Wednesday, May 22, 2013

ඇනයෝ සහ වෙස්වලාගත් ඇනයෝ




මම බ්ලොග් එකක් ලියන්න කියල හිතුවේ අනික් අය බ්ලොග් ලියන එක ගැන ලොකු ආසාවක් හිතුන හින්ද. මොකද මන්ද ඒ දවස් වල මගේම කියල වෙබ් අඩවියක් හදාගන්න ඕන කියල මට හිතිලා තිබුන කාලයක් . නමුත් අන්තර්ජාලය ගැනවත් හරිහැටි දැනුමක් නොතිබුන ඒ කාලෙ එහෙම දෙයක් කරන්නෙ කොහොමද කියල කිසිම අවබෝධයක් තිබුනෙ නෑ. ඔන්න ඔය කාලෙ තමයි මට බ්ලොග් කෙරුවාව ගැන මග මිත්‍රය අඳුන්වල දුන්නෙ. මුලින්ම කියවපු බ්ලොග් එක තමයි මගේ ලෝකය. ඒකෙ තිබුන දේවල් ගොඩක් ආසාවෙන් කියෙව්වා. වටිනා දේවල් , විනෝදජනක දේවල් ගොඩක් එකේ තිබුන. මටත් ඒ වගේ කට්ටිය රැස්වෙන බ්ලොගයක් තිබුනානම් කියල ඒ වෙලාවේ හිතුන හින්ද යන්තම් දඟලල දඟලල මේක හදා ගත්ත. 


මුලින්ම දන්නා අඳුනන කට්ටියට කිව්වා මෙහෙම එකක් පටන් ගත්ත ඇවිල්ල බලල කොමෙන්ටුවක් දාල යන්න හිත හැදෙන්න කියල. ඔන්න ඔහොම ආපු ගමනක් තමයි මේ ඇවිල්ල ඉන්නෙ. ඔන්න ඔය කාලෙ තමයි ඇනයෝ ගැන සෑහෙන්න කතා කරන්න පටන් ගත්තෙ. හේතුව තමයි ඒ කාලෙ තිබුන බොහොම ප්‍රසිද්ධ බ්ලොග් වල ගොඩක් වෙලාවට ඇනොනිමස් ව කොමෙන්ටු දාන්න අවසර තිබුන. මේවයින් ගොඩක් අය බොහොම වටිනා අදහස් පල කළා. තමන්ට කියල බ්ලොගයක් හෝ වෙනත් profile එකක් නැති අය ඇනොනිමස් වේශයෙන් ඇවිත් තමන්ගේ අදහස් පල කරලා තමන්ගේ නමත් දාල ගියා. 

ඔන්න ඔය අතරේ හිටිය තමන්ගේ මානසික අවපීඩන තත්වයන් මුදාහරින්න ආපු පිරිසක්. මේ අය ඇනොනිමස් ඉඩ ප්‍රස්තාව ප්‍රයෝජයනයට ගත්තෙ තමන්ගේ මොළේ තිබුන අසහනය අවම කරගන්න. අනික් අයට කෙලින්ම කියන්න තම\රම කොන්දක් නැති මේ අය ඇවිත් ඇනයෝ විදියට තැනින් තැන මල පහ කරලා ගියේ අර වටිනා අදහස් දෙන අනොනිමස්ලා ගෙ අවස්ථාවත් විනාස කරගෙනයි.

මේ හින්ද කතිකාවත් ගොඩක් ඇති උනා. ගොඩක් අය අනොනිමස්ලව තමනේ බ්ලොග් වලින් ඉවත් කරලම දැම්ම.මම නම් මුල ඉඳන්ම එහෙම තමයි කලේ. මොකද මම බය උනා මගේ බ්ලොගයටත් ඒ වගේ කරදරයක් වෙයිද කියල. ඉතින් අනොනිමස්ලගේඅවධිය ඔන්න ඔහොම අවසන් උනා. අර මානසික අසහන කාරයන්ට කරගන්න දෙයක් නැති උනා. කාලයක් තිස්සේ කිසිම සද්දයක් නැතිව හිටිය. අර හොඳ අදහස් දීපු ගොඩක් දෙනෙක් තමන්ගේම බ්ලොග් පටන් අරගත්තා. 

මම මේ හෝ ගාල අනොනිමස්ලට බනින්නෙ ඇයි කියල කට්ටිය බලනවා ඇති. හේතුව මගේ පහුගිය පොස්ටු කිහිපයක දාල තියන කොමෙන්ටු බැලුවම සමහරවිට තේරෙයි. සාමාන්‍යයෙන් ඕනෑම පොස්ටුවකට කොමෙන්ටු දාන පිළිවෙලක් තියනවා. කිසිම කෙනෙක් , මම කියන්නෙ ඇත්තටම ආදරෙන් බ්ලොග් කලාව කරන කෙනෙක්, තමන්ගේ පෞද්ගලික දේවල් ප්‍රසිද්ධියේ දාන්නේ නැහැනේ? බොහොම සංයමයකින් යුතුව තමයි ඒක කරන්න ඕන. මොකද බ්ලොග් එකක් කිවම එක්කෙනෙක් විතරක් බලන එකක් නෙමෙයි. කි දෙනෙක් නම් බලනවද. 

මට හිතෙනවා සමහරු බ්ලොග් කලාවට බැහැල ඉන්නෙ අනික් අයට අපහාස කරන්න, අපහසුතාවට පත් කරන්නදෝ කියල. අර අසහනකාරී අනොනිමස්ල කරන වැඩක් ද කියලත් හිතෙනවා. ඒත් තව කෙනෙක්ට අපහාස කරලා ලබන සතුට මොන වගේද කියන එක නම් මට හිතාගන්න අමාරුයි. තමන් කරන දේ අනුව තමන් ප්‍රවිනයෙක්ද නවකයෙක්ද කියන එක තීරණය වෙනවා. අන්න ඒ නිසා තමන් කරන වැඩේ හරියට කරන්න කියන එක තමයි මට කියන්න තියෙන්නෙ. දැන් කට්ටිය අහන්න එපා මම කාටද මේක කියන්නෙ කියල. තමන් ගැන තමන් දන්නවනේ? ඒ හින්ද තීරණය ඔයාල අතේ.

ප.ලි.
ඇනෝලා සිටිය යුතුය.එහෙත් සිදුවිය යුත්තේ තර්කානුකුල මතයක් ගොඩනැගීම මිස අපහාස කිරීම නොවේ. මමත් ඉස්සරම ඇනෝ ලෙස කොමෙන්ටු දැම්මෙමි.නමුත් නමත් සඳහන් කලෙමි.ඒ ඒ දවස් වල බ්ලොගයක් නොතිබුන නිසාත් ගුගල් ප්‍රොෆයිල් ගැන නොදැන සිටි නිසාත්ය.