හිතට දැනෙනවා අපහු නැතිවෙනවා
හොයල බලනකොට ආපහු හමුවෙනවා
හිතනා විටදි ඇය ගැන හද පිම්බෙනවා
එය ආදරය යැයි මට දැන් වැටහෙනවා
ලෝකය පවතින්නෙ ආදරෙ හින්දා ලූ
ආදරෙ නොමැති දා ලොව සුන් වෙනවා ලූ
දහසක් දෙනෙත් තුටු කඳුලින් නහවා ලූ
ආදරයකට ටජ් මහලක් තැනුවා ලූ
දෙදෙනෙක් එක සිතින් ආදරෙ කරන විට
කරදර බැනුම් ගල් මුල් එයි සෑම විට
කරදර වලට කරදරයක් වූ දාට
හැකිවෙයි සදා පෙම් ගඟුලේ පිහිනන්ට
කියනෙමි මෙසේ කවි බැඳ ආදරෙ වෙනුවෙන්
ආදර සයුරේ පිහිනන තුර සිත සතුටෙන්
අත් හැරියොත් ඉරිසියාව සැකය සිතින්
කලහැක සැබෑ ආදර මාවතෙ පියමන්