5 වසරේ ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා අලුත් ඉස්කෝලෙකට යන්න හිටපු පලවෙනි දවසේ අපේ තාත්ත මට යාලුවෝ ගැන ලොකු කතාවක් කියල දුන්න. එය කිව්වා යාලුවෝ වර්ග 3 ක් ඉන්නවලු. මේ ය ගැන හොදට දන්නවනම් කරදරයක් නැතුව ජිවත් වෙන්න පුළුවන් වෙඉ කියල එය කිව්වා. දැන් තමයි මට එය කියපු දේවල් ඇත්ත කියල තේරෙන්නේ. පහුගිය කලේ දිහා බැලුවම එකට උදාහරණ ඕන තරම් ගන්න පුළුවන්.
1) අලුත් තැනකට ගියාම ගිය ගමන් සමහර අය යාලු වෙනවා. මේ අය තමයි පලවෙනි කට්ටිය. අපි හැමෝටම එහෙම වෙලා ඇතිනේ. මෙන්න මේ අය හරියට හතු වගේ කියලයි තාත්ත කිව්වේ. මෙයාල අපි ගැන මොනවත් නොදැන තමයි යාලු වෙන්නේ. ටික දවසක් ගියාම මෙයාලට අපේ සමහර ගතිගුණ දිරවන්නේ නැතුව යනවා.ඒ හින්ද මෙයාලගේ යාළුකම් බොහොම ඉක්මනට නැතිවෙලා යනවා.
2)තවත් සමහර අය ඉන්නවා ටික දවසක් ගිහින් යාලු වෙනවා. මෙයාල අපි ගැන ටිකක් දන්නවා.නමුත් හොදටම නෙමෙයි. මෙයාල නම් කාලයක් අපිත් එක්කම ඉන්නවා. ඒ උනත් ගොඩක් වෙලාවට අපිව තේරුම් ගන්න බැරිවෙනවා. එහෙම උනාම මෙයාල අපිව දාල යනවා. මෙයාල ඉස්සර කියපු කට්ටියට වැඩ හොද උනාට ගොඩක්ම හොඳ නෑ. කල්පනා කරලා බලන්න අපිට ඉන්න වැඩි හරියක් යාලුවෝ මෙන්න මේ ගොඩවල් දෙකට නේද අයිති වෙන්නේ කියල.
3)මෙන්න මේ අය තමයි අතිජාත මිත්‍රයෝ කියන්නේ. මෙයාල අපි එක්ක යාලු වෙන්න ඉස්සෙල්ල සැහෙන්න අපි ගැන අධ්‍යනය කරනවා. අපි මොන වගේ කෙනෙක්ද කියල එයාල හොදටම දැනගත්තට පස්සේ තමයි මෙයාල අපිත් එක්ක යාලු වෙන්නේ. අපි වෙනුවෙන් ජිවිතේ දෙන්න උනත් මෙයාල ලෑස්තියි . මේ වගේ යාලුවෝ හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්. එහෙම හම්බ වෙන්නත් පින් කරලා තියෙන්න ඕන. වාසනාවකට වගේ මට ඒ වගේ යාලුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. (බලාගෙන ගියාම මමත් සැහෙන්න පින් කරලනේ.....:P )
හොඳට හිතල බලන්න අපිට ඉන්න යාලුවෝ මේ කොයි ගොඩටද අහු වෙන්නේ කියල. හැකි තරම් තමන්ගේ යාලුවන්ව තේරුම් ගන්න බලන්න. එහෙම නොවුනොත් සමහර විට අපි නොහිතන කරදර වලට මුණ දෙන්න වෙන්න සිද්ධ වෙන්න පුළුවන් යාලුවෝ හින්ද. මොකද කල්යන
මිත්‍රයෝ වගේම පාප
මිත්‍රයෝ ත් අපි ගාවට එන්න පුලුවනිනේ.........