අපි හැම කෙනෙක්ම ඉපදුන දවසේ ඉඳලම කරන්නෙ ඉගෙනගන්න එක. මුලින්ම අම්ම දිහා බලල ඉගෙන ගන්නවා.ඊට පස්සේ තාත්ත දිහා බලල ඉගෙන ගන්නවා. ඊට පස්සෙ විවිධාකාර මාර්ග ඔස්සේ අපේ දැනුම පිරෙන්න පටන් ගන්නවා. මේ දැනුම තමයි අපේ ජිවිතේ තීරණය කරන ප්‍රධානම සාධකය වෙන්නෙ අද කාලෙ. ඉස්සර නම් කැලේ කොටලා හේනක් වවාගත්තොත් ඔක්කොම හරි. ජිවත් වෙන්න අවශ්‍ය අවම දේවල් ටික තිබුනානම් කිසි කරදරයක් නැතුව ජිවත් වෙන්න ඒ කාලෙ පුළුවන් කම තිබුන. නමුත් ලෝකෙ දියුණු වෙන්න දියුණු වෙන්න අපේ අවශ්‍යතාත් ටිකෙන් ටික වැඩි වෙන්න , සංකීර්ණ වෙන්න පටන් ගත්ත.
මේ හින්ද 5 වසරේදී අපිට ශිෂ්‍යත්වේ ලියන්න උනා. 11 වසරට එනකොට සාමාන්‍ය පෙළ ලියන්න උනා. 13 වසරේදී උසස් පෙළ ලියන්න උනා. අන්තිමට කියපු විභාගෙ තමයි දැනට ළමෙක්ගෙ ජිවිතේ තීරණය කරන ප්‍රධානම කාරණය වෙලා තියෙන්නේ. මේකෙන් ගොඩ යන්න බැරිවුනොත් ජීවිතෙන් බාගයක් ඉවරයි. ඊට පස්සේ සමාජේ ඒ ළමය දිහා බලන්නෙත් අමුතු විදියට. ගෙදරින් කොච්චර නම් බැනුම් අහන්න වෙනවද? තවත් සමහර යමෙක දරාගන්න බැරුව ජීවිතෙත් නැති කර ගන්නව. මේ පාර උසස් පෙළ සමත් වෙන්න බැරිවුණා සිසුවෙක් සියදිව් හානි කරගත්ත කියල අහන්නත් ලැබුන.
ඇත්තටම උසස් පෙලින් සමත් වෙන්න පුළුවන් උන ළමෙක්ට , ඒ කියන්නේ ඕනෑම විෂය ධාරාවකින් S 3ක් ගන්න පුළුවන් නම් ඒ ළමයට උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් තියනව. නමුත් ලංකාවේ තත්වය එහෙම නෙමෙයි කියල හැමෝම දන්නවා ඇති. සමත් වෙන සිසුන්ගෙන් කියෙන් කී දෙනාටද විශ්ව විද්‍යාලයකට ගිහින් ඉගෙන ගන්න හම්බ වෙන්නේ? තමන්ට කැමති අංශයක් ඔස්සේ ඉගෙන ගන්න ලැබෙන්නේ බොහොම අතලොස්සකට විතරයි. ඉතුරු වෙන අය පුළුවන් පුළුවන් විදියට තමන්ගෙ අනාගතේ හදා ගන්නව. මුදල් තියන අතලොස්සක් පිටරටවල ගිහින් උපාධිය සම්පුර්ණ කරගන්නව. තවත් ටික දෙනෙක් කොහොම හරි තියන දේවල් විකුණලා හරි පෞද්ගලික ආයතනයකින් උපාධිය ගන්නවා.ඉතුරු ය මොනවා කරනවා ඇද්ද?
මේ විදියට ඉතුරු වෙන අයට යන්න පුළුවන් උන ක්ෂේම භූමියක් තිබුන. ඒ තමයි විවෘත විශ්ව විද්‍යාලය. මේක දුරස්ථ අධ්‍යාපනය අපේ රටේ ප්‍රචලිත කිරීමට ඇති කරපු එකම ආයතනය. මෙහි ඉංජිනේරු , ස්වභාවික විද්‍යා සහ කළමනාකරණ කියල පීඨ තුනක් තියනවා. සාමාන්‍යයෙන් කියන්නේ රැකියා කරන අයට තමන්ගෙ සුදුසුකම් වැඩිදියුණු කරගන්න දෙන උදව්වක් දෙන තැනක් කියල. එහෙම උනත් එතනට ගියාම තේරෙනවා එක එහෙම කරන්න ලෙහෙසි නැහැ කියල.
මමත් ඔතනට ගියේ මට ඉංජිනේරුවෙක් වෙන්න පොඩි කාලෙ ඉඳලම දැඩි ආසාවක් තිබුන හින්ද. උසස් පෙලින් සමත් උනත් මොරටුව කැම්පස් එකට වත් පේර කැම්පස් එකටවත් යන්න වාසනාව නැතිවුනා. අනික මට උවමනාව තිබුනේ පරිගණක ඉංජිනේරුවෙක් වෙන්න. ඉතින් මම ගියා විවෘතෙට. ගියාම තමයි දැක්කේ මම වගේ තවත් සෑහෙන පිරිසක් එතන ඉන්නව කියල. හරි සතුටු හිතුන.මට ඕන තැනට යන්න දැන් පාර හොයාගෙන ඉවරයි කියල තේරුනාට පස්සේ ඇතිවුන සතුට වචන වලින් කියන්න බෑ.
නමුත් දැන් ඒ බලාපොරොත්තුව ටිකෙන් ටික ගිලිහිලා යනවා වගේ මට දැනෙනව. අපිට ගොඩ එන්න තිබුන විවෘතයට යනකොට ගේට්ටු වහලා...අපිට වාඩි වෙලා වැඩක් කරන්න තිබුන bench ඔක්කොම ගලවල දාල. දැන් දුරක ඉඳන් එන සිසුවෙකුට හදිස්සියකට පැවරුමක් කරගන්න තැනක් නෑ. පහසුකම් නැතිකම හින්දම පිටින් ලෑලි ගෙනත් හදල තිබුන ඔක්කොම බංකු එක රැයක් එලි වෙනකොට අතුරුදන් වෙලා. බලන්න දුකයි. ඒ විතරක් නම් කමක් නැහැ. අපිට බිම ඉඳගෙන උනත් ඉගෙනගන්න පුළුවන්. මොකද මෙතන ඉන්නේ 95% ක්ම බොහොම දුප්පත් අය . ඒත් අධ්‍යන ගාස්තු 40% කින් වැඩි කරනවා කිව්වම ? මොන තරම් පාහර වැඩක්ද? මගේ මිත්‍රයන් සිටිනවා කුලී වැඩ කරලා මේකේ ගාස්තුව ගෙවන අය. ඒ අය මොකද කරන්නේ ?
දැනට සාමන්‍යයෙන් අවසන් වසර සිසුවෙක්ට වසරකට ගෙවන්න වෙන්නේ උපරිමයෙන් 30000 ක් පමණ මුදලක්. මේ තියෙන්නේ උපාධියෙ වටිනාකමින් 12%ක් පමණ. හිතල බලන්න අර තරමින් වැඩි වුනොත් කියක් ගෙවන්න වෙනවද කියල? මොකක්ද මේ කරන්න යන්නේ ?
ගොසිප් 9 එකේ දාල තියෙන ලිපියත් එහි කොමෙන්ටු ටිකත් බලල ඔබම තීරණය කරන්න. මේක ලියන්නෙ බොහොම සංවේගයෙන් සහ දුකින්. තව ලියන්න කරුණු තියෙනවා. ඊලග පොස්ටුවෙන් ඉතිරිය කියන්නම්.
අපේ විවෘතය රැකගන්න උදව් කරන්න.
මෙක සිරා කතාව මෙ දෙ සිද්ද වෙන්න දෙන්න බැ....
ReplyDeleteදැනටමත් ගොඩක් දේවල් සිද්ධ වෙලා ඉවරයි.ඉතුරු ටික වත් රක ගන්න පුළුවන් උනොත් ලොකු දෙයක් මිත්‍රයා.. :(
Deleteහස්සිලව්වේ...
ReplyDeleteමාර විදියට ගාන වැඩි කරලනේ.මුන්ට හෙන ගහන්න එපැය.Bench ටික ගලෝපු එවන්ට කකුල් නැති පුටු හම්බෙන්න ඕන ලබන ආත්මේ.
ගණන් ගනන්ටෙපා අයියා...
කොහොමහරි කරගෙන ගොඩ යන්.. :D
මේ යන විදියට ගොඩ යන්න පුළුවන් වෙයිද කියන එකත් ප්‍රශ්නයක්.
Deleteවිවෘත්තෙට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteමට වෙන කියන්න දෙයක් නෑ :)
ස්තුති.
Deleteවිවෘතෙයට රාජ සම්පත් ලැබේවා.ඔයාලත් එසේමයි ඇපල් අයියේ
ReplyDeleteස්තුති වේවා මලයා...
Deleteමමත් ඕකෙන් ඉන්ජෙක් වෙන්න හිතන් හිටියා, කොහෙද මගේ කම්මැලිකම නිසා මම අතෑරල දැම්ම. ඊටත් පස්සෙ පටන්ගතිපු මගේ යාළුවො දෙන්නෙක්ම දැන් උපාධියත් ගොඩදාගෙන ජොබකට ගිහිල්ලත් අවුරුද්දක් විතර වෙනව.
ReplyDeleteඇත්තටම ඔහොම කරනව නම් ඒක ලොකු අසාධාරණයක් බං, කොහොමටත් මම හිතන්නෙ සමහරුන්ට විවෘත විශ්ව විද්‍යාලය කියල එකක් රටේ තියන එකත් ලොකු අවුලක් වෙල තිබුනෙ, ප්‍රයිවට් කැම්පස් ඇරල ගිනිගානට උපාධි විකුණන්න කෙළ හල හල හිටපු උන්ට රජ මඟුල්.
සහතික ඇත්ත. අපි වගේ දුප්පත් එවුන්ට හෙන ගැහුවත් කමක් නෑ කියන රටකනේ අපි කරුමෙට ඉපදුනේ. :(
Deleteමටත් ඇපල් රහ වැටුනෝ..
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
දිගටම එන්න.
Deleteකැම්පස් ඇතුලේ හැමදේටම අපිට තිබුන බෙන්ච් ටිකත් ගලවගෙන.එවා ගැන කතා කරන්න උපකුලපතිතුමා ගාවට ගියාම එවා විහිලුවට අරගෙන හිනා වෙන සමාජ විද්යාජයෙක් මුල් පුටුවේ ඉන්නකොට ආයෙත් මොන කතාද.ගොඩක් අය මේ දේවල් දන්නේ නෑ එකයි ඔය කට්ටිය රගන්නේ.
ReplyDeleteමේක ලොකු අවුලක් සහෝදරයා. අනාගතේ අපේ දරුවන්ට හැමෝටම නිදහස් අධ්‍යාපනේ නැති වෙන්නයි යන්නේ.
Deleteමචන් මාත් open එකේ science degree එක කරන්නෙ. පුළුවන්නම් දවසක හම්බ වෙමු.
ReplyDeleteදවසක හමුවෙමු :)
Deleteමම බදාදා ඉඳල ඉරිදා වෙනකම් මේ සුමානෙ එනව. පුළුවන්නම් සෙනසුරාදාට හම්බ වෙමු. මට මේකට mail එකක් දාන්න mobile number එක දාලා.
Deletecharithsriyan@gmail.com
kanagaatui me wage dewal ahanna labima gana. banku galawala thiyenne mona hethuwakatada?
ReplyDeleteවිවෘත විශ්ව විද්‍යාලය කියන්නේ දුරස්ථ අධ්‍යාපනය දෙන තැනක්. ඒ හින්ද කැම්පස් එක ඇතුලට ඇවිල්ල වැඩ කරන්න ඕන නැහැ. හැමදාම මේක ඇතුලට ඇවිත් වැඩ කරන්නේ ගෙවල් වල ඉන්න බැරුව රස්තියාදු ගහන කාලකන්නි ටිකක්. ඒ හින්ද කියල කියන්නේ. අපේ සෙල්ලම් කරන පිට්ටනියේ සෙල්ලම් කළා කියල දැනට ළමයි 5 කගේ පන්ති තහනම් කරලා. එපා වෙනවා.
Deleteමේවා පුදුම වෙන්න දේවල් නෙමෙයි බන්...පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකරගෙන යන ගමනේ අතුරු ප්‍රතිඵලයක් විතරයි...
ReplyDeleteඒත් මේකට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? අපි පා ගමනක් ගියොත් ගොඩක් මිනිස්සු කියන්නේ JVP කියල. ඒත් ඒ බහුතරයක් දන්නේ නෑ දැනටමත් එයාලගේ දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න තියෙන මාර්ග ඔක්කොම අහුරගෙන යන වග.
Deleteමන් නම් ඕවා ගැන දන්නේ නැහැ බන්
ReplyDeleteමේවා ගැනත් දැනගෙන ඉන්න වෙනවා. ලංකාව කියල සිංහල මිනිස්සු හිටපු රටක් තිබුනා කියලවත් කියන්න මොනවා හරි තියෙන්න එපැයි. ඇමතිලා කියල ජාතියක් රට ජාතිය අතුරුපසට ගත්ත කියල ලියවෙන්නේ නැතැයි. දුක කියන්නෙ ඇමතිලා කරන පවු යන්නේ උන්ගේ දරුමල්ලන්ගේ පිටින් වෙන එක.
Delete