ඉතින් යාලුවනේ සෑහෙන කාලෙකට පස්සේ මට ආයිත් බ්ලොග් එක ලියාගන්න පොඩි වෙලාවක් හම්බ උනා. මේ පැත්තේ ඇවිත් බලනකොට තමයි දැක්කේ මම මේ අවුරුද්දට එකම ලිපියක් වත් ලියල නැති බව
විභාග කිව්වමයි මතක් උනේ මට. ඊයේ පෙරේදත් විභාගයක් ලිව්වා. එක ලියල ඉවර උනාට පස්සේ තමයි මට මේ වගේ දෙයක් ඔලුවට ආවේ. උසස් පෙළ කරන්න එනකම් ඕවට මම නම් එච්චර කවදාවත් මහන්සි උනේ නෑ. පන්ති කට් කරලා පිස්සු නටල ඔක්කොමත් කරලා අන්තිමට ශිෂ්‍යත්වෙත් සාමාන්‍ය පෙළත් ඔක්කොම බොහොම ලේසියට ගොඩ ගියා. ඔය විදියටම උසස් පෙළත් කරන්න ගිය හින්ද තමයි පලවෙනි පාර ලස්සනට ඇනගත්තේ.
ඊට පස්සේ හිතුව මම කොහොමහරි ඊළඟ පාර නම් අනිවා පාඩම් කරලා ගොඩ යනවා කියල. එත් ටික දවසක් යනකොට අර තිබුන දෛර්යය ශක්තිය ගැම්ම කොහේ ගියාද දන්නේ නෑ.
මට මේ ඔක්කොම මතක් උනේ ඊයේ පෙරේදත් එකක් ලියපු හින්ද. අවුරුද්ද පටන් ගන්නකොට හිතුව අනිවා දැන් ඉඳන් පාඩම් කරලා මේක දලමට ගොඩ යනවා කියල. එත් අන්තිමට පාඩම් කරන්න පටන් ගත්තේ විභාගෙට දවස් පහක් තියල.
මේක බලන විභාග වලට මුහුණ දෙන අය ඉන්නවනම් මේකයි මට කියන්න තියෙන්නේ. මුල ඉඳන්ම වැඩ කලොත් එකම විබාගයක් වත් අමාරු නෑ. පහුගිය විභාගෙ විෂයන් දෙකක් මුල ඉඳලම හරියට කරගෙන ඇවිල්ල තිබුන හින්ද ප්‍රශ්න පත්තරේ හම්බ උන ගමන් පට පට ගාල ලියල දැම්ම
විභාගේ ඉවර කරන් වරෙන්කෝ බ්ලොග් ලියන්න..
ReplyDeleteඔය කිවුවට මොකෝ මම නම් පාඩම් කලේම නෑ බං..
විභාග ඉවර වෙනකම් හිටියොත් තව අවුරුදු තුනකින් විතර තමයි ආයිත් ලියන්න වෙන්නේ. :P මම නම් දැන් පාඩම් කරනවා. නැතිනම් අනිවා කෙළවෙන තත්වයක් තමයි තියෙන්නේ.... :D
Deleteවිභාගේ විභාගේ ඕක තමා අභාගේ...
ReplyDeleteපාඩං කරල ලියපු දවසක් නැති තරං...
ඇත්තටම විබාගෙටත් බුල ගහපු නිසා තමා මේම වෙලා ඉන්නෙ...
අවන්හල
ඔය විභාගේ දැන් සෑහෙන කාලෙක ඉඳන් යනවා නේද ඇපලෝ ?
ReplyDeleteතව අවුරුදු දෙක හමාරක් තියෙනෝ....... :D
Deleteඉක්මනට ඕක ඉවර කොරගනින් ඇපල්...
ReplyDeleteසාදූ සාදූ සාදූ!
ReplyDeleteහෙක් දුක යනු හැමදාම අද පාඩම් කරනවා කියා සිතීමයි. හෙක් හෙක්, විබාග වලට ගිරවා දාල වැඩක් නා බන්, ඒ ඒ විෂය ගැන තමන් ලබන අවබෝදයයි වටින්නේ, අවබෝධයයි දැනුමයි කියන්නේ දෙකක්, අවබෝධය හරියටම තියෙනවනම් ඕන ප්‍රශ්නයක් ගොඩ. අපි ලේක්චාර් කට කලත් ගොඩ යන තියරිය දන්නවා, ඒ නිසා ගොඩ.
ReplyDelete