කතාව වෙන පැත්තකට ගියා. ඔන්න ඒ කාලෙ අපිට නැටුම් වලට උඩහ ඉස්කෝලෙට යන්න ඕන. ඒ කිව්වේ ප්‍රාථමික කොටස ඉස්කෝලෙන් පහළ වෙනම කොටසක තිබුනෙ. ඒ හින්ද නැටුම් තියන දවස් වලට හෙන වටයක් ගහල නැටුම් කාමරේට යන්න ඕන
ඔන්න පළවෙනියටම නැටුම් වලට යන දවස. තියන තැන දන්නෙත් නෑ. කට්ටිය පාර දිගේ උඩහට දුවනවා. මට ඉතින් කම්මැලි කම හින්ද නැග්ග තාප්පේ දිගේ. මල ජුලියයි. කට්ටිය නෑ. මාව හොල්මන් උනා .
මට හීන් දාඩිය දැම්ම. දැන් මොකද කරන්නේ...පන්ති භාර මිස්ට අහු උනොත් කන පලාගන්න පුළුවන්
දැන් තමයි ලොකුම අවුල. කාටවත් නොපෙනෙන්න ඉන්නත් ඕන. අහු උනොත් ඉවරයි. කාලච්චේද දෙකක් ඉන්නත් එපැයි. කරන්න දේකුත් නෑ. ඔන්න ඉතින් ඉන්නවා ඉන්නවා ඉන්නවා .................
....................................
............................
...............
.........
....
නැටුම වලට ගිය උන් එන පාටක් නෑ
ම්හු. පට්ටම කම්මැලියි
..
..
..
..
..
..
..
..
.
අපේ පන්තිය පිටිපස්සේ ටිකක් දිය සීරාව වගේ තිබුනා.ඒ හින්ද පොලව ටිකක් බුරුල් ගතියක් වගේ තිබුන. වෙන කරන්න දේකුත් නෑනෙ. හොයා ගත්ත එතනම තිබිල කෝටු කෑල්ලක්. ඕකෙන් පොලව කෙටුව. කොටලා කොටලා හැදුව පාත්තියක් .
පස්සෙ දවසක අපේ ලොකුමිස් , අතුගාන්න හිටපු ජොසපින් අක්කාගෙන් අහනවා ඇහුන කවුද පාත්තිය හැදුවේ කියල . ඊට පස්සේ ඒකෙ මල් වවල තිබුනා මතක හැටියට.
ඔන්න ඔහොමයි මම පන්ති කට් කොරන්න පටන් ගත්තේ.
(සමාවෙන්න යාලුවනේ මට මේ කාලේ ඔයාල ලියන ඒවා බලන්න තරම් වෙලාවක් නෑ