හ්ම්ම්...අද මොකක්ද කියන්න හදන කතාව....? එකත් එකටම මොකක් හරි කුප්ප කතාවක් වෙන්න ඇති. එලම තමයි. නැත්තම් මොකටද 18 + කියල දාන්නේ? එහෙම දාල ලියන ගොඩක් පොස්ටු පට්ටම ආතල්. අනිවා කියවන්නම ඕන ඒවගේ ඒවා තමයි. අනික් ඒවා නම් බලන්න කම්මැලි අප්පා....අරෙහෙම එකක් කියෙව්වම නිදිමතත් යනවා . ආයිත් මතක් කර කර හිනා වෙන්න පුළුවන්.
හරියට හරි. 18+ කියල දාල වැඩේ පටන් ගත්ත.මොකක් හරි එකක් ලියන්න ඕන ඒ හින්ද. සුවර් එකටම 18+ දැක්ක ගමන් අනිවා කට්ටිය එනවා මේක බලන්න. කවදාවත් මේ පැත්තටවත් නොඑන උන් එනවා. බලන ගාන වැඩි වෙනවා. කවුන්ටරේ වැඩි වෙනවා කියන්නෙ බ්ලොගේ ප්‍රසිද්ධ වෙනවා.මොකක් හරි ආතල් කතාවක් දාන්න ඕන කට්ටිය ගෙන්නගන්න.
දැන් කට්ටිය බලනවා ඇති මට නරක වෙච්ච ඇපල් ගෙඩියක් වත් කැවිලද දන්නේ නෑ කියල. එක අතකට එහෙම වෙන්නත් පුළුවන්.මොකද මේ කාලේ හැටියට මොනවා කෑවත් විස වෙන්න තියනවා. එහෙමත් නැත්නම් දකින අයට විස වෙන්නත් තියනවා.
මම ඇත්තටම කියන්න හදන්නේ මම කාලයක් තිස්සේ දැකපු දෙයක් ගැන තමයි. මේ 18+ කියන එක බ්ලොග් වලට ඇවිත් වැඩි කාලයක් නම් නෑ මට මතක හැටියට. ඒත් වැඩේ නැගලම ගියා. එහෙම දැම්මම කට්ටිය බ්ලොග් එක බලනවා කියල තේරුම් ගිය ගමන් කට්ටිය දිගට හරහට මේක පාවිච්චි කරන්න පටන් ගත්ත.
සාමාන්‍යයෙන් 18+ කියන එකෙන් අදහස් වෙන්නේ වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන එක. කාලෙකට කලින් ලංකාවේ හදපු ගොඩක් සිංහල චිත්තරපටිත් එහෙමනේ..(ඒ ගැන කට්ටිය මට වඩා හොඳට දන්නවා ඇතිනේ..) එහෙම කියල දාන්නේ ඒවායේ නිරුවත් හෝ අඩ නිරුවත් දසුන් අඩංගු වෙන හින්ද. නමුත් ඒවා ඒ තරම් ප්‍රසිද්ධ උනා කියල මම නම් හිතන්නෙ නෑ.
බ්ලොග් කලාවට එනකොට මේ භාෂිතය ටිකක් වෙනස්. බලන කට්ටිය හිතන්නෙ ටිකක් චාටර් සීන් එකක් වෙන්න ඇති කියල. සමහර වෙලාවට එහෙම තමයි. නමුත් ගොඩක් වෙලාවට එහෙමද? එහෙම දාන ගොඩක් පොස්ටු වල එහෙම සිද්ධි තියනවද? මෙන්න මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවා මේවා ඇත්තටම එහෙම එහෙම නම් කරන්න සුදුසුද කියල.
මමත් මේ ක්‍රමේ අත්හදා බැලුව.ඇත්තටම කියනවා නම් එතෙක් මෙතෙක් කාලයක් වැඩියෙන්ම බලල තියෙන්නේ එහෙම දාපු පෝස්ටු තමයි. කොච්චර බලනවද කියනවනම් අලුතෙන් දාපු පෝස්ටු හින්ද අරව වැහිලා යද්දිත් කට්ටිය එකම හොයාගෙන ගිහින් බලනවා.ඒවාට වැඩියෙන් වටිනා ඒවා තියෙද්දී ඇයි අරවම බලන්නේ? මිනිස්සුන්ගේ රසවින්දනය ඒ තරමටම පිරිහිලාද? එහෙම නැත්තම් වෙන බලන්න සුදුසු ඒවා දැන් කව්රුවත් ලියන්නේ නැද්ද? එහෙමත් නැත්තම් වෙන මොකක් හරි හේතුවක්ද?
ඔබේ අදහස මොකක්ද?