Tuesday, May 15, 2012

අපායටම පලයන්..

හප්පා මේ වගේ කාලකන්නි දවස් ටිකක් සෙට් උනේ නෑ මතක ඇති කාලෙකින්. කරන්න වැඩකුත් නෑ. කොහෙවත් යන්න විදියකුත් නෑ. එක්කෝ මොනවත් වැඩක් සෙට් වෙන්න ඕන. එහෙම නැත්නම් පැට්‍රොල් මිල අඩු වෙන්න ඕන ඇවිදින්න යන්නවත්. මුණු බුකියේ යන්නත් කම්මැලි. කියල වැඩක් නෑ අප්පා තනි ඇහැට ඇඩෙනවා. ලියන්න තරම් දේකුත් උනේ නෑ මේ දවස් ටිකේම. වෙසක් පහු වෙලා බක්ති ගීත ප්‍රසංගයකට තබ්ලා ගහන්න ගිය ඊට පස්සේ මොනවත් නෑ. මෙහෙම ගියොත් නම් කම්මැලිකමේ මැරිලා යන්න තමා වෙන්නේ. 


පාඩම් කරන දවස් වල නම් කරන්න අනම් මනම් වැඩ කොච්චර නම් තිබුනද. ෆිල්ම් බලන්නද ගමන් බිමන් යන්නද වැඩ කෝටියයි. එත් ඒවා කරන්න වෙලාවකුත් නෑ. දැන් ඕන තරම් වෙලා තියෙනවා ඒවා එකක්වත් කරන්න වත් හිතෙන්නෙත් නෑ. ෆිල්ම් නම් අප්පිරියයි. game ගහන්නත් බෑනේ දැන් තියන ඒවාට අම්බානකට VGA ,RAM ඉල්ලනවා. මිට පස්සේ නම් මෙහෙම නිවාඩු එපා අයියෝ.... මෙහෙම කම්මැලි කමෙන් ගෙවුන කාලයක් මට නම් මතක නෑ.


මගේ දුක් ගැනවිල්ල ඉවරයි.  :(