Sunday, November 11, 2012

ඇපල් ට අවුරුද්දයි.....හුරේ....


හප්පේ ඔන්න කොහොමින් කොහොමින් හරි අවුරුද්දකුත් ගියා. කොහොම ගෙවුනද කියල හිතාගන්නත් බැරි වුනාට ගෙවිල ගිහින් . බැලින්නම් කරපු වැඩකුත් නෑ වගේ වගේ කියලත් හිතෙනවා. කොහොම උනත් ඇත්තටම හිතල බැලුවම පහු උන අවුරුද්දේ කොච්චර දේවල් මට ලැබුනද කියලත් කොච්චර දේවල් ඉගෙනගත්තද කියන එකත් මම අමතක කරන්නේ නෑ . අමතක කරන්නත් බෑ. මේ තරම් දුරක් එන්න පුළුවන් උනා කියල හිතෙනකොටත් හරි සතුටක් දැනෙනවා. කොහොම හිටපු කෙනෙක්ද කියලත් හිතෙනවා. මිට අවුරුද්දකට කලින් ඇත්තටම බ්ලොග් කියන වචනේ වත් අහල නොතිබුන මම හෙවත් ඇපල් දැන් බ්ලොග් ලියනවා විතරක් නෙමෙයි අනික් අයටත් බ්ලොග් ලියන්න උනන්දු කරනවා .

අදින් අවුරුද්දකට කලින් මම මේ බ්ලොග් එක පටන් ගත්තේ කිසිම අරමුණක් නැතුව . ඇත්තටම කියනවනම් ආසාවට. 2011 - 11 - 11 කියන දිනේ පලවෙනි පෝස්ට් එක කියල මාතෘකාව දාල පටන් ගත්තේ හිතේ තිබුන ආසාවට සහ මගේ මිතුරා වන අන්ජනගේ උනන්දු කිරීම හින්දා . ඊට ටික දවසකට ඉස්සෙල්ල වෙනකම් මම බ්ලොග් කියන නමවත් අහල තිබුනේ නෑ කියල මම කිව්වනේ ..ඔය අතරේ තමයි මට කිව්වේ මගේ ලෝකය  කියල බ්ලොගයක් තියනවා කියල. කොහොමින් හරි බ්ලොග් කෙරුවාව හිතට අල්ලලා ගියේ ඒ හින්ද . මොකද මේකට සල්ලියක් වැය කරන්න වෙන එකකුත් නෙමෙයි. ඒ හින්ද මිට අවුරුද්දකට කලින් අද වගේ දවසක ලාබයි ඇපල් කියන නමින් මගේ රසවත් නරක නොවුන හොඳ දේවල් පමණක් දෙන (?) බ්ලොගය පටන් ගත්ත. 

මේ සම්බන්ධයෙන් මගේ ගෞරවයෙන් බාගයක් මගේ ලෝකය ලියන රංග ඉංජිනේරුවාට හම්බ වෙන්න ඕන . මම ඒක දිහා බලල තමයි මගේ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක තීරණය කලේ. ඒ වගේම ඒ තියන විදියට මගේ බ්ලොග් එක විවිද විදියට වෙනස් කල කාලෙන් කාලෙට. ඒත් දැන් නම් මගේම තාලෙකට මට කැමති දේවල් දාල බ්ලොග් එක හදල තියනවා . ඉතිරි ගෞරවයෙන් භාගය මගේ මිතුරු අංජන ට හිමි වෙන්න ඕන.මම නොදන්නා ගොඩක් දේවල් කියල දුන්නේ ඔහු. ඒ වගේම තමයි මේ මේ දේවල් කරන්න කියල උපදෙස් දුන්නෙත් ඔහු . ඒ හින්ද ඔහුව මතක් නොකලොත් මම ගුනමකුවෙක් වෙනවා. 

මුල කාලේ නම් මේක බලන්න ආවේ බොහොම ටික දෙනයි. අනික දාන්න තරම් දේකුත් තිබ්බේ නෑ . හරිම අමාරුවෙන් මතක් උනේ දාන්න තරම් දෙයක්. කොහොම කොහොම හරි දාන්න දේවල් ටික ටික අවට පරිසරයෙන් හම්බ වෙන්න පටන් ගත්ත . මුලින්ම දාපු පොස්ට් වලට කට්ටිය කොමෙන්ට් දැම්මෙත් හරිම අඩුවෙන්. බලන්න ඇවිත් තිබුනෙත් හරිම අඩුවෙන්. ඉතින් හැමදාම රෑට බලනවා ඊයේට වඩා කට්ටිය බලලද කියල . එහෙම වෙලා තිබුනොත් හරි සතුටක් දැනුන . කට්ටිය කොහොම කිව්වත් කට්ටිය බලන්න එන ගාන ටික ටික වැඩිවෙනකොට හිතට දැනුන සතුට නම් කියලම වැඩක් නෑ.මාරම ෆිට් එකක් තමයි දැනුනේ . කොහොමින් හරි දැනට මේක බලන්න එන කට්ටිය 55 ක් කියලත් 10000 විතර hit counter කියලත් වැටිලා තියනවා. කාටද ආඩම්බර....

මෙච්චර කල් පිස්සු විකාර ලිව්වා. ටිකක් වැදගත් දේවල් ලිව්වා. මට හිතුන දේවල් ඒ කියන්නේ මගේ මතයන් ඉදිරිපත් කළා. එත් බලන්න කට්ටිය ටික දෙනයි ආවේ. කාලයක් වැඩේ අතාරින්නත් හිතුන . එහෙම බ්ලොග් එක පැත්තේ ටික දවසක් නෑවිත් ඉඳලා අයිමත් ගිහින් බැලින්නම් මෙන්න කට්ටිය බලන්න ඇවිත් වෙනදට වඩා . ආයිමත් ලියන්න පටන් ගත්ත ඒ ගැම්මට. දැනුත් ඒ ගැම්මම තමයි තියෙන්නේ . අන්තිමට තමයි මගේ කන් කරච්චලේ ඉවසගන්නම බැරි තැන අංජන ජාවා පාඩම පටන් ගත්තේ . කොහොමින් කොහොමින් හරි මේ තැනට එන්න ඇත හිත දුන්න හැමෝටම ඉස්තුති වේවා......!!! පින් සිද්ධ වේවා......!!! අද 50 වෙනි එක ලියනවා. ඉස්සරහට මොනවා ලියයිද මොනවා නොලියයිද දන්නේ නෑ. කොහොම උනත් දැන් නම් බනින්න හරි කට්ටිය එනවා කියල දන්නා හින්ද බය නැතුව ඕනෑම දෙයක් ලියනවා. 

එහෙනම් යාලුවනේ.....

මට ජය වේවා.........!!!