Thursday, November 19, 2015

අපේ දියුණුවක් නැත්තෙ ඇයි ?




ලංකාවේ මිනිස්සුන්ට ඇයි දියුණු වෙන්න බැරි? මට අද හදිස්සියේම ඔලුවට ආපු පුරස්නයක් තමා මේක. මේ රටේ මිනිස්සුන්ට කරන්න පුළුවන් වැඩකුත් නෑ බැරි වැඩකුත් නෑ බලාගෙන ගියාම. කරන්න බැරි දෙයක් නැහැ කියන්නෙ මේකයි. ලංකාවෙ කොයි පැත්තකට ගියත් අපිට දකින්න හම්බ වෙනවා අපේ ආදී මුතුන් මිත්තෝ කරපු මහා පරිමාන පුදුම හිතෙන අලංකාර ප්‍රෞඩත්වය ඇති කරවන යනාදී වශයෙන් විස්තර කරන්න පුළුවන් වැඩ කන්දරාව. කන්දක් නැග්ගොත් ඔකේ කොහේ හරි පන්සලක් තියෙනවා ගල් කණු වලින් සක්තිමත් කරපු. ගුහාවකට ගියොත් රුව විස්තර කරන්න බැරි තරම් අලංකාර චිත්‍ර තියෙනවා. කන්ද බැහැල තන්නකට ගියොත් මහා මුහුද වගේ ලොකු වැව් තියෙනවා. මේ රට මහා අරුම පුදුම වැඩ කරපු රටක්. 

මොනවත් බැහැයි කියන්න හේතුව ඉතිං කාටවත් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැතිව ඇතිනේ. මේ දවස් වල වෙන දේවල් ගැන ඇහුවම දැක්කම මේ මොන අපත රටක්ද කියල හිතෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නි ටික පච හල හල බොරුවට එක එකා එක්ක මරා ගන්නවා. තමන්ගේ පක්ෂෙ කැඩෙන්න දෙන්නෙ නෑ අපි එක ආරක්ෂා කරනවා කියල පුරසාරම් දොඩවනවා. මුන් ඔක්කොටම අමතක වෙලා මුන් මොකටද ඔය පක්ෂයක් කියන එකක් හැදුවේ කියල. ඕක හැදුවේ මම දන්නා තරමින් රටේ ඉන්න මිනිස්සුන්ට ඔක්කොටම එකට කතා කරන්න බැරි හින්ද උන් වෙනුවෙන් යමක් කරගන්න තෝරගත්ත කට්ටියක් එකට එකතු කරගන්න. අනිත් හැම දෙයක්ම කරද්දී අපි ඒකෙ තත්වය හොඳද කියල බලනවා. හිතන්න ටීවී එකක් ගන්න ගිය ගියාල? මුලින්ම දැකපු එක අරන් එන්නෙ නැහැනේ. හොද වර්ගයක් බලල තමයි අරන් එන්නෙ වටේ ගෙවල් වලටත් පෙන්න. වාහනයක් ගත්තත් එහෙමයි. වැඩි එකක් ඕන නෑ ගෙදරට නෝනා මහත්තයෙක් ගෙනාවත් එහෙමනේ.... එච්චර හොඳට හොයල බලල ඔක්කොම කරන අපිම අපිව පාලනය කරන්න කෙනෙක් තෝරනකොට ඕව මොනවත් බලන්නෙ නැතුව ඉන්න ලොකුම කාලකන්නියව යවනවා ලොකුම තැනට. ඊට පස්සේ ඌ ගොන් වැඩ කරනකොට ඌට බනිනවා හත්මුතු පරම්පරාවම මතක් වෙන්න. අනේ අපි වගේ මිනිස්සු ටිකක් හැබෑට. 

අද ඕක කල්පනා උනේ මෙන්න මේ සිද්දිය හින්දයි. උදේ ඉව්වෙත් නැති හින්ද මම අද පුළුවන් තරම් ඉක්මනට ලැහැස්ති වෙලා ගියා වැඩට. කැම්පස් එකේම තමා මේ ටිකේ වැඩ. අපි ඉතිං ට්‍රේනීස් ල කියල තම කියන්නෙ. 8:20 වෙනකොට ගිය කියමුකෝ...අත්සන් කරන තැනට යනකොට 8:25යි. මෙන්න බොලේ යනකොට එක බූතියෙක් 8:30 දාල අත්සන් කරලා.......තවම 8:25 යි. මට යකා නැග්ග. ඇයි බොලේ හරි අමාරුවෙන් වාසනාවට තදබදේට අහු වෙන්නේ නැතුව යන්තම් ඉක්මනට ආපු දවසෙත් හරියට වෙලාව දාන්න විදියක් නැති හැටි. කමක් නෑ කියමුකෝ ඒක. 4:15 ට තමයි කට්ටියට වැඩ ඇරෙන්නෙ. අන්න බලන්න එපැයි ඒ වෙලාවට තියෙන හදිස්සිය. 4 වෙනකොට ඔක්කොම ටික අකුලාගෙන අත්සන් කරන තැන පිරිලා පෝලිමට ඉන්නවා කට්ටිය. කීයට ආවත් උදේ 8:30 හවස 4:15. මගෙ යාළුවා කියපු කතාවට මට හිනාත් ගියා. 

" මචන් ජපානෙන් එකෙක් ආවොත් එහෙම ඌ හිතයි මේකෙ ඉන්න උන් ඔක්කොම ගානට ප්‍රෝග්‍රෑම් කරලා කියල වෙලාවට වැඩ කරන්න. " 

7 comments:

  1. ඊට අමතරව අපේ තියන, බහු වාර්ගික, බහු ආගමික, බහු දේශපාලන පක්ෂ එකතු, බහු බහු බහු, .............

    ඔව්වා අතෑරලා, බහු ඔය මෝඩ අදහස් වලින් එළියට කියලා අපේ එවුන්ට කියලා දෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. ඒ උනාට මම නම් හිතන්නෙ නෑ කියා දුන්න කියල ඕව හදාගනියි කියල. අපි කිහිප දෙනෙක් මෙහෙම හිතුවට රටේ වැඩි හරියක් නුහුරට නේ හිතන්නෙ.

      Delete
    2. අපි හැදුනේ රට හදන්න බෑයි කියල බැ
      යුතු කම් ඇත ඉටුකරන්න බෑයි කියල බැ

      Delete
  2. මේකනේ ඇපලෝ .... වැඩිපුරම ප්‍රසිද්ධ කවුද තමයි හොඳම කෙනා අපේ උදවියට
    මිනී මරලා හරි කමක් නෑ :D

    ReplyDelete