිත්‍රයා....! ;)