බේබිනාගේ ශුර බුද්ධියත් , තැනට ඔබින වචනත්, නිතර සොම්නසින් යුතුව කල් ගෙවීමත් , සංවිධාන ශක්තියත් ගම්මුන් තුල ඇය කෙරෙහි පුදුමයක් මෙන්ම ප්‍රසාදයක් ජනිත කලේ ඉතාම ඉක්මනිනි.
කාටත් විහිලු කරන බේබි අක්කාට විහිළුවක් කිරීමට ' සරන්බාස් ' ට සිතින. ගමේ කව්රුත් සරන්බාස් යනුවෙන් හැඳින්වූ ඔහුට සිල්ලර කඩයක් තිබිණ. කඩේට අවශ්‍ය භාණ්ඩ සෙවීම සඳහා උදේ කාලයේ ගම පුරා ඇවිදීම ඔහුගේ සිරිතය.
බේබි අක්කාගේ නිවාස ආසන්නයට ලං වන විට ඔහු දැඩි කලබලයක් ආරෝපණය කර ගත්තේය. අනතුරුව ගෙමිදුලට වේගයෙන් දිව ආවේය.
"බේබි අක්කේ .... බේබි අක්කේ.... "
සියල්ලෝම කලබලයෙන් දිව ආහ.
"අන්න හෙන්ද්‍රික් බාස්උන්නැහේ සිහි නැතිව වෙලේ වැටිලා. "
මේ විහිළුවෙන් නම් බේබි අක්කගේ ඇස රතු උන බව ඔහුට වැටහින . බේබිනා පිරිවර නෑසියන් සමගම වෙල්යාය දෙසට දිව ගියාය.
සෙස්සන් කුඹුර කොටද්දී නියර මත ඔබ මොබ ඇවිදිමින් සිටින හෙන්ද්‍රික් බාසුන්නැහේව ඇයට දුර තියාම හඳුනා ගැනීමට හැකිවිය. සරන්බාස් ඇස රතු කල විහිලුවට පාඩමක් ඉගැන්විය යුතු යයි ඇය ඒ මොහොතේම සිතුවාය.
අඩක් ඉදුණු කෙසෙල් කනක් කරින්ද , අතින් මල්ලක්ද ගෙනමිනිසෙක් පාරේ යනු පෙනේ. ඔහුට ඉදිරියෙන් යන්නේ සරන්බාස්ය. බේබිනා ඔහු හඳුනා ගත්තේ කල් ඇතිවය. ඇය වට අද්දර සිට කතා කලාය.
" ආ බාසුන්නැහේ කෙහෙල් කනක් හොයාගෙන තියෙන්නෙ , පොඩි කෙහෙල් කැනක්නෙ, කොහෙන්ද හොයා ගත්තේ...? "
ඇය කීවේ තමාගේ සරුවට වැඩුණු කෙසෙල් කොරටුව දෙස බලමින්ය.
" කිව්වා නම් හොඳ කෙහෙල් කැනක් දෙන්නත් තිබුනා. "
කෙසෙල් කැන බිම තැබූ කුලී කරුවා බේබිනා දෙස බලා අහිංසක සිනාවක් පෑවේය.
" පොඩි උනාට බරයි...." ඔහු කිවේය.
සරන්බාස්ගේ නෙත් බේබිනාගේ කෙසෙල් කොරටුව වෙත යොමු විය. මින් කෙසෙල් කැනක් රැගෙන යන්නට නම් අඩුම තරමේ වීල් බැරක්කයක්වත් ඕනෑ වෙයි.
"බේබි අක්කේ නැද්ද හොඳ කෙහෙල් කැන්...? "
"ආ! එකක් තිබුනා. ආන් අර පිළිකන්නෙ."
"එහෙමද එහෙනම් මං ගිහින් හැන්දෑ වෙලා එන්නං...."
සරන්බාස් සහ කුලී කරුවා ලහි ලහියේ පිටත් වුහ. හිරු අවරට හැරුණි. වීල් බැරෝවක් රැගත් තවත් කුලීකරුවෙක් සමග සරන්බාස් පැමිණ තිබේ.
"බේබි අක්කෙ ....කෙහෙල් කැන...."
බේබිනාගේ කට කොනකට සිනාවක් අගින. බේබිනාගේ උපාය හරි ගියේය.
"වීල් බැරක්කෙකුත් ගෙනාවද? අන්න අර පිළිකන්නෙ...."
සරන්බාස් ගේ පිටුපසට යයි. කුලීකරුවා බිත්තියේ නොවදින්නට සීරුවෙන් වීල් බැරෝව තල්ලු කරමින් ඔහු පසුපසින් යයි.
ගේ පිටුපස කෙහෙල් කැනක් නැත. ඔහු විපරමින් බැලීය . ගෙඩි කහ පැහැ ගැන්වුණු ඉතා කුඩා නොමේරු කෙසෙල් කැනක් බිත්තියට හේත්තු කර තිබෙනු පෙනින. එහි ඇත්තේ ඉතා කුඩා ගෙඩි දහයක් හෝ දොළහකි . තමාගේ විහිලුවට පිළිතුරු ලැබුන බව වටහාගත් ඔහු තම මහපට ඇඟිල්ලටත් වඩා කුඩා කෙසෙල් ගෙඩියක් කඩාගෙන කටේ දමා ගත්තේය. අනතුරුව තවත් ගෙඩියක් කඩා කුලිකරුවාට විසි කළේය.
" කාපන් මෙව්වා හරි ගුණයි. "
"මට එපා "
කුලීකරුවා වීල් බැරක්කයද සරන්බාස් වෙත දමා යන්නට ගියේය.
හක්ක හක්ක හක්ක.. ම්=බේබි අක්ක පට්ටනේ.....
ReplyDeleteඉස්සරම දවසක කෝපි කඩේ මේවගේ කථාවක් ගියා මතකයි.. හැබැයි වෙනස්
පට්ටදත් අහනවා. ලොවෙත් නෑ. :))
Deleteමම නම් හිතුවෙම උන්දැ කළේ වෙන විහිළුවක්ය කියල. :))
ReplyDeleteඒ මොකක්ද ඒ...? :-/
Deleteකෙසෙල් ගැන කියපු නිසා බං. ඔයිට වඩා නම් මොකුත් කියන්ට බෑ ඕං. අතින් අරන් තාර ගාගන්ට පුළුවන්ද මූණෙ. :D :D
Deleteආ...හහ් හහ් මට දැනුයි තේරුනේ...B-)
Deleteඈ... එතකොට පොර එහෙමද බඩු හොයාගත්තේ
ReplyDeleteඒ වගේ තමයි. ;)
Deleteනියම චරිතයක් තමා :ඩී
ReplyDeleteඅනිවා...
Deleteබේබි අක්කා තමයි බේබි අක්කා...
ReplyDeleteකියලා වැඩක් නෑ. :)
Deleteහී හී :) :)
ReplyDeleteහොඳ වැඩේ.
ReplyDeleteඅනිවා ;)
Delete#කාපන් මෙව්වා හරි ගුණයි#
ReplyDeleteසරන්බාස්ටත් ඒක තේරිලා...
ඒකනේ... 8-}
Deleteහොද රිටන් එකක් දීලා තියෙන්නේ :)
ReplyDeleteමේ වගේ රිටන් දැන් කාලේ දකින්නවත් නෑ. :D
Deleteනියම කතාව...
ReplyDeleteඇත්තටම උනාද කියලත් හිතෙනවා. :)
Delete