බොරළු පාරේ බෑවුම අතට බයිසිකලය වේගයෙන් ඇදී යයි. එහි නැගි , යන්තම් ගැටවර වියට පිළිපන් දඟකාරයාගේ මුහුණේ ප්‍රීතිමත් සිනහවක් මැවී තිබේ.
කුඩම්මාට සිතින් පින් දෙමින් ඔහු වේගයෙන් ඉදිරියට යයි. වට්ටි පෙට්ටි හිසින් ගෙන ඉදිරියෙන් යන වයස්ගත කාන්තාවකි. ඈ අසලටම යනතුරු ඔහු මේ කිසිත් නොදකී.
වට්ටි අම්මාගේ ඇත වූ මල්ලක පැටලුනු බයිසිකලය ඔහුද රැගෙන සැනින් අසල වූ එරමිනියා ගාලෙහි රැඳුනි. සීරී ලේ ගලන වැලමිට දෙසද , බිම වැටී කැරකෙන බයිසිකලයේ ඉදිරිපස රෝදය දෙසද වරින්වර ඔහුගේ නෙත් යොමු වෙයි
වට්ටි අම්මාද තම වට්ටි පෙට්ටි අතරින් නැගි සිටීමට වෙර දරනු පෙනේ. වඡ මෙතනින් පැනගත යුතු යයි ඔහුට සිතුනි
අසීරුවෙන් සිට ගත කාන්තාව වේදනාව දරා ගනිමින් කෝපයෙන් වෙව්ලන්නට වුවාය
" හෙන්ද්‍රික් බාසුන්නැහගේ ළමයෙක් නේද ? "
" ඔව් "
" විට්ටර් නේද ? "
" ඔව් "
ඇය කෝපය වසන් කරගනිමින් කතා කලාය.
" අපුරුයි , තව පොඩ්ඩෙන් මගේ කොන්දත් කැඩෙනවා.
අනතුරුව කාන්තාව තමාගේ කැඩුණු භාණ්ඩ දෙස බලා සුසුමක් හෙළුවාය. නැවුම් වල කීපයක්ම කැඩී ගොසිනි.
" ආච්චිට කියක් ඕනෙද ? "
" රුපියලක් වත් ඕනෑ වෙයි. ආයෙ මේව අලවන්ඩයැ "
ඇය බිඳුණු මැටි භාණ්ඩ කීපයේ කැබලි එරමිනියා ගාලට විසි කලාය.
" ඉන්ඩ මම සුරුස් ගාල ගෙනත් දෙන්නෙම්. "
කොලුවා මොහොතකින් නොපෙනී ගියේය. සියලු විස්තර නොවලහා හෙලිකල පසු කුඩම්මාගෙන් රුපියලක් ලබාගැනීමට ඔහුට එතරම් අපහසු නොවීය.
මවගේ මරණයත් සමග ඔහුගේ එකම සොයුරාට මෙන්ම ඔහුටද පවුලේ සෙසු ඥාතීන්ගේ ආදරය කරුණාව නොඅඩුව ලැබිණි. ඔවුන්ගේ බොහෝ ඔනෑ එපාකම් පිළිබඳව සියල්ලෝම සාමුහිකව සොයා බැලුහ.
' වික්ටර් ' යනුවෙන් කැලණිය ගල්බොරැල්ල ගමේ කාගේත් ආදරය දිනු මේ දරුවාගේ නියම නම ' සැමුවෙල් ' ය. කොන්ත්‍රාත් කරුවෙකු වූ ඔහුගේ පියා තමන්ට බෙහෙවින් උපකාර කල සුදු ජාතික මහත්මයෙකු සිහිවීම පිණිස තම වැඩිමල් පුතාට මේ නම තබා තිබිණ. මේ අනුව ඔහු සැමුවෙල් රොද්‍රිගෝ නම් විය.
ස්තුති වේවා මේ විස්තර අපිටත් දැනගන්න සැලස්සුවට..
ReplyDeleteතව ගොඩක් ඒවා ලියන්න තියනවා දිගටම ඉන්නකෝ බලන්න. ;)
Deleteදාන්න අපි බලාගෙන ඉන්නම්
Deleteඅනිවා දාන්නම්. :)
Deleteඒ කාලෙ නම් බයිසිකලේ හැප්පුනාමත් ඇවිත් තුවාලද කියලවත් බලනව. දැන් නම් හුඟක් දුරට වාහනේකට යට වුනාමත් ඌ මළාද කියලවත් බලන්නෙ නැතුව ගහගෙන යනව.
ReplyDeleteසහතික ඇත්ත .
Deleteදැන් ඇක්සිඩන්ට් එකක් වුනාම ඩ්‍රයිවර්ගෙ ඇටකටුත් කඩලා, ඩ්‍රයිවර් බේරාගන්න හදන වාහනේ ආපු අනිත් උන්ටත් ගහලා, වාහනේටත් ගිණි තියන බව දන්න නිසා ඒක පුදුමයක් නෙවෙයි DDT!
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඒකත් ඇත්ත තමයි බලාගෙන යනකොට L-)
Deleteකථාව ලස්සනයි... තව කොටසක් තියෙනවද?
ReplyDeleteතව බර ගානක් තියෙනවා. ජිවිත කතාව ඉවර උනාම තමයි අමාරිස් අයිය ගේ කතා පටන් ගන්නේ. :)
Deleteනොදැන හිටිය විස්තර ටිකක් කියෙවුවේ..
ReplyDeleteතව කියන්න ඒවා තියනවා....
Deleteහ්ම්ම්..ලියන්නකො එහෙනම් අනිත් කතා ටිකත් :)
ReplyDeleteලියන්නම් ලියන්නම් :D
Deleteතව ටිකක් දිගට දාන්නකෝ..
ReplyDeleteඑහෙම තමයි ටික ටික දානකොට අගේ වැඩියිනේ.... :)
Deleteඅමාරිස් අයියා කියන්නෙ මගෙ ප්‍රියතම චරිතයක්නෙ. අන්න කමීඩියන්ලා! අන්න මිනිස්සු! ස්තුතියි ඇපල්.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මගෙත් ප්‍රියතම චරිතයක් තමයි. :-bd
Delete