දවසක් කට්ටිය එකතු වෙලා මේ මනුස්සයගෙන් විස්තර ඇහුවලු.
"උන්නැහේට දැන් වයස කීයද? "
"මට දැනට 65ක් වෙනවා මහත්තයෝ..."
"මෙච්චර උදෙන්ම මෙතනට ඇවිත්.....?"
"ගොන්පිටි පැකට් එකක් අරන් යන්න කියල මහත්තයෝ...
"ඈ..උන්නැහේ? ඔය වයසට එච්චර පොඩි ළමයිනුත් ඉන්නවද?"
"මොනවද මහත්තයෝ මේ අහන කතා? දැනට මට දුවල හතරයි පුත්තු පහකුයි ඉන්නවා. ටිකක් වයසට ගිහිල්ල මහත්තයෝ කරකාර බැන්දේ."
"එත් ඉතින් ඔය වයසට ඔච්චර ළමයි හදන්න හොඳද හැබෑටම
"මොනව කරන්නද මහත්තයෝ....දොස්තර මහත්තයත් ඔය ටිකම කිව්වා. ඒ උනාට මේකේ නතරවිල්ලක් නෑ නොවැ."
"ඒ කිව්වේ? "
"මම අපේ හාමිනේට කිව්වා.කියන කට හොඳයි මහත්තයෝ ගලේ උලාගන්න එක. අව්රුද්දට එකා ගානේ ළමයි හම්බ වෙනවා නොවැ.
"හරි ඒක පැත්තකින් තියමුකෝ..උන්නැහේ කොහොමද මෙච්චර උදෙන්ම මෙතනට එන්නෙ? "
"ගොඩක් දවසට මම මෙතන තියන බංකුවේ තමයි බුදියන්නේ රෑට. ඉතින් උදේ නැගිට්ටහම ගොන්පිටිත් අරන් ගෙදර යනවා. "
දැන් කට්ටියට මොංගල් වගේලු
"නෑ මහත්තයෝ ටිකක් රෑ බෝ විගෙන එනකොට දොරවල් වලට තට්ටු කරනවා ජනෙල් වලට තට්ටු කරනවා. ඊට පස්සේ ලතෝ... කියල රහසින් කියනවා ඇහෙනවා. "
"එහෙනම් ඉතින් ගෙදර හොල්මන් ඇති.තොවිලයක් වත් කරලා ඔව්වෝ ටික පැන්නුවනම් හරිනේ? "
"මොන හොල්මන්ද මහත්තයෝ...මේ ගමේ ඉන්න කොල්ලෝ නෙව. කනක් ඇහිලා ඉන්න විදියක් නෑ බුදිය ගන්නත් විදියක් නෑ
................................................