Friday, July 6, 2012

කුරුළු මිනිහා...

ඔන්න ඉතින් අන්තිමේදී ඇපල් ගේ දොර අතෑරලා ගෙන්දගම් පොළවේ පදිංචි උනා. සෑහෙන ගේමක් දීල එල කිරි පට්ට ලොවෙත් නැති බෝඩිමක් සෙට් උනා. එතන නම් කියල වැඩක් නෑ. අපේ සෙට් එක , හඳයා , පෝලන්තයා , සුදු පුංචා නොහොත් ඇපල් , ඩොටයා සහ පිනා යන ඔක්කොම ඒ බෝඩිමට සෙට් උනා. ආතල් එකේ වැඩක් කරගෙන ඉන්න පුළුවන් තැනක්. තට්ටු තුනේ බිල්ඩින් එකේ තනිකරම ඉන්නේ කැම්පස් කොල්ලෝ . ඉතින් ආතල් විමානයයි. අපි තුන් දෙනෙක් විතරයි මේ දවස් ටිකේ හිටියේ. අනික් උන් දෙන්න දෙන්න තවම අවේ නෑ ඉස්ට්‍රයික් ඉවර නැති හින්ද. ඒකත් මහා කරදරයක් අප්පා . එක්කෝ කියන්න ඕන කැම්පස් වහලා කියල. එහෙමත් නැත්නම් කියන්න ඕන වැඩ කරනවා දැන් වරෙල්ල කියල. මේ වෙලාවට තමා පොඩි කලේ ඉඳන් ඉගෙනගත්ත සුපිරිසිදු සිංහල මතක් වෙන්නේ.  

ඔන්න ඉතින් යන්තම් සෙට්ල් උනා බෝඩිමේ. වැඩත් පටන් ගත්ත. ඔහොම ඉන්න අතරේ එක පාරටම පෝලන්තය කතා කලා .

මචන් අර බලපන්කො වැඩක් ..
' මොකක්ද බන් ?
අර බලපන්කො..

    
අපි ඉන්නේ උඩම තට්ටුවේ හින්ද වටේම පේනවා. හැබයි කිව්වත් වගේ මරු සීන් එකක්. ඔයාලටත් පේනවද මන්ද. ඈතින් පේනවද බාගෙට හදපු ගොඩනැගිල්ලක් ? ඔන්න ඔතන කොල්ලෙක් ඉදගෙන පරවියෝ එලවනවා. මම ඒත් බැලුව මේ යකාට පික්සු හැදීගෙන වත් එනවද කියල. වැඩේ කියන්නේ පරවියෝ කිසි අව්ලක් නැතුව මුගේ ළඟටම එනවා. ඔහොම ටිකක් වෙලා ඉන්නකොට මේකා එතන තිබුන කූඩුවක් ඇරලා අතට ගත්ත පරවියෙක් . එතකොට තමා අපිත් දැක්කේ එතන තියෙන්නේ කූඩු කියල. ඊට පස්සේ පරවියව උඩ විසි කලා. හැබෑටම මේ යකාට නම් පිස්සුම තමා කියල මට හිතුන. එහෙම කුරුල්ලෙක්ව යැව්වම ඌ ඉගිල්ලිලා යනවනේ.

ඔහොම දිගටම උනා. ටිකක් වෙලා යනකොට අර පරවියෝ එකා එකා ආපහු ඇවිත් වහනවා එතන. අපි දවස් දෙකක් විතර බලාගෙන හිටිය. හැමදාම උදේට දවල්ට හවසට මේකා පරවියන්ව නිදහස් කරලා ආපහු කූඩු වලට දානවා. මේක විනොදාන්ශයක්ද එහෙම නැත්නම් වෙළදාමට කරන දෙයක් ද දන්නෙත් නෑ. ඒත් ඒක බලන් ඉන්න ආසයි . දවසක ඒ පැත්තේ ගිහින් බලන්න ඕන හැබැවටම මේකා කරන්නේ මොකක්ද කියල...
( හෙන ගේමක් දීල පොටෝ
එක ගත්තේ. තව පොඩ්ඩෙන් ඒකා දකිනවා මම පොටෝ ගහනවා කියල . පෝලන්තය නම් දැකල තියනවා උගේ අතේ පච්චයකුත් තියනවා. හම්මෝ.... )