කතාව වෙන පැත්තකට ගියා. ඔන්න ඒ කාලෙ අපිට නැටුම් වලට උඩහ ඉස්කෝලෙට යන්න ඕන. ඒ කිව්වේ ප්‍රාථමික කොටස ඉස්කෝලෙන් පහළ වෙනම කොටසක තිබුනෙ. ඒ හින්ද නැටුම් තියන දවස් වලට හෙන වටයක් ගහල නැටුම් කාමරේට යන්න ඕන
ඔන්න පළවෙනියටම නැටුම් වලට යන දවස. තියන තැන දන්නෙත් නෑ. කට්ටිය පාර දිගේ උඩහට දුවනවා. මට ඉතින් කම්මැලි කම හින්ද නැග්ග තාප්පේ දිගේ. මල ජුලියයි. කට්ටිය නෑ. මාව හොල්මන් උනා .
මට හීන් දාඩිය දැම්ම. දැන් මොකද කරන්නේ...පන්ති භාර මිස්ට අහු උනොත් කන පලාගන්න පුළුවන්
දැන් තමයි ලොකුම අවුල. කාටවත් නොපෙනෙන්න ඉන්නත් ඕන. අහු උනොත් ඉවරයි. කාලච්චේද දෙකක් ඉන්නත් එපැයි. කරන්න දේකුත් නෑ. ඔන්න ඉතින් ඉන්නවා ඉන්නවා ඉන්නවා .................
....................................
............................
...............
.........
....
නැටුම වලට ගිය උන් එන පාටක් නෑ
ම්හු. පට්ටම කම්මැලියි
..
..
..
..
..
..
..
..
.
අපේ පන්තිය පිටිපස්සේ ටිකක් දිය සීරාව වගේ තිබුනා.ඒ හින්ද පොලව ටිකක් බුරුල් ගතියක් වගේ තිබුන. වෙන කරන්න දේකුත් නෑනෙ. හොයා ගත්ත එතනම තිබිල කෝටු කෑල්ලක්. ඕකෙන් පොලව කෙටුව. කොටලා කොටලා හැදුව පාත්තියක් .
පස්සෙ දවසක අපේ ලොකුමිස් , අතුගාන්න හිටපු ජොසපින් අක්කාගෙන් අහනවා ඇහුන කවුද පාත්තිය හැදුවේ කියල . ඊට පස්සේ ඒකෙ මල් වවල තිබුනා මතක හැටියට.
ඔන්න ඔහොමයි මම පන්ති කට් කොරන්න පටන් ගත්තේ.
(සමාවෙන්න යාලුවනේ මට මේ කාලේ ඔයාල ලියන ඒවා බලන්න තරම් වෙලාවක් නෑ
හප්පේ.......මේකා පොඩි කාලේ ඉඳලම ඇම්ඩන් කෙනෙක්.
ReplyDeleteමම පන්ති කට්කරේ සාමාන්‍ය පෙළ ඉගෙනගන්න කාලේ. (1968 - 69) ඒ කාලේ රුපියල් දෙකක් අතේ තියනවනම් ගජ පෝසතෙක්. කෑගල්ලේ ඉඳලා නුවරට බස් ගාස්තුව සත 30යි. නුවර ඕඩියන් සිනමාහලේ ගැලරි ටිකට් එක සත 55යි. සයිවර් කඩේකින් බඩ පැලෙන්න කන්න සත 20යි. අපි ඉතිං පිචර් එක පටන් ගත්තට පස්සේ කළුවරේ තමයි රිංගන්නේ. මොකද 'පිචෑර්ස්' එක බොහෝ වෙලාවට 'ඇඩම්ස්' ඔන්ලි.
හි හී....අපි ඉස්කෝලේ වෙලාවේ ඉන්න කම්මැලි වගේ දවසට 11-12 වෙද්දී බෑග් ටික හෙමිහිට එළියට පන්නගෙන ටවුමට ඇවිල්ලා ගෙදර එනවා ඉස්සර...මටත් මතක් උනා පංති කට් කිරිල්ල.ජොලි කාලේ අප්පා :D
ReplyDeleteමෙන්න මෙයත් පන්ති කට් කරල......
Deleteබිග් මැච් කාලෙට ඉතිං හැමදාම පන්ති කට් තමා.. ඊලගට හැටි කලෙක්ෂන්... දැන් නම් ඒව කෙරෙන්නේ නැ....
ReplyDeleteහප්පෝ... අපේ කට් කිරිලි හැටියට ඕව මොනවද? :-D
ReplyDeleteකට් කිරිල්ලේ ජොලියක් තියෙනවා .හික් හික් දැනටත් ඒ පුරුද්ද ගෙනියනවා
ReplyDeleteඔව් ඔව්. ඉස්සෙල්ලා ඉගෙනුම්.....
ReplyDeleteබොලා කිව්වට විශ්වාස කොරයිද මන්දා...මම පන්ති කට් කොරලම නෑ...
ReplyDeleteඑසේම වේවා එසේම වේවා.....! :)
ReplyDeleteපන්ති කටි කරලා සෙල්ලමි කරන්න යන එක තරමි..... :) :)
ReplyDelete