Saturday, February 23, 2013

හැඳි නොගා හොද්ද හැදීම

වේවැල් කෝටු නාරං සියඹලා                       අතු
කිතුල් පොල් ඉරටු වැල් කහඹිලිය                 අතු 
මෙවැනි ඉපල් මගේ දෑසට නොපෑ                 යුතු 
පමා නොවී යමි අකුරට මෙයින්                     මතූ 

ඔන්න ඔහොමයි ඉස්සර කාලේ කිව්වේ. දැන් නම් ඉතින් මේවා කොහොමත් දකින්න නැහැනේ. ටවුන් වල කොහෙද කහඹිලිය අතු.  දැන් ඉන්න ළමයි ඕව දැකලවත් නැතුව ඇති. එක අතකට දකින්නෙ නැතුව ඉන්න එකත් හොඳයි කියලත් හිතෙනවා. මේ කවිය මතක්උන වෙලාවේ මට කල්පනාවට ආවේ ඇත්තටම අද ළමයින්ට මේ කවිය ගැලපෙනවද කියල. 

මම පොඩි කාලේ නම් ඇති වෙන්න තාත්තාගෙන් ගුටි කාල තියෙනවා. ගොඩක් වෙලාවට වේවැලෙන් හරි පේර කෝටුවකින් හරි තමයි පාර වදින්නෙ. වේවැලට වඩා පේර කෝටුව මාරම සැරයි. වැවිරි හිටින්න වදිනවා. ඒ වෙලාවට කොහේ හරි හැංගිලා ඉඳගෙන අඬන එක තමයි රාජකාරිය. ඇඟේ රිදිල්ල නැති උනාට හිතේ රිදිල්ල නැති වෙන්නේ නැහැනේ.

දැන් කාලේ ලමෙකුට කෝටු පාරක් දුන්නොත් ළමයින්ගේ දෙමාපියන් ඇවිල්ල ගුරුවරයාට සැර දාල , ස්ථාන මාරුවකුත් සෙට් කරලා නඩුත් දානවා . නමුත් ඒ කාලෙ එහෙම උනේ නැහැ. ඒ කාලේ දෙමාපියෝ දැනගෙන හිටිය ගුරුවරයෙක් පාරක් ගහන්නෙ තරහකට නෙමෙයි දරුව යහමගට යොමු කරන්න කියල. ඒකට දැන්..

මමත් දහම් පාසලක උගන්නනවනේ. මම නම් වැරදි කලාම කෝටු පාර දෙනවා.ඒත් ළමයි මා එක්ක තරහත් නැහැ.ඒ මොකද මම ළමයි එක්ක නිතර විහිලු තහළු කරල යාලුවෙක් වගේ ඉන්න හින්ද. ගොඩක් වෙලාවට කව්රුහරි ළමෙක් දඟ කළා නම් පතියේ අනික් ළමයින්ට කියනවා දඬුවමක් තීරණය කරන්න කියල .ඒක හරි ජොලි වැඩක් හැමෝටම. ඉතින් හිතේ තරහකුත් නෑ ආයිත් කරදරෙකුත් නෑ. මොකෝ වස ලැජ්ජාවනෙ .

ඉස්සර නම් කියන්නෙ හැඳි නොගා හදන හොද්දත් එකයි නොගහ හදන දරුවත් එකයි කියල. මේක අදට ගැලපෙනවද?

27 comments:

  1. වෙන කොයි එකෙත් වගේ මේකෙත් පැති කිහිපයක් තියෙනව ඇපල්. අපි හැමවිටම අතීතයත් වර්තමානයත් සන්සන්දනය කරනව අපිට සාපේක්‍ෂව. මට තාත්ත පහුගිය අවුරුදු විසිගානටම දෙතුන් පාරකට වඩා ගහල නෑ. ඒත් සැරට නෙවි. ගුරුවරුන්ගෙන් උනත් මම ඉස්කෝල ගිය අවුරුදු 13 ටම අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් ගුටිකාල තියෙන්නෙ, ඒකත් වැඩිපුරම පොදුවෙ දඬුවම් මිස පුද්ගලිකව මගේ වැරද්දකටම නෙවි. ඒත් අපේ තාත්තල ඉස්සර සමහර දාට අපිට කියන්නෙ ‘අපි ඔය කාලෙදි අපේ තාත්ත අපිට ගැහැව්වෙ ගස් බැඳල‘ කියල. ඉතිං සීයගෙ තාත්තත් එයාට ඊටත් වඩා දරුණුවට දඬුවම්කරල ඇති. ඒක ඒ කාලෙ තිබුනු සමාජ ක්‍රමේ අනුව වැරැද්දක් තියෙන්නත් නෑ. ඒත් අද ගුරුවරයෙක්ට තියා දෙමව්පියන්ටවත් දරුවන්ට දඬුවම් කරන්න පුළුවන්කමක් නෑ. ළමයින්ට කෲර ලෙස සැලකීම දඬුවම් ලැබිය හැකි වරදක්. පාසලක උනත් මම හිතන්නෙ ළමයෙක්ට ගහන්න පුළුවන් විදුහල්පතිවරයෙක්ට විතරයි, උපගුරුවරුන්ට බෑ. ඒකත් කෝටුව උස්සන්න ඕන අංශක ගානත් අමාත්‍යංශයෙන් අනුමත කරල එවපු චක්‍රෙල්ඛයට අනුව.

    ඒ වගේම ළමයිට ගහල බැනල හදන එකත් යල් පැනල ගිහිපු ක්‍රමයක්.

    ReplyDelete
    Replies
    1. කියල හදාගන්න පුළුවන් නම් හොඳයි. එහෙම කරන්න බැරි නම් මොකද කරන්නේ? අන්න ඒ වෙලාවට දඬුවම් දෙන්නම වෙනවා. ඒත් ශාරීරික දඬුවම් කියන ඒවා මේ කාලේ යල් පැනල ගිහින් කිව්වට තවමත් ඒක සාර්ථක වෙන වෙලාවල් තියනවා. ඒ අවස්ථා හරියට අඳුනගන්න ඕන කියන එක තමයි මගේ අදහස.

      Delete
    2. Dahampasale wewala beha neda?

      Delete
    3. Dahampasale wewala beha neda?

      Delete
  2. mama hithanne lamaita onawata wada gahanna baninna giyath nomaga yanna puluwan. habai lamai kiyana kiyana athata harena demawpiyoth lamaita karanne loku awedak.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. සහතික ඇත්ත. :|

      Delete
  3. ළමයින්ට දඬුවම් කිරීම සඳහා ශාරීරික දඬුවම් (Corporal Punishments) නොදිය යුතු බවට අධ්‍යාපන මනොවිද්යාඥයන් දැඩිව නිර්දේශ කරනවා. නමුත් අපි වගේ පොඩි කාලේදී ගුටි කාලා හැදුන අයගේ අඩුපාඩු මොනවද කියලා මට නම් නොතේරේ.

    මගේ පියා මගේ පන්තිභාර ගුරුවරයාව සිටියදී, මට කවි පාඩම් නොතිබීම නිසා, පන්තියෙන් එලියට දුවන තුරු වේවැලෙන් ගැහුවා. එය දුටු ඒ පාසලේම ගුරුවරියක වූ මගේ අම්මා, හඬමින් පැමිණ, මා බදාගන්නා අයුරු දුටු මුළු පාසලම හැඬුවා.

    අධ්‍යාපන මනොවිද්යාඥයන් විසින් නිර්දේශිත දඬුවම් ක්‍රමය හඳුන්වන්නේ 'Time Out' කියලයි. සිංහල වචනයක් ඇති මම දන්නේ නැහැ. එහිදී කරන්නේ ගුරුවරයා ශිෂ්‍යයාට පැහැදිලිව කියනවා ඔබ නිශ්චිත කාලයක් පන්තියේ පසුපසට වී නිහඬව සිටිය යුතුයි කියලා. ඔහු එය නොකලොත් ඔහු වරද පිළිගෙන සමාව ඉල්ලිය යුතුයි. ඒ දෙකම නොකලොත් ගුරුවරයා කියනවා ඔබ වරද පිලිගන්නාතුරු ඔබ සමග මගේ කිසිම ගනුදෙනුවක් නැහැ. මට ඔබව පෙනෙන්නේ, ඇහෙන්නේ නැහැ. මම ඔබව තනි කළා. ඔබ මගේ ශිෂ්‍යයෙක් නෙවෙයි කියලා. හැබැයි මෙය තරහෙන් නෙවෙයි බොහොම ගැඹුරින් කලයුතු ප්‍රකාශයක්. මම හිතනවා එයින් යම් තරමක හෝ ප්‍රතිඵලයක් ලැබෙයි කිලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මේ ක්‍රම දෙකම මම අත්හදා බලල තියනව. වඩා හොඳ මොනවද කියන එක නම් මටත් ගැටළුවක්. ඒත් ගහනවා කියල ඉස්සර වගේ පිටවල් පුපුරන්න ගහන එක නම් දැන් කාලේ තේරුමක් නැති දෙයක් වගේ නේද? :-/
      ඇත්තටම කියනවනම් ගුටි කාල හැදුන අයගේ අඩුවක් නම් මටත් පේන්නෙ නෑ. :-O

      Delete
  4. ඉස්සර වගේ නෙමෙයි...මිනිසුන් තුල ආකල්ප සෑහෙන්න වෙනස් වෙලා...ගුරුවරයකුගෙන් දඩුවම් විදීම තමන්ට වෙච්ච අවමානයක් කියලා හිතන අයත් ඇති...

    ReplyDelete
    Replies
    1. ඉන්නව ඇති නෙමෙයි ඉන්නවා. එකනේ තමන්ට දඬුවම් කරපු ගුරුවරුන්ට විරුද්දව නඩු දාන්නේ... :)

      Delete
  5. හ්ම්ම්... ඉස්සර නම් අපිත් ගුටි කෑවා.. ඒත් දැන් කාලේ තත්වේ වෙනස්..

    ReplyDelete
    Replies
    1. වෙනස් බව නම් ඇත්ත. ඒත් පරණ ක්‍රම පාවිච්චි කරන්න වෙන වෙලාවලුත් තියනවා. ;)

      Delete
  6. බොටනම් තැලුවේ සාධාරණ හේතුන් මත. තව පොඩ්ඩෙන් මගේ හොද්දත් හැඳි ගානවා.
    ඉස්සර මිනිසුන්ට ඔය කියන තරම් දැනුමක් තිබ්බෙත් නෑලු. හැබැයි ළමයි හැදුවා හොඳට. දැන් ඉන්න අයට දැනුම වැඩියි. ඒ නිසා මනෝවිද්‍යාව කියයි , අරක කියයි මේක කියයි ළමයෙක් හදන විදි හැටහුටාමාරක් තියෙයි. හැබැයි හදපු ළමෙක් නෑ.
    තමන්ගේ පියා තමන්ව හැදුවේ කොහොමද ඊට වැඩ හොඳ වෙන්න යන්න හොඳ නෑ. ඒ ප්‍රමාණයෙන්ම තමා තමන්ගේ ළමයත් හදන්න ඕනි. ඒ කියන්නේ ඉස්සර පැදුරේ නිදාගත්තනම් දැනුත් පැදුරේ ඉන්න වගේ බොළඳ විදියකට නෙවෙයි. ඊට එහා විදියක්

    ReplyDelete
    Replies
    1. දැන් කව්ද කිව්වෙ අසාධාරණයි කියල??? 7:P
      අදහස ඇත්ත. ඊට වඩා කියන්න දෙයක් නෑ. :-bd

      Delete
  7. මේ මේ..... මේ විස බීජ දහම්පාසලේදී අපේ අම්ම කියනවා එහෙම නෙවේ හරිය?
    මෙතන ගෙදර ඇවිත් මට නෙලන්න ලෑස්තිවෙයි.ඉහි ඉහි ඉහි ඉහි ඉහි...

    ReplyDelete
    Replies
    1. හහ් හහ් එව්වා ඉතින් කියන්න බෑ. :))

      Delete
  8. වේවැලක් අරන් යනවද පන්තියට කට්ටියට සලකන්න :)

    ReplyDelete
    Replies
    1. සලකනවට ළමයි හරි කැමතියි නොවැ. :))

      Delete
  9. අම්මෝ, වේවැලක් තියනවද ගහන්න?

    ReplyDelete
  10. mama mix school ekaka vinaya bara teacher kenek.habai magen guti kawa lamayekta chu kakka nogiyoth eka mage hithata hari naha.demawpiyoth ekata mata ida dila thiyenne mokada eyala dannawa lamai guti kanna baye hodata hadenawa kiyala.mama dan inna school ekata awa kale 9-A clz ekema kellek kollek ekka yalu wela un denna english period eka cut karala.english teacher mata ikmanata awith e gana kiwwama mama e panthiyata giya.bell eke sadde ahunath mama panthiyen giye naha.tika welawakin denna panthiya gawata awa.un denna mawa dakka witarai wewlanna gatta.mama kellawa adala gaththa panthiya athulata kollata dora gawata wela balan hitiya.mama wewalak aran thamai awe. mama kellawa anith paththa harawala tikak namala guru mese alla ganna kiwwa eki wewlanawa ekige kakul deka gahenawa hodatama dakka.wewalen palaweni para sarata gahuwa passa paththata. meki kagahuwa uda panna puka allagena meki puka allan ididdima mama ath deke agili walata wadinna gahuwa thawa wewal parak eka wadinaawath ekkama kellata chu yanna patangaththa.chu nawathinneth na kakul deka dige bimata berenawa mama chu yaddima thawa wewal parak pukata gahuwa "kakka barai teacher" kiyala kella haiyen kagahuwa.mama ahune na wage puluwan tharam haiyen wewalen pukata gahuwa.ekita kakka giya mulu panthiyama gu gadai.ita passe danagahagin kiwwa.meki ada ada danagahagatta.mama kollawa adala gaththa.mu ath deka ekaathu karala wadinawa budu teacher aith waradi karanne na gahanna epa kiyala.mama utath mese alla ganin kiwwa.uth allagaththa wewalen pukata dunna haiyen.palaweni paratama uta kalisame chui,gui dekama giya.badaeliya wage giye nil pata kota kalisama assen kakuldeka dige berenawa.mama nawaththuwe na thawa wewal parak uge pukata gahuwa.u puka badagena bima wadi una.mama nakitapan kiyala kagahaddi u nakitta mama aith haiyen ekak gahuwa u kgahuwa.mama hatharaweni wewal para gahaddi uta aith chu poddak giya.passe mama uwath danagassuwa.panthiye balan hitiye kello adanawa bayata kollonta dadiyath dala bayata.waaradi karoth ubala hamotama wenne mekai kiyala mama kiwwa.dan hamoma eliyata gihin wathura genalla panthiya hodanawa kiyala mama saren kiwwa.e welawe lamai panthiyen eliyata yaddi mama dakka mama gahana hati balan hitapu kello 4 ,5 denekta sudu gawme chu gihin kiyala.mama oya wage daduwam thawa ona tharam dila thiyenawa.habai e lamai ada hoda than wala innawa.hoda job karana lamai.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට එකඟ නොවෙමි. දඬුවම් දිය යුත්තේ වරදින් මුදවන්නට මිස තමන්ගේ ඕනෑ එපාකම් පිරිමහගන්න නොවේ. කොමෙන්ටුවක් පල කරනවිට සංයමයෙන් යුතුව පල කරන්න.

      Delete
  11. gahanna epa aadaren kiyanna api ahanawa

    ReplyDelete
  12. gahanna epa aadaren kiyanna api ahanawa

    ReplyDelete