දැන් ඉතින් අවුරුද්දකුත් ගෙවිල ගියා. එහෙම එකක් තිබුනද
කියලවත් දැනුනේ නෑ. එහෙන් මෙහෙන් නැකත් වෙලාවට වෙඩි සද්දයක් දෙකක් ඇහුන
.එච්චරයි. අනික මේ පාර කන්න තිබුනෙත් මහා අන්තිම සවුත්තු වෙලාවක. වෙනදට
උයාගන්න වෙලාවක් වත් නෑ .එකට මේ පාර පැය තුනක්ම තිබුන උයන්නත්. ඉතින් මොනවා
කරන්නද නොනගතේ ලබපු වෙලාවේ ඉඳන් නොකා නොබී හිටිය. කන වෙලාව එනකොට හොඳ
ගණන්. ඉතින් බඩ පැලෙන්න කෑවා.
හැබැටම දැන් ඉස්සර වගේ අවුරුද්ද කියන එක කිසි විනෝදයක් නෑ
කියල හිතෙනවා. මම පොඩි කාලේ අවුරුද්දට කරන්න කොච්චර නම් වැඩ තිබුනද. එත්
දැන් පොඩි එවුන්ට එහෙම පිනක් නෑ. මොනවා කරන්නද කාලේ හැටි තමා. මේ ටික කාලෙට
ලෝකේ සැහෙන්න වෙනස් වෙලා. එක නවත්තන්න පුළුවන් කමකුත් නෑනෙ.
හැමෝම කියනවා දැන් අවුරුද්ද සමරන්න සල්ලි කොයින්ද කියල.
ඇත්ත තමා මේ කාලේ බඩුත් ගණන් අතට හම්බ වෙන ගාණත් අඩුයි. කොච්චර කොහොම උනත්
අවුරුද්ද කිට්ටුව town එකේ ඇවිදින්නවත් බෑ ඒ තරමටම
සෙනග. ඉතින් මේ අයමද සල්ලි නෑ කියන්නේ කියල අපිටත් හිතෙනවා. කඩවල් වල
මිනිස්සු පිරිලා. ඒ මදිවට සමහර පාරවල් වල bike එකේ වත් යන්න බෑ. සල්ලි නෑ
කියල මේ මිනිස්සු මොන තරම් බොරු කියනවද?
ඇත්ත කතාව මේකයි. ඉස්සර ඉඳන්ම අපි අලුත් අවුරුද්ද කියන එක බොහොම ඉහලින්
සමරනවා. කොච්චර අමාරු කම් තිබුනත් තියන ටික ඔක්කොම හරි වියදම් කරලා ඇඳුම්
ගන්නවා. අලුත් හට්ටි මුට්ටි ගන්නවා. නෑදෑ ගෙවල් වල යට තෑගි ගන්නවා. හරිම
පුදුම සංස්කෘතියක්. ලෝකේ වෙන රටවල දකින්න නැති දෙයක් තමා මේක. අවුරුද්දේ
කාලයක් තිස්සේ තරහ වෙලා හිටපු ය ඒවා ඔක්කොම අමතක කරලා අයිමත් යාලු වෙනවා.
කොහොමින් කොහොම හරි මේ කාලේ වැඩිපුරම වෙන්නේ සාක්කුවට තට්ටු
වෙන එක තමා. දැන් තියන අරුමෝසම් බදු ගන්න ගියාම උණ හැදෙනවා ගණන් ඇහුවම.
අවුරුද්ද ඉවර වෙනකොට හොඳටම හන්ටර් වෙලා තමා නවතින්නේ. ඉතින් මාසයක් දෙකක්
යනකම් හිඟන්න වගේ ජිවත් වෙනවා අනුන්ට නොපෙනෙන්න. නමුත් වැඩිය වියදම් නොකර
අලුත් අවුරුද්ද කියන එකේ සැබෑ අරුත වටහා ගන්නවා නම් එක තමා ලබන්න පුළුවන්
හොඳම සතුට. තමන්ටත් අනුන්ටත් කරදරයක් නොවී ජිවත් වෙන්න මේ අවුරුද්දෙවත්
හිතට ගන්න ඕන.
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා............!
Friday, April 20, 2012
Sunday, April 8, 2012
යාලුවෝ
5 වසරේ ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා අලුත් ඉස්කෝලෙකට යන්න හිටපු පලවෙනි දවසේ අපේ තාත්ත මට යාලුවෝ ගැන ලොකු කතාවක් කියල දුන්න. එය කිව්වා යාලුවෝ වර්ග 3 ක් ඉන්නවලු. මේ ය ගැන හොදට දන්නවනම් කරදරයක් නැතුව ජිවත් වෙන්න පුළුවන් වෙඉ කියල එය කිව්වා. දැන් තමයි මට එය කියපු දේවල් ඇත්ත කියල තේරෙන්නේ. පහුගිය කලේ දිහා බැලුවම එකට උදාහරණ ඕන තරම් ගන්න පුළුවන්.
1) අලුත් තැනකට ගියාම ගිය ගමන් සමහර අය යාලු වෙනවා. මේ අය තමයි පලවෙනි කට්ටිය. අපි හැමෝටම එහෙම වෙලා ඇතිනේ. මෙන්න මේ අය හරියට හතු වගේ කියලයි තාත්ත කිව්වේ. මෙයාල අපි ගැන මොනවත් නොදැන තමයි යාලු වෙන්නේ. ටික දවසක් ගියාම මෙයාලට අපේ සමහර ගතිගුණ දිරවන්නේ නැතුව යනවා.ඒ හින්ද මෙයාලගේ යාළුකම් බොහොම ඉක්මනට නැතිවෙලා යනවා.
2)තවත් සමහර අය ඉන්නවා ටික දවසක් ගිහින් යාලු වෙනවා. මෙයාල අපි ගැන ටිකක් දන්නවා.නමුත් හොදටම නෙමෙයි. මෙයාල නම් කාලයක් අපිත් එක්කම ඉන්නවා. ඒ උනත් ගොඩක් වෙලාවට අපිව තේරුම් ගන්න බැරිවෙනවා. එහෙම උනාම මෙයාල අපිව දාල යනවා. මෙයාල ඉස්සර කියපු කට්ටියට වැඩ හොද උනාට ගොඩක්ම හොඳ නෑ. කල්පනා කරලා බලන්න අපිට ඉන්න වැඩි හරියක් යාලුවෝ මෙන්න මේ ගොඩවල් දෙකට නේද අයිති වෙන්නේ කියල.
3)මෙන්න මේ අය තමයි අතිජාත මිත්‍රයෝ කියන්නේ. මෙයාල අපි එක්ක යාලු වෙන්න ඉස්සෙල්ල සැහෙන්න අපි ගැන අධ්‍යනය කරනවා. අපි මොන වගේ කෙනෙක්ද කියල එයාල හොදටම දැනගත්තට පස්සේ තමයි මෙයාල අපිත් එක්ක යාලු වෙන්නේ. අපි වෙනුවෙන් ජිවිතේ දෙන්න උනත් මෙයාල ලෑස්තියි . මේ වගේ යාලුවෝ හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්. එහෙම හම්බ වෙන්නත් පින් කරලා තියෙන්න ඕන. වාසනාවකට වගේ මට ඒ වගේ යාලුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. (බලාගෙන ගියාම මමත් සැහෙන්න පින් කරලනේ.....:P )
හොඳට හිතල බලන්න අපිට ඉන්න යාලුවෝ මේ කොයි ගොඩටද අහු වෙන්නේ කියල. හැකි තරම් තමන්ගේ යාලුවන්ව තේරුම් ගන්න බලන්න. එහෙම නොවුනොත් සමහර විට අපි නොහිතන කරදර වලට මුණ දෙන්න වෙන්න සිද්ධ වෙන්න පුළුවන් යාලුවෝ හින්ද. මොකද කල්යන මිත්‍රයෝ වගේම පාප මිත්‍රයෝ ත් අපි ගාවට එන්න පුලුවනිනේ.........

Wednesday, April 4, 2012
ආදරය
හිතට දැනෙනවා අපහු නැතිවෙනවා
හොයල බලනකොට ආපහු හමුවෙනවා
හිතනා විටදි ඇය ගැන හද පිම්බෙනවා
එය ආදරය යැයි මට දැන් වැටහෙනවා
ලෝකය පවතින්නෙ ආදරෙ හින්දා ලූ
ආදරෙ නොමැති දා ලොව සුන් වෙනවා ලූ
දහසක් දෙනෙත් තුටු කඳුලින් නහවා ලූ
ආදරයකට ටජ් මහලක් තැනුවා ලූ
දෙදෙනෙක් එක සිතින් ආදරෙ කරන විට
කරදර බැනුම් ගල් මුල් එයි සෑම විට
කරදර වලට කරදරයක් වූ දාට
හැකිවෙයි සදා පෙම් ගඟුලේ පිහිනන්ට
කියනෙමි මෙසේ කවි බැඳ ආදරෙ වෙනුවෙන්
ආදර සයුරේ පිහිනන තුර සිත සතුටෙන්
අත් හැරියොත් ඉරිසියාව සැකය සිතින්
කලහැක සැබෑ ආදර මාවතෙ පියමන්
හොයල බලනකොට ආපහු හමුවෙනවා
හිතනා විටදි ඇය ගැන හද පිම්බෙනවා
එය ආදරය යැයි මට දැන් වැටහෙනවා
ලෝකය පවතින්නෙ ආදරෙ හින්දා ලූ
ආදරෙ නොමැති දා ලොව සුන් වෙනවා ලූ
දහසක් දෙනෙත් තුටු කඳුලින් නහවා ලූ
ආදරයකට ටජ් මහලක් තැනුවා ලූ
දෙදෙනෙක් එක සිතින් ආදරෙ කරන විට
කරදර බැනුම් ගල් මුල් එයි සෑම විට
කරදර වලට කරදරයක් වූ දාට
හැකිවෙයි සදා පෙම් ගඟුලේ පිහිනන්ට
කියනෙමි මෙසේ කවි බැඳ ආදරෙ වෙනුවෙන්
ආදර සයුරේ පිහිනන තුර සිත සතුටෙන්
අත් හැරියොත් ඉරිසියාව සැකය සිතින්
කලහැක සැබෑ ආදර මාවතෙ පියමන්
Subscribe to:
Posts (Atom)