Wednesday, January 9, 2013

ඔන්න මම ආපහු ආවා....

සෑහෙන දවසකට පස්සේ ඔන්න බ්ලොග් එක පැත්තෙ එන්න තරම් නිදහසක් හම්බ උනා . ඒත් මේක නිදහසක් නෙමෙයි ඇත්තටම බැලුවොත්.වසර අවසාන විභාගෙට සුදුසුකම් හදාගන්න තිබුන විභාගේ යන්තම් ඉවර උනා. එකට මොනවා වෙයිද කියල කියන්න බෑ ප්‍රතිපලේ එනකම් . කොච්චර උනත් හිතට නිදහසක් නෑ මේ දවස් වල. වැඩ ගොඩයි.ඉගෙන ගන්න එක කොච්චර අමාරුද කියල තේරෙන්නේ දැන් තමයි . එක අතකට මේ කාලේ ඉවර උනාම නිදහසේ ඉන්න පුළුවන් කියලත් හිතෙනවා.

ඔය කිව්වට ඊට පස්සේ මොන නිදහසක්ද. ඊට පස්සේ මගුල කරගන්න ඕන . පොඩි එවුන් 4ක් 5ක් හදන්නත් එපැයි. ඊට පස්සේ උන්ව ඉස්කෝලේ යවන්න ඕන. එක ඉවර උනාට පස්සේ මගුල් තුලා කරලා දෙන්න ඕන. ඊටත් පස්සේ උන්ගේත් ළමයි බලාගන්න ඕන . හප්පේ.......මොන නිදහසක්ද.

එක පැත්තකට දාමුකෝ....යාලුවනේ සමාවෙන්න ඕන ඔයාලගේ බ්ලොග් බලන්න බැරිවුණා එකට මේ දවස් ටිකේම. ඉස්සරහටත් නිතරමබලන්න වෙන එකක් නැතිවෙයි. ඒ හින්ද අහිතක් හිතන්න එපා.පුළුවන් විදියට කොමෙන්ටුවක් දාල යන්නම්. මමත් අන්ජනත් කරගෙනආපු වැඩ ටික ඔක්කොම නතර උනා. ඒ ටික ආයිමත් පටන් අරගන්න ඕන. කාලය කියන එක කොච්චර වටිනවද කියල තේරෙන්නේ දැන් තමයි. මොන මෝඩයද දන්නේ නෑ කිව්වේ කාලය රන් හා සමානයි කියල. කාලය කියන එකට වටිනාකමක් දෙන්න පුලුවන්ද එහෙම. එහෙම පුළුවන් උන දවසට ලෝකේ එහෙම පිටින්ම වෙනස් වෙයි. 

පහුගිය මාසේ ගොඩක් දේවල් සිද්ද උනා. කාලයක් තිස්සේ හිතේ තිබුන ආසාවක් ඉෂ්ඨ උනා . ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ඇත්තටම කියනවනම් වෙනද වගේම ජිවිතේ ගලාගෙන ගියා. අමුතුවෙන් වෙනස් වෙන්න කියල යමකට උනේ එක දෙයයි.( අහන්න එපෝ... ) නැවත සුපුරුදු පරිදි බ්ලොගය ලියාගෙන යන්නම්. පාඩම් මාලාවත් කොහොම හරි ආපහු පටන් ගන්නවා. අනිවාර්යයෙන්ම loser

එහෙනම් ජයවේවා කිව්වා ඕං ........ ( මට )