අද හුග කාලෙකට පස්සේ ඉස්කෝලේ පැත්තේ ගියා.මගේ වැඩකටමමත් නෙමෙයි ගියේ. ඒත් ඒ
ගමන්ම චරිත සහතිකයකුත් අරගන්නවා කියල හිතාගෙන ගියා. මුළු ඉස්කෝලෙම වෙනස්
වෙලා .ලස්සන වෙලා. ඒත් ඉන්න ළමයි නම් ඉස්සරට වඩා ගොඩක් වෙනස් කියල හිතුනා.
මොනවා කරන්නද ඉතින් හැමදාමත් එකම විදියට තිබුනමත් කිසි ගතියක් නෑනේ.හෙට
exam හින්ද ඔක්කොම ළමයි එළියේ. ඉතින් කොහොම කොහොම හරි වටපිට බල බල අන්තිමට
physics lab එකටත් ගියා.පුදුම වැඩේ කියන්නේ එක නම් කිසිම වෙනසක් වෙලා නෑ.
අපි යනකොට තිබුන විදියමයි. කොහොමත් science section එකට ඉස්සර ඉඳන්ම
කැපිල්ල තිබුන. ඒත් තවමත් ඒක යහතින් තියනවා.
ඉතින් ගියාට පස්සේ මට පුදුමත් හිතුනා. පරණ මිස්ලට සර්ලට අපිව හොදට මතකයි.
එහෙම මතක හිටින්න තරම් දේවල් කලෙත් නෑ (හොරෙන් නම් කලා)දකින දකින අයට මතක්
වෙනවා.කියල වැඩක් නෑ මාරම ෆිට් එකක් දැනුන. ඒත් ඉතින් ඉස්සර වගේම
මුනිච්චාවට හිනා උන අයත් හිටිය. කව්ද ඕව ගණන් ගන්නේ. තනියම ගියේ නැති හින්ද
ඉස්කෝලේ වටේ රවුමක් වත් ගහන්න උනේ නෑ හරියකට. ඒත් අව්ලක් නෑ.දැකපු ටික
හොදටම ඇති හිත පිරෙන්න.
කොහොමහරි මට කියන්න ඕන උනේ මෙච්චරයි. අපිට පස්සේ කලෙක මතක් වෙන්න කියල
තියෙන්නේ ඉස්කෝලේ කාලේ කරපු පිස්සු වැඩි කැම්පස් එකේ කරපු වැඩි විතරයි.
ඉස්කෝලේ යන කව්රුහරි මේක බලනවා නම් හොදට මතක තිය ගන්න මේක. හැමෝටම මතක
හිටින විදියට මොනවා හරි හොද දෙයක් කරලා එන්න. පොතේම ඇලිල ගැලිල හිටියොත්
ඔයාලට එච්චර හොද අනාගතයක් දකින්න හම්බ වෙන එකක් නෑ. පොතේම ඇලිල හිටපු මගේ
යාලුවෝ කව්රුවත් හිතපු තරම් හොඳ ප්‍රතිඵල ගත්තේ නෑ. 3idiots ෆිල්ම් ඒක මම
නැවත නැවත බලන ෆිල්ම් එකක්. එකේ මෙහෙම කියනවා .
ජයග්‍රහණය පස්සේ යන්න එපා . විශිෂ්ටත්වය පස්සේ යන්න.එතකොට ජයග්‍රහණය ඔබ පස්සෙන් එයි .
අපි 3 දෙනෙක් ඉස්කෝලෙන් අස් වෙලා එන්න ඉස්සෙල්ලා පොල් පැළයක් හිටෙව්වා ..දැං ඒක හෙන ලොකුයි.....
ReplyDeleteමම ඒ කාලෙ තිබ්බ හැම සංගීත වැඩකටම ගියා. එච්චර තමයි මතක :D
ReplyDelete