ඇම්බැක්ක දේවාලයේ ඇති කැටයමක්. |
ඔන්න කතාව පටන් ගන්න යන්නේ....එන්ඩෝ.....
පොඩ්ඩක් ඇන්ටනාව හරවන්න පේනවා මදි.
තව ටිකක්..
නෑ නෑ අනික පැත්තට හරවන්න ආපහු
ආ දැන් ඇති ටිකක් පැහැදිලි උනා. ඔය ගානට වත් බලමු.
මේ මොකටද ලැස්ති වෙන්නෙ? දඬුබස්නාමානය බලන්න ගෙදර කට්ටියත් එක්ක රුපවාහිනිය වටේ එකතු උනේ මෙන්න මෙහෙමයි.
අංගම්පොර කියන නම ඇපල් ට මුලින්ම ඇහුනේ මේ නාට්‍යය හරහා. ඕක බලල ගිහින් ඉස්කෝලේ උන්ගෙ එහෙට මෙහෙට ඇනල අපි කියනවා නිල වලට ගැහුවා දැන් උඹ ඉවරයි තව ටික වෙලාවකින් උඹ මැරෙනවා කියල.
මම දන්නා හැටියට අංගම්පොර කියන අපේ සටන් කලාවට සැහෙන ඉතිහාසයක් තියෙනවා. විජය කුමාරය , එහෙමත් නැත්නම් විජය කියන තක්කඩියා (
මේ ආකාරයට විවධ ගෝත්‍ර අතරේ තිබ්බ විවිධ සටන් ක්‍රම එකතු වෙලා අංගම්පොර හැදෙන්න ඇති කියලයි මගේ නම් අදහස. (සංවාදයට විවෘතයි) . මේක කාලයත් එක්ක උස් පත්වීම් එක්ක දියුණු වෙලා එන්න ඇති. පෘතුගීසින් මේ රට ආක්‍රමණය කරපු කාලේ අංගම්පොර සටන් කලාව උච්ච මට්ටමක තියෙන්න ඇති කියල අපිට හිතන්න පුළුවන්. විමලධර්මසුරිය රජතුමා පෘතුගීසින් සමග කරන දන්තුරේ සටනෙදි සතුරු සෙබළුන්ගේ හිස් වලට ඉහලින් ඔවුන්ගේ පෙළ මැදට පැන සටන් කල සිංහල සෙබළුන් දැක පෘතුගීසින් පුදුමව වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.
මීට වඩා අංගම්පොර ඉතිහාසය ගැන මට දැනුමක් නම් නැහැ. ලෙව්කේ රාල , සුදල්ලිය සහ මාරලිය ගුරු කුල, ඒදඬුවාවේ දිසාපතිනිය වැනි ප්‍රසිද්ධ නම් ගම් ගැන අහල තිබුනත් නිවැරදි තොරතුරක් සොයා ගැනීම ඉතාම අපහසුයි. තිබුනත් ඒවා සාක්ෂි සහිතව ඔප්පු කිරීම තවත් අපහසුයි. මේ නිසා අද වෙනකොට අංගම්පොර කියන නම ඉතාම පහසුවෙන් විකුණාගෙන කන්න පුළුවන් වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා.
අද වෙනකොට නම් පඳුරකට පයින් ගැහුවත් පාරම්පරික අන්ගම්කරුවන් හතර පස් දෙනා විසි වන මට්ටමටම ඇවිත්.
සමහර විට ඇත්තම සටන් කලාව දන්නා පුද්ගලයිනුත් ඇති. නමුත් හොරුන් කවුද ඇත්ත කියන්නන් කවුද කියල හඳුනාගන්නවත් තරම් දැනුමක් අපිට නොමැති වීම අපේම අවාසනාවක් කියල කියන්න පුළුවන්.
(මෙහි නැති දේවල් තියෙනවනම් කොමෙන්ටුවක් පල කරන්න. දැනුම දියුණු කරගන්න ලැබෙන ඕනෑම උදව්වකට තුති. )