ඇම්බැක්ක දේවාලයේ ඇති කැටයමක්. |
ඔන්න කතාව පටන් ගන්න යන්නේ....එන්ඩෝ.....
පොඩ්ඩක් ඇන්ටනාව හරවන්න පේනවා මදි.
තව ටිකක්..
නෑ නෑ අනික පැත්තට හරවන්න ආපහු
ආ දැන් ඇති ටිකක් පැහැදිලි උනා. ඔය ගානට වත් බලමු.
මේ මොකටද ලැස්ති වෙන්නෙ? දඬුබස්නාමානය බලන්න ගෙදර කට්ටියත් එක්ක රුපවාහිනිය වටේ එකතු උනේ මෙන්න මෙහෙමයි.
අංගම්පොර කියන නම ඇපල් ට මුලින්ම ඇහුනේ මේ නාට්‍යය හරහා. ඕක බලල ගිහින් ඉස්කෝලේ උන්ගෙ එහෙට මෙහෙට ඇනල අපි කියනවා නිල වලට ගැහුවා දැන් උඹ ඉවරයි තව ටික වෙලාවකින් උඹ මැරෙනවා කියල.
මම දන්නා හැටියට අංගම්පොර කියන අපේ සටන් කලාවට සැහෙන ඉතිහාසයක් තියෙනවා. විජය කුමාරය , එහෙමත් නැත්නම් විජය කියන තක්කඩියා (
මේ ආකාරයට විවධ ගෝත්‍ර අතරේ තිබ්බ විවිධ සටන් ක්‍රම එකතු වෙලා අංගම්පොර හැදෙන්න ඇති කියලයි මගේ නම් අදහස. (සංවාදයට විවෘතයි) . මේක කාලයත් එක්ක උස් පත්වීම් එක්ක දියුණු වෙලා එන්න ඇති. පෘතුගීසින් මේ රට ආක්‍රමණය කරපු කාලේ අංගම්පොර සටන් කලාව උච්ච මට්ටමක තියෙන්න ඇති කියල අපිට හිතන්න පුළුවන්. විමලධර්මසුරිය රජතුමා පෘතුගීසින් සමග කරන දන්තුරේ සටනෙදි සතුරු සෙබළුන්ගේ හිස් වලට ඉහලින් ඔවුන්ගේ පෙළ මැදට පැන සටන් කල සිංහල සෙබළුන් දැක පෘතුගීසින් පුදුමව වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.
මීට වඩා අංගම්පොර ඉතිහාසය ගැන මට දැනුමක් නම් නැහැ. ලෙව්කේ රාල , සුදල්ලිය සහ මාරලිය ගුරු කුල, ඒදඬුවාවේ දිසාපතිනිය වැනි ප්‍රසිද්ධ නම් ගම් ගැන අහල තිබුනත් නිවැරදි තොරතුරක් සොයා ගැනීම ඉතාම අපහසුයි. තිබුනත් ඒවා සාක්ෂි සහිතව ඔප්පු කිරීම තවත් අපහසුයි. මේ නිසා අද වෙනකොට අංගම්පොර කියන නම ඉතාම පහසුවෙන් විකුණාගෙන කන්න පුළුවන් වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා.
අද වෙනකොට නම් පඳුරකට පයින් ගැහුවත් පාරම්පරික අන්ගම්කරුවන් හතර පස් දෙනා විසි වන මට්ටමටම ඇවිත්.
සමහර විට ඇත්තම සටන් කලාව දන්නා පුද්ගලයිනුත් ඇති. නමුත් හොරුන් කවුද ඇත්ත කියන්නන් කවුද කියල හඳුනාගන්නවත් තරම් දැනුමක් අපිට නොමැති වීම අපේම අවාසනාවක් කියල කියන්න පුළුවන්.
(මෙහි නැති දේවල් තියෙනවනම් කොමෙන්ටුවක් පල කරන්න. දැනුම දියුණු කරගන්න ලැබෙන ඕනෑම උදව්වකට තුති. )
ලිපි කීපයකින් සාකච්ඡා කලයුතු වැදගත් මාතෘකාවක්. මේ ගැන විශාල විස්තරයක් බලන්න;
ReplyDeleteමෙන්න මෙතනට යන්න
මෙතන තියෙන ඔක්කොම බැලුව විචාරකතුමෝ..ඒ උනාට මේවයින් ඇත්ත මොනවද බොරු මොනවද කියල වෙන් කරලා අඳුන ගන්නේ කොහොමද? ගොඩක් වෙලාවට මේ තියෙන කරුණු එකිනෙකට පරස්පර විරෝධීයි. මේ ලිපිය ලියන්න කලින් මම මේ ටික කියෙව්වා.
Deleteමේකයි ඇපල් වැඩේ. අපේ දේශීය වෛද්‍ය ක්‍රම අභාවයට ගියා වගේ ඔය සටන් කළා අභාවයට ගියෙත් ගුරු පරපුරවල් අතර තිබුණු විරසක නිසා. ඒ වගේමයි ඊළඟ පරම්පරාවල් ඒවා ගැන උනන්දුවක් නොදැක්වීම. අද කාලේ පොල් ගහකට නගින්නවත් කෙනෙක් හොයාගන්න අමාරුයිනේ. නවීන සමාජයට අනුගත වීම නිසා මේ කලාවන් පිරිහිලා ගිහින්.
Deleteඒක නම් ඇත්ත. ගුරු මුෂ්ටිය තියාගත්තා හින්ද ගොඩක් කලාවන් අපි අතරින් අතුරුදන් වෙලා ගිහින්. සිංහල වෙදකම නම් තවම අතරින් පතර ඉතිරි වෙලා තියෙනවා නේද?
Deleteඅපේ දේවල් අපිට අගයක් නෑ. කව්රුහරි කිව්වොත් මේක අපේ රටින් නෙමෙයි පිට රටින් අව කියල පැනල බදා ගන්නවා. සුද්ද අපේ රට දාල ගියාට තවම අපේ වහල් මානසිකත්වය තවම අපි අතරේ තියෙනවා. ඒ මේ අතරේ අපේ උන් අපිටම කෙලින එක තමයි ඉවසන්නම බැරි.
අංගම්පොර අන්තිමට ඉතුරු වෙලා තිුණෙ බෙලිගල් කොරලයට වන්න ඒත් කරන පවුල් නං රහසිගත වුණා ඒ හන්ද වැඩි යමක් කියන්න බෑ කියන්නෙ දන්නෙ නෑ හුගක්ම පවුල් ඇතුලෙන් රැකගෙන ආවක් තමයි අංගම්පොර. අද වෙද්දි අර වගේ හොරුත් ඉන්නව තමා...
ReplyDeleteගෝත්‍ර හතරටම අංගම් ශිල්පය සටන් කලාවක් ලෙස තිබුණ නේද... ශිල්පීය ක්‍රම අතින් වෙනස්ව
දඩුබස්නාමානයට පස්සෙ අකාල සන්ධ්‍ය ත් පස්ට ටෙලියක්
බෙලිගල් කෝරළේ ගැන නම් අහලම තිබුනේ නෑ. අනික් එක ගෝත්‍ර හතරක් ගැන දන්නෙත් නෑ.මම දැනගෙන හිටියේ නාග, දේව සහ යක්‍ෂ ගෝත්‍ර ගැන පමණයි. අනික් එක ගැන පොඩ්ඩක් කියනවද? :-/
Deleteමීට සියවසකට පමණ පෙර ජුලියස් රාළහාමි නම් ප්‍රකට අංගම්පොර ශිල්පියෙකු සිටි බව අහලා තියෙනවා.
ReplyDeleteඉංග්‍රීසි පාලන කාලයෙ හිටපු බොහෝ අංගම්පොර ශිල්පින් මරා දැමුවා. මොහුත් ඒ අතර කෙනෙක් වෙන්නට ඇති.
Deleteඉංග්‍රීසීන්ගේ කාලය වන විට ගොඩක් අගම්පොර ශිල්පීන් විනාශ වෙලා හිටියා වෙන්න පුළුවන්, ඔවුන් ඉලක්ක කර මැරුවා නොවුනත්.මොකද අංගම් හා ඉලංගම් සටන් රජතුමාට බලන්න පැවැත්වීම නිසා ගොඩක් ශිල්පීන්ගේ මරණය සිදුවෙනවා. අනික මේක යුධ ශිල්පයක් නිසා යුද්ධයේදී මිය ගියා වෙන්නත් පුළුවන්. ඔය ජුලියස් රාළහාමි කියන කෙනා නම් අද කාලේ අපි දන්නේ ස්ටාර්ලා විදිහට...ආං ඒ වගේ කෙනෙක්.සංදර්ශන පවත්වලා තියෙනවලු.
Deleteමේ සටන් කලාව පාරම්පරිකව පැවතගෙන ආව බවක්නෙ අපි දන්නෙ. ඉතිං තමන්ගෙන් ඉගෙන ගන්නා ගෝලයා ලග සටන් ශිල්පය ඉගෙන ගන්න අවශ්‍ය හික්මීම තිබුනෙ නැත්තං. මහා දාමරික ගතිලක්ෂන තිබුන කෙනෙක් නම් ගුරුවරු ශිල්පය දුන්නෙ නෑ
ReplyDeleteඅහල තියෙන විදියට නම් එක ගෝලයෙකුට පමණක් සියලුම දැනුම දෙනවා ගුරු මුට්ටිය තියා ගන්නේ නැතුව. ඒත් බැරිවෙලාවත් ඒකට මොනවා හරි උනොත් ඔක්කොම ඉවරයි.
Deleteයකෝ අර ඇම්බැක්කේ කැටයමේ ඉන්නේ ගේ කපල් එකක් කිස් කරන හග් කරන වෙලාවේ ගත්ත පොටෝ එකක් කැටයම් කරලා . ඒවා මොන එහෙකටද මේකට දැම්මේ හැක හැක හැක හැක හැක හැක හැක ............
ReplyDeleteහැබෑවටම වෙන දාන්න එකක් තිබ්බෙම නෑනේ....මොනවා කොරන්නද ඔන්න ඔහේ දාල දැම්ම. :))
Deleteමාත් හරි ආසයි අංගම් පොර ගැන තව විස්තර ටිකක් දැන ගන්න පුළුවන් නම්. තවත් ටෙලි නාට්‍යයක් තිබුනා නේද අංගම් පොර ගැන, අකාල සන්ධ්‍යා කියලා. ඒක යූ ටියුබ් එකේවත් නැහැ හොයා ගන්න. දඬුබස්නාමානය නම් තියනවා. ස්තුතියි ඇපල් ලිපියට.
ReplyDeleteතුති වේවා...... :)
Delete