2013 ජුලි 21 ඉරිදා මවුබිම පත්තරේ තියන ලිපියක් ඇසුරෙන් තමයි මේක ලියන්න හිතුනේ. අනු එදිරිසිංහ තමයි ලිපිය ලියල තිබුනෙ. මේක කියෙව්වම මට මේක අත්හදා බලන්නම හිතුනා. කෝකටත් තව ඩිංගක් හිතල බලන්නත් ඕන.මාතෘකාවදැක්කම කට්ටිය හිතනවා ඇති ඇත්ත තමයි කියල. මොකද මේ කාලේ දේශීය දේවල් හරියට අගය කරනවනේ
මදැයි ඒ ගැන කතාව.නැත්තම් තව ටිකක් වෙලා යනකොට පොලිසියෙන් ඇවිත් මාව අරගෙන යයි කසිප්පු පෙරුවා කියල. දේශීය වෛද්‍ය වොෂින්ටන් නානායක්කාර මහත්තයා ගේ අදහසට අනුව නම් කසිප්පු කියන්නෙ ඉතාමත් හොඳ , උසස් තත්වයේ ඉන්ධනයක්
රසායන විද්‍යාව කරන අය නම් මේක දැක්ක ගමන් අඳුනගනී
එතනෝල් කියන මේ ඉන්ධනය පෙට්‍රෝලියම් එක්ක කලවම් කරලත් පාවිච්චි කරන්න පුළුවන්. දැනටත් ලෝකේ සමහර රටවල් වල මේක පාවිච්චි කරනවා ඉන්ධනයක් විදියට.ඉස්සරම වාහන හදල තියෙන්නෙ එළවලු තෙල් වලින් දුවන්න. (වෙලාවට දැන් එහෙම නැත්තේ. නැත්තම් කාන්තාවන්ගෙන් තමයි පලවෙනි විරෝධය එල්ල වෙන්නෙ
(වැඩි විස්තර මෙතනින් බලන්න. )
දැනට ලෝකේ භාවිත කරන්නෙ පොසිල ඉන්ධන.ඒ කියන්නෙ අවරුදු මිලියන ගානක් තිස්සේ සත්ව ශේෂයන් සහ තවත් ශාක යනාදිය අධික පීඩනයක් සහ යම් උෂ්ණත්ව යටතේ තමයි හැදිල තියෙන්නෙ. දැනට අපි පාවිච්චි කරන්නෙ මෙහෙම සැහෙන කාලයක් තිස්සේ හැදුනු ඒවා. යන විදියට මේ ඉන්ධන අවරුදු පනහක් වත් පවතින එකක් නෑ
අපිට පුළුවන් නම් මේ කසිප්පු මත්ද්‍රව්‍යයක් විදියට භාවිත කරන්නෙ නැතුව මේ විදියට පාවිච්චි කරන්න , කොච්චර නම් දියුණුවක් ලබාගන්න පුලුවන්ද. මේ විදියට ඉන්ධන හදන්න ඉවතලන බත් පවා ප්‍රයෝජනයට ගන්න පුළුවන් . ඉවතලන පළතුරු , සිනි හදල ඉතුරු වෙන උක්ගස් වල රොඩ්ඩ මේ හැම එකකින්ම අපිට එතනෝල් හදන්න පුළුවන්. මේ හදන ඒවා පිරවුම් මධ්‍යස්ථාන වලට යවන්නත් පුළුවන්. කොච්චර උනත් මේක බඩේ ඉන්න පණුවන්ට ඉන්ධනයක් විදියට දෙන අයත් ඉන්න හින්ද එහෙම කරන්න බැරිවෙන්න මොනවා හරි කලවම් කරන්න වෙනවාමයි. නැත්තම් අපේ අයියලාගෙන් බේරගන්න විදියක් නැතිවෙයි
ඔන්න ඔහොමයි දරුවනේ කසිප්පු මසුරන් හා සමාන වෙන්නේ...