ඔන්න ඉතින් ඒ කාලේ ඇපල් ගෙ ගෙදර තිබුනේ පරණ කළු සුදු රුපවාහිනියක්. වටේටම කඳු වලින් වටවෙලා ඉන්න හින්දයි රුපවාහිනිය පරණ හින්දයි ඒ කාලේ පෙනුනේ ලංකාවේ හැම තැනටම පෙනෙන චැනල් එක විතරයි. (දන්නවා ඇතිනේ මොකක්ද කියලා...
) ඔකේ යන කතා බලන්නේ හරිම අමාරුවෙන්. ඇන්ටනාව කරකවන්න ඕන හතර අතට. ඒත් තිත් තිත් ලෝකයයි. අපි ඒ දවස් වල දන්නෙ නෑ තිත් වැටෙන එක අව්ලක් කියල. අපි හිතුවේ එක සාමාන්‍ය දෙයක් කියල.
පස්සේ කාලෙක තාත්ත අලුතින් වර්ණ රුපවාහිනියක් ගෙනාවට පස්සේ ටිකක් අව්ලක් නැති උනා වගේ උනා. ඒත් කවදාවත් පැහැදිලිව බලන්න නම් පිනක් තිබුනෙ නැහැ. ටවුන් එකේ කඩවල විදුරු වගේ පැහැදිලිව තියෙනවා දකිනකොට ගොඩක් වෙලාවට දුකත් හිතුන තමයි.
ඔන්න ඔහොම ඉන්නකොට දවසක් තාත්ත ටවුන් ගිහින් එන ගමන් මොකක්දෝ ගෙනාව. පෙනුමෙන් නම් ලොකු රොටී තැටියක් වගේ
. කලින් දැකලම නැති අමුතුම භාණ්ඩයක්. හප්පේ....ටිකක් වෙලා යනකොට තමයි තේරුනේ මොකක්ද කියල. ගෙනල්ල තියෙන්නේ ඩිෂ් සැටලයිට් එකක්
. උන්න හැටියට මලා මදැයි. ඒකත් එක්ක තිබුන මැනුවල් එකේ හැටියට නම් පින්තුර නිකම් පලිඟු වගේ පෙන්න ඕන. ඒත් මම කල්පනා කළා මෙහෙම වෙන්නෙ කොහොමද කියල. කොච්චර උනත් තිතක් හරි නැතුව පේනවා කියන්නේ වෙන්න බැරි දෙයක්
.
ඔන්න දැන් මේක කොහොමද හයි කරගන්නේ කියල දහ අතේ කල්පනා කළා
. තාත්ත නම් කිව්වේ හවසට හයි කරන්න කෙනෙක් එනවා කිව්වා කියල .කොච්චර කුතුහලයක් තිබුනත් හවස් වෙනකම් ඉන්නඋනා මිනිහ එනකම්
. කොහොම කොහොම හරි යන්තම් අටෝල ගත්ත කියමුකෝ.දැන් ඉතින් පුදුම වෙන්න වාරෙ. මෙච්චර කල් යන්තම් චැනල් 2ක් බලපු අපිට මෙන්න දැන් තියනවා චැනල් 60ක්
. මගේ අම්මෝ.....දැන් හිතාගන්න බෑ මොකක්ද බලන්නේ කියල
. මුලින්ම දැම්මෙ කාටුන් චැනල් එකක්. ලොවෙත් නෑ. . මෙහෙමත් කාටුන් තියනවද...
? ඔන්න ඉතින් එදා ඉඳන් තමයි ඇපල් කාටුන් බලන්න ඇබ්බැහි උනේ.
ඔය කාලේ බලන්න ඕන ගොඩක් දේවල් බැලුව . ගොඩක් දේවල් ඉගෙන ගත්ත. මෙහෙම දේවල් තියනවා කියල දැනගත්ත. (CBN Sat). ඔන්න ඔහොම කාටුන් වලින් බාගේ බාගේ බලනකොට තමයි එක පාරටම සැට් එකට කෙලවුනා
. මොකක්ද සිද්දියකට මේක තහනම් කරලා. අපොයි එදා නම් මට එපාම උනා
. මෙච්චර කල් පැහැදිලිව බලල බලල කොහොමද කොහොමද ඉතින් ආපහු පරණ තිත් තිත් තියෙද්දී බලන්නේ...කොහොමින් කොහොමින් හරි TV බලිල්ලත් නතර උනා. 
ඔක්කොම ඉවර වෙලා ඊළඟට සැට් එක ඩයලොග් වලට පවරගත්තට පස්සේ අයිමත් බලන්න පටන් ගත්ත. ඒත් කලින් තිබුන ගොඩක් චැනල් නෑ. මොනවා කරන්නද. තිබුන ටික බැලුව කාලයක්. ඊට පස්සේ බිල වැඩිපුර එන්න පටන් ගත්ත.
එක එක සිද්දි උනාට පස්සේ ඒකත් අතෑරලම දැම්ම.
ඔන්න ඔහොම තමයි මගේ TV බලන එක නතර කලේ....
"ඔන්න ඔහොම තමයි මගේ TV බලන එක නතර කලේ..." :-S :p
ReplyDeleteමොකෝ???? 7:)
Deleteමට නම් නිකම් දෙන ටීවී චැනල් ටිකවත් බලන්න වෙලාවක් සහ පිරියක් නැතුවයි ඉන්නෙ..
ReplyDeleteසහතික ඇත්ත . දැන් තියෙන ඒවායේ මෙලෝ රහක් ඇති දෙයක් යන්නේ නෑනෙ.බලන්න එපා වෙනවා. =((
Deleteඔය ඩිෂ් ඇන්ටනා එකක් අපේ මාමා හැදුවා.. එයා ඒ කාලේ ඉස්කෝලෙ යනවා.. ඇරිලා ආවට පස්සේ කරන්නේ ඒවා හදලා විකුණක එක තමා.. තාම ඒ වගේ අලි පත ඩිෂ් එකක් මිනින් අතට හරවලා, එයාලගේ වහලේ උඩ තියෙනවා... හි හි..
ReplyDeleteඔය කියන්නේ කාටූන් නෙට්වර්ක් එක ගැන නේද.... මට මතකයි ඒ දවස්වල ඕකේ යන්නේම අර ගල් යුගේ බතල කොටාලා දෙන්නගේ කාටූන් එක තමා... හි හි... එකෙක් පස්සෙන් අනිත් එකා පන්නනවා මෙලෝ සිහියක් නැතුව... හි හි... දැං අර සිරසේ ඕක ඩබ් කරලා යනවා දකින ගානේ මට ඔය පරණ සීන් මතක් වෙනවා.. හි හි...
හහ් හහ් ඒකත් බැලුව. ඉස්සරම තිබුන animax කියල චැනල් එඅක්. එක කාටුන් නෙට්වර්ක් එකට වඩා නියමයි. ඒකෙ ගිය ඒවා තවමත් මම බාගෙන බලනවා. :D
Deleteමමත් දැන් නම් ටී වී බලන්නෙම නැති තරම්. ඔක්කොම චැනල් වල තියන්නේ එකම දේ වගේනේ. සැටලයිට් කෙරුවාව නම් මුලින් ගත්ත අයත් දැන් අත්හරිනවා බිල් වැඩි නිසා.
ReplyDeleteගණන් වදිදත් අහනවා. ගාන වැඩි උනාට තියන කොලිටි එක වැඩි වෙන්නෙ නෑනෙ. :-w
Deleteකොළඹ අපිට නම් ඕන චැනල් එකක් ලෙසටම අහුවෙනවා.එත් පොඩි කාලේ කළු සුදු ටීවී එහෙක ඒරියල් කුරු දෙක එහෙට මෙහෙට හරවා හරවා තිත් ගොඩේ බලපු හැටිත් මට තාම මතකයි.එත් දැන් ඕන චැනල් එකක් හොඳටම පේනවා වැඩේ කියන්නේ මම දැන් ටීවී බලන්නේ ඩිවිඩි බලන්නයි මැච් එක බලන්නයි විතරයි.
ReplyDeleteමම නම් මොනවත්ම බලන්නේ නෑ. එපාම උනා. :(
Deleteඒ කියන්නෙ දැන් ආයෙත් තිත්ද ?
ReplyDeleteතිත් ලෝකයයි. :'(
Deleteමගෙත් අත්දැකීම බොහෝ දුරකට නම් ඕකම තමා වෙනසකට තියෙන්නේ මම ගත්තෙ පියෝ ටීවී දැන් මට තදවෙන්නේ ටෙලිෆෝන් වැඩකරන්නෙ නැතිදවසට අපිට ටීවීත් නෑ
ReplyDelete…
…
…..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..
ලංකාවේ කොයිකත් ඒකයි. බොහොම පහසුවෙන් තාක්ෂනය දෙන්න පුළුවන් කම තියෙද්දී දෙන්නේ නෑ. අනික් රටවල් තාක්ෂණයෙන් ඉස්සරහට යනවා. අපි බොහොම වේගයෙන් පස්සට යනවා. හරිම සතුටුයි. ~X(
Deleteදැන් ටීවී බලන්නනෙම නැද්ද බන්?
ReplyDeleteමමත් කලාතුරකින් ඇර බලන්නනේ නෑ ඔය දහජරා පැයවල් නම්
අතෑරලම දැම්ම. වැඩක් නෑ.මල ජරාව තියෙන්නේ. :-a
Delete//වටේටම කඳු වලින් වටවෙලා ඉන්න හින්දයි // ඇපල් කොහෙද ඉන්නෙ??? :O
ReplyDeleteහික්ස්ස්ස්.. අපෝ... TV වල ඉතින් පේන්නෙ දැන් එක්කෙනෙක්ව විතරයිනෙ.. :/ මටත් එපා වෙලා..
සබරගමුවේ රත්නපුර නම් දර්ශනීය නගරයේ ඇලපාත නම් වූ සුන්දර පිටිසරබද ග්‍රාමයේ වාසය කරන වගයි. :P
Deleteසහ්..මෙයා ඇලපාත මුදලි කෙනෙක්ද ?
Deleteඑච්චර ම නරක කෙනෙක් නෙමෙයි ඕං . :-h
Deleteමමත් දැන් ටීවී බලන්නේ නෑ ...
ReplyDeleteමොකද මං ඕන දේවල් විතරක් නෙට් එකෙන් බලන හින්දා :)
ඔන්න අද තමයි මේ පැත්තට ආවේ අද ඉදන් හැමදාම එනො..
මිට ,, ලබයි ඇපල් වල රහ වැටිච්ච මම ...
http://theachcharuptuwa.blogspot.com/
අපේ ඉතින් නෙට් මාරම ස්පීඩ් නේ...ඉතින් බලන්න පුළුවන්. :-w අපි වගේ දුප්පත් එවුන්ට තාක්ෂනය නියමාකාරයෙන් හම්බ වෙන්නේ නෑනෙ.
Deleteසාදරයෙන් පිලිගන්නවා...! O:-)
හි හි :) හොඳයි..ඕකත් වෙලාව කන වැඩක් අප්පා :) මම නම් බලන්නේ නැහැ ටීවී :)
ReplyDeleteඒත් Discovery, animal planet, national geographic, history tv වගේ ඒවායින් කොච්චර දැනුම ගන්න පුලුවන්ද. දැන් ඉතින් දුක තමයි. :(
Deleteමමත් ටී වී බලන්නෙම නෑ. ලැප් එකෙන් ඒකත් පිරිමැහෙනවා :)
ReplyDeleteලැප් එකෙන් නෙට් ගිහින් ටීවී බැලුවොත් දවස් තුනක් යනකොට ලිමිට් පැනල. :!! ඊට පස්සේ සොරිම තමයි.
Deleteලංකාවේ සිරි ලංකාවේ.... 7:P
අනේ මට නම් ඔය ධිෂ් ඇන්ටනා ත් නැහැ ටීවී ත් නැහැ.දුක තමා.... :( :(
ReplyDeleteගොඩ කාලෙකින් ටීවී බලලා නැහැ.:'( :'(
දැන් නම් මමත් මතක ඇති කාලෙකින් බලල නෑ.එපාම උනා. :(
Delete