Saturday, June 30, 2012

ටකරන් හඬ සුමිහිරිදෝ...


මේක ලියන්නේ මම පරණ සින්දු අහන්න හරි කැමති හින්ද. තවත් හේතුවක් තමයි මට සෝමතිලක ජයමහ ගේ ඔරිජිනල්ම ඇල්බම් එකක් හම්බ උන හින්ද. මේ එක දැන් 4 වෙනි පාරටත් අහන ගමන්. මේක කොහොමද මාතෘකාවට අදාල වෙන්නේ කියල සමහරු බලයි. බලාගෙන යන්නකෝ ඉස්සරහට. 

        එක එක්කෙනා කැමති සංගීත ආකාර තියනවා. සමහර අය කැමති පරණ සින්දු වලට. (මම වගේ ;) ) තවත් සමහර අය කැමතියි අලුත් තාලෙ සින්දු වලට. ඒ අතරේ ඉන්නව තවත් අය බොහොම කනට කරදරයක් නැති සින්දු වලට කැමති කට්ටිය. මේ අය ගැන ඉතින් ගොඩක් දෙනෙක් දන්නවනේ. එයාල ගැන නම් නෙමෙයි මම අද ලියන්න යන්නේ. ලංකාවේ බොහෝ දෙනෙක්ට බස් වල යනකොට බොහොම (අ)මිහිරි අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ද වෙනවා. ඒ තමයි ටකරන් සංගීතය. මම හිතන විදියට අපි හැමෝටම මේ සිද්දිය වෙලා ඇති.  

බලන්න ගොඩක් බස් වල යද්දී නැගෙන ඒ ඉමිහිරි හඬ ගැන ? සින්දුව කෙසේ වෙතත් චාස් චාස් ගාල සද්දයක් නම් එනවා. හරියට කනට මී පැණි වක්කරනවා වගේ. ඒ තරම් අහගෙන ඉන්න හිතෙනවා. මේ වගේ වාසනාවක් තවම හම්බ වෙලා නැත්නම් එහෙම දැන්මම ගිහින් දුර ගමන් යන බස් එකකට නගින්න. ඇත්තටම මොකක්ද මේකේ තේරුම ? ඇයි බස් එකේ යන මගියන්ට මෙච්ච‍ර ආදරෙන් සලකන්නේ ? කොච්චර ආදරේද කියනවා නම් මේ අය වැරදිලාවත් අර්ථයක් තියන සින්දුවක් එහෙම දාන්න කැමති නැහැ. දාන්නෙම ඉමිහිරි ටකරන් සංගීතය විතරයි. වැඩේ කියන්නේ ටකරමට ගහ ගහ සින්දු කියන අති දක්ෂ ගයකයොත් ඉන්නවනේ අපේ රටේ. 

අනේ අම්මප මොකටද මගේ කට කිව්වලු ....!

Wednesday, June 27, 2012

මම බලන කාටුන්....

     ඉස්සර අපේ ගෙදර තිබුන අඟල් 14 කළු සුදු රුපවාහිනියක් . මේකෙන් කොච්චර දඟලුවත් අහු උනේ එක සේවාවක් විතරයි. අනික පොඩි කාලෙ ගෙදරට විදුලි බලය තිබුනෙත් නැති හින්ද බැටරියක් පාවිච්චි කරලා තමයි බැලුවේ. මට හොඳට මතකයි අපි ඔෂින් බල බල ඉන්නැද්දි හිටි ගමන් බැටරිය බැහැල ටීවී එක ඕෆ් වෙනවා. ඒ වෙලාවට කට්ටිය සුසුම් හෙල හෙලා තමන්ගේ වැඩ කරගන්න යනවා. ඒ කාලෙ ඉඳන් මට කාටුන් බලන්න සැහෙන්න තරමේ පිස්සුවක් තිබුන.  ඊට පස්සේ අපේ ගෙදරට විදුලි බලය ගත්තහම තාත්ත ගිහින් අලුත් වර්ණ රුපවාහිනියක් ගෙනවා. එත් අපේ ගෙදරට උපරිම අහු උනේ සේවා 2 ක් විතරයි. අපේ ගෙදර තියෙන්නේ කඳු වළල්ලකින් වට වෙලා හින්ද ටීවී සිග්නල් එන්න හරි හොරයි.

      මේ අතරේ දවසක් තාත්ත ගෙනවා නිකන් රොටි තැටියක් වගේ මොකක්ද එකක්. කලින් දැකලත් නැහැ. ඊට පස්සේ දවසේ මනුස්සයෙක් ඇවිත් අරක වහලේ හයි කලා. එතකොට තමා අපි දැනගත්තේ මේක සැටලයිට් රිසීවර් එකක් කියල. එදා දවසේ අපිට නිකන් මගුල් වගේ. ඇයි ඉතින් එචරකල් බැලුවේ රුප ඇද වේවි තිත් තිත් එක්කනේ. අපි හිතාගෙන හිටියෙත් ටීවී එකේ පේන්නෙ එහෙම තමා කියල. අරක දැම්මට පස්සේ මෙන්න බොලේ වීදුරුව වගේ පේනවා. ඉතින් එයින් පස්සේ ඇති වෙනකම් ටීවී බලන්න පටන් ගත්ත. ඒක හින්ද තමා මම කාටුන් බලන්න ඇබ්බැහි උනේ. දැන් නම් අන්තර්ජාලෙනුත් බාගෙන බලනවා.

ඔන්න තියනවා මම ඒ කාලෙ බලපු ඒවා ටිකක්.

1) Birdman

2) Banana man

3) Zorro

4) Tin Tin

5) පිස්සු පුසා 

6) හා හා හරි හාවා  
7) Highlander


පහලින් තියෙන්නේ sat  එක ගත්තට පස්සේ බලන්න පුරුදු උන ඒවා. මහා ගොඩක් තිබුනට මතක ටිකයි. 

1) Pokemon
2) Bayblade vforce
3) Blue Dragon 
4) Dragon Ball Z
5) Law of Ueki 
6) Inu Yasha
7) Yu Yu Hakusho ( Ghost Fighters )
8) Flame  of Recca 
9) Avatar : The Last Air Bender
10) Batman : The Brave and the Bold    
11) Ben 10
12) Kids Next Door (KND)
13) Courage The Cowardly Dog    
14) Garfield
15) Young Justice ( Ongoing )
16) Digimon
17) Fairy Tail ( Ongoing)
18) Full Metal Alchemist
19) Naruto ( Ongoing )
20) Tom and Jerry
21) Avatar : The Legend of Korra ( Ongoing )
22) Card Capter Sakura
23) Ranma Half

තව බලපුවා නම් තියනවා. ඒත් ඒවායේ නම් මතක් වෙන්නේ නෑ. තවමත් කාටුන් බලනවා කියල අපේ එව්වෝ නෝන්ඩිත් දානවා සමහර වෙලාවට.
 
මම වගේම කාටුන් පිස්සෝ ඉන්නවනම් උදව් කරන සේක්වා......
 

Friday, June 22, 2012

ඇලපාත මුදලි මං......

ටික දවසකට පස්සේ ලියන්න හිතුන මගේ ගම්පළාත ගැන ටිකක්. මෙහෙම හිතුනේ මොකද කියල නම් දන්නේ නෑ . මේ වෙලාවේ කවි සිතුවිලි පහල වෙනවා සෑහෙන්න. ඉතින් ඒ කවියක් දිගේ දවල් හීනයක් (ඒත් දැන් නම් රෑ 11.30 යි) බලාගෙන ගිහින් ගිහින් පරණ කාලේ සිද්දි මතක් වෙලා අන්තිමට මේක මතක් වෙනකොට පැයක්ම ගිහින් දන්නෙම නැතුව. ෆුහ්හ් කියල වැඩක් නෑ මතක් උනා දේවල් ටික නම්. ඒත් මේ පුද්ගලය ගැන මතක් උනේ තහනම් අඩවියේ දැකපු පෝස්ටුවක් හින්ද. 

හැබැටම කව්ද මේ ඇලපාත මුදලි ? කාටද මේ පුද්ගලයාව අමතක වෙන්නේ නේද. ගජමන් නෝනා සහ ඇලපාත මුදලි ගැන ලංකාවේ නොදන්නා කව්රුවත් නැතුව ඇති. ඇලපාත මුදලි ගජමන් නෝනට තමන්ගේ මුළු හදවතින්ම ආදරය කලා . ඒත් දුක හිතෙන වැඩේ කියන්නේ ගජමන් නෝනා ඒක සත පහකට වත් ගණන් නොගත්ත එකයි. ගජමන් නෝනා දකින්න කලින් ඇලපාත මුදලි හිටියේ මහණ වෙලා. ඒත් ඉතින් රු සපුවෙන් අගතැන්පත් කොර්නේලියා එහෙම නැත්නම් ගජමන් නෝනා දැකපු මුදලි සිව්රු හරිනවා. අපරාදේ අන්තිමට එකත් නෑ මේකත් නෑ වගේ වැඩක් තමා ඇලපාත මුදලිට සිද්ද උනේ. ඒත් ඉතින් මුදලි බොහොම අහිංසක අවංක හද පත්ලෙන්ම ලව් කලාට වෙන වෙන කරත්තත් ඒ කාලේ සෑහෙන්න පැදලා තියනවා. ( මේක දැකල මට නඩු දාවිද දන්නේ නෑ අම්මෝ ..... )

මේ තියෙන්නේ මුදලි ගජමන් නෝනට කියපු කවියක් .

චන්ද සූරියා මෙනෙ ළඳෙ නුඹෙ                      උවන
ඉන්දනීල දෙක වැනි ළමැද එන                         තන
අන්දකාරයට ඇවූලූ පහන                              මෙන
කින්ද තනි යහනෙ නිදියන්නේ                    නෝන


කොහොමද අපේ පැත්තේ හිටපු අය ඒ දවස් වල කියල තියන කවි ? සුපිරි නේ ?
ඕකට ගජමන් නෝනා දුන්නේ මේ වගේ උත්තරයක් .
 

බැන්ද මගේ හිමි පරලොව ගිය                         බැවින
නින්ද මෙමට පුරුදුය තනියම                           යහන
වින්ද රති සැපය මට මතක නැති                        වුණ
කින්ද තමුසෙට විමසන්න                             කාරණ 




ලාබයි ඇපලුත් හිටි ගමන් ඔහොම කවි කියනවා උනාට කාටවත් ඇහෙන්න කියන්නේ නෑ මොකද ගුටි කන්න වෙන හින්ද අම්බානකට.

දුටුවත් සුර ලඳුන් වගෙ අය මග                       යනෙන
වනන්නට නොහැක
ඔබෙ රුව බිය                  දැනෙන
තිබුනත් තැඹිලි වැන්නෙන් ලොකු තිසරු              රණ
ලාබයි ඇපල් හට වටිනවා ඔහුගේ                        පන 
 




ඔන්න මම ගියෝ....................!





 

Tuesday, June 12, 2012

මම බලන TV සීරීස්....

මම ඉතින් එදා ඉඳන් TV සීරීස් බලන්න හරිම ආසයි නොවැ. ඉතින් මට හිතුන මම බලපු හොඳම ටික මේකේ දන්නා ඕනිය කියල. හේතුව තම මට උදව්වක් වශයෙන් තව හොඳ හොඳ ඒවා ගැන කොමෙන්ටු දැයි කියල හිතුන නිසා. පොඩි කාලේ නම් බැලුවේ TV එකේ ගිය ඒවා තමා. ඒත් දැන් නම් අන්තර්ජාලෙන් බාගෙනත් බලනවා. ඒවටත් මම හිතන්නේ ඇබ්බැහි වෙනවා. කාලයක් සැහෙන්න කාටුන් බැලුව. දැන් මේවා. හෙහ් හේ...

මේ තියෙන්නේ පරණ ඒවා...


1) Space cases 


2) Robin Hood


3) Spellbinder


4) The Lost World


5) Tin Tin


6) පන් පසිදුවෝ




7) Ocean Girl
  
8) Round The Twist

9) Silver Shadow 


10) රොබින්සන් අන්දරය 



තව සැහෙන්න බැලුව ඒත් දැනට මතක එච්චරයි . පහලින් තියෙන්නේ ලඟකදී බලපුවා හා දැනට බලන ඒවා. 

1) Vampire Diaries


2) The Secret Circle


3) Terra Nova


4) Teen Wolf


5) Super Natural


6) Naruto Shippuden


7) Fairy Tail


8) Relic Hunter




පස්සේ තව මතක් උනොත් දාන්නම්. මේ වෙලාවේ මතක් උන ටික විතරයි දැම්මේ. ඔයාල බලන තව හොඳ ඒවා තියනවනම් කොමෙන්ටුවක් දාල යන්න.




Friday, June 8, 2012

දන්සැල් වැඳීම 2 කොටස

ඔන්න ඉතින් පොසොන් පෝයත් ඉවර උනා. වැඩ ගොඩක් හිර වෙලා තිබුනත් එදාට කරන්න තිබුන වැඩ නම් එකක් වත් මග අරින්න සිද්ද උනේ නෑ වාසනාවට. අපේ එකෙක් ට ඩෙංගු හැදිලා ඉස්පිරිතාලේ නවත්තල. ඉතින් ඔක්කොටම කලින් උදේම 6 30 ට විතර ගියේ ඒකව බලන්න. ඌ යසට ඉන්නවා. ඩෙංගුත්  නෑ මුකුත් නෑ. ඉතින් මිනිහත් එක්ක අනම් මනම් කතා කර කර ඉඳල 7 30 විතර වෙනකොට මගේ යාළුවගේ ගෙදරට ආව. කතා වෙලා තිබුන හැටියට වන්දනාව ආරම්භ කරන්න තිබුනේ 10 ට විතර. මම යනකොටත් මිනිහ හොදට ගොර ඇද ඇද බුදි. කොම් එක on කරලා තිබ්බ හින්ද එකේ තිබුන ගේම් එකක් ගහන්න පටන් ගත්ත.  

කොහොමින් කොහොමින් හරි වෙලාවත් ලං උනා. මෙන්න යකෝ අහස කළු කරගෙන එනවා සැරටම. ඒත් ඉතින් මේ වගේ පෝය දවසකට විතරනේ අනිත් අයට පින් පුරවන්න හම්බ වෙන්නේ :D. ඒ හින්ද පරණ කුඩ කබලකුත් සෙට් කරගෙන එලියට බැස්ස. අඩි 3 ක් යන්න උනේ නෑ මහා ධාරානිපාත වර්ෂාවක් කඩා හැලෙන්න පටන් ගත්තේ නැතැයි. මට හිතුන මේකත් ගිය පාර දන්සල් වැදිල්ල  වගේම වෙයි තමා කියල. ඒක කියෙව්වේ නැත්නම් මෙතනින් යන්න. ඒත් ඉතින් පටන් ගත්ත ගමන නතර කරලා ගෙදර ගියොත් ඊටත් වඩා චාටර් එකක් කන්න වෙන හින්ද ඕන මගුලක් වෙද්දෙන් කියල එලියට බැස්ස. කොහොමහරි මහපාරට එනකොට හන්දියේම තියෙනවා අයිස් ක්‍රීම් දන්සලක්. පටන් ගන්න හදනවා තවම. ඉතින් ඒක පටන් ගන්නකම් ඊට ටිකක් එහා තිබුන කඩයක් අයිනට වෙලා හිටිය. මොකද වැස්සත් සැරයි අනික කුඩෙත් ඉරිලා ඇතුලෙන් තෙමෙනවා. ටිකක් වෙලා ඉන්නකොට පාරේ වාහන බ්ලොක් එකක්. අපි දැනගත්ත දන්සැල පටන් අරන් තමා කියල. ඉතින් අපිත් ගිය මහා වැස්සේම අයිස් ක්‍රීම් කන්න. ඔන්න ඔහොම තමා වන්දනාව පටන් ගත්තේ.

මෙන්න අපි එදා ගිය දන්සැල් ලිස්ට් එක.
 
1) අයිස් ක්‍රීම්
2) සවු
3) එළකිරි
4) නුඩ්ල්ස්
5) බෙලිමල්
6) බත්
7) නුඩ්ල්ස්
8) කේක් සහ බීම ( මේක හම්බ උනේ අඳුනන ගෙදරකට ගිහින් :P )
9) බෙලිමල්
10) බනිස්
11) සුප්
12) කඩල


කොහොමද අපේ වන්දනාව ?