Thursday, November 19, 2015
අපේ දියුණුවක් නැත්තෙ ඇයි ?
ලංකාවේ මිනිස්සුන්ට ඇයි දියුණු වෙන්න බැරි? මට අද හදිස්සියේම ඔලුවට ආපු පුරස්නයක් තමා මේක. මේ රටේ මිනිස්සුන්ට කරන්න පුළුවන් වැඩකුත් නෑ බැරි වැඩකුත් නෑ බලාගෙන ගියාම. කරන්න බැරි දෙයක් නැහැ කියන්නෙ මේකයි. ලංකාවෙ කොයි පැත්තකට ගියත් අපිට දකින්න හම්බ වෙනවා අපේ ආදී මුතුන් මිත්තෝ කරපු මහා පරිමාන පුදුම හිතෙන අලංකාර ප්‍රෞඩත්වය ඇති කරවන යනාදී වශයෙන් විස්තර කරන්න පුළුවන් වැඩ කන්දරාව. කන්දක් නැග්ගොත් ඔකේ කොහේ හරි පන්සලක් තියෙනවා ගල් කණු වලින් සක්තිමත් කරපු. ගුහාවකට ගියොත් රුව විස්තර කරන්න බැරි තරම් අලංකාර චිත්‍ර තියෙනවා. කන්ද බැහැල තන්නකට ගියොත් මහා මුහුද වගේ ලොකු වැව් තියෙනවා. මේ රට මහා අරුම පුදුම වැඩ කරපු රටක්.
මොනවත් බැහැයි කියන්න හේතුව ඉතිං කාටවත් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැතිව ඇතිනේ. මේ දවස් වල වෙන දේවල් ගැන ඇහුවම දැක්කම මේ මොන අපත රටක්ද කියල හිතෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නි ටික පච හල හල බොරුවට එක එකා එක්ක මරා ගන්නවා. තමන්ගේ පක්ෂෙ කැඩෙන්න දෙන්නෙ නෑ අපි එක ආරක්ෂා කරනවා කියල පුරසාරම් දොඩවනවා. මුන් ඔක්කොටම අමතක වෙලා මුන් මොකටද ඔය පක්ෂයක් කියන එකක් හැදුවේ කියල. ඕක හැදුවේ මම දන්නා තරමින් රටේ ඉන්න මිනිස්සුන්ට ඔක්කොටම එකට කතා කරන්න බැරි හින්ද උන් වෙනුවෙන් යමක් කරගන්න තෝරගත්ත කට්ටියක් එකට එකතු කරගන්න. අනිත් හැම දෙයක්ම කරද්දී අපි ඒකෙ තත්වය හොඳද කියල බලනවා. හිතන්න ටීවී එකක් ගන්න ගිය ගියාල? මුලින්ම දැකපු එක අරන් එන්නෙ නැහැනේ. හොද වර්ගයක් බලල තමයි අරන් එන්නෙ වටේ ගෙවල් වලටත් පෙන්න. වාහනයක් ගත්තත් එහෙමයි. වැඩි එකක් ඕන නෑ ගෙදරට නෝනා මහත්තයෙක් ගෙනාවත් එහෙමනේ.... එච්චර හොඳට හොයල බලල ඔක්කොම කරන අපිම අපිව පාලනය කරන්න කෙනෙක් තෝරනකොට ඕව මොනවත් බලන්නෙ නැතුව ඉන්න ලොකුම කාලකන්නියව යවනවා ලොකුම තැනට. ඊට පස්සේ ඌ ගොන් වැඩ කරනකොට ඌට බනිනවා හත්මුතු පරම්පරාවම මතක් වෙන්න. අනේ අපි වගේ මිනිස්සු ටිකක් හැබෑට.
අද ඕක කල්පනා උනේ මෙන්න මේ සිද්දිය හින්දයි. උදේ ඉව්වෙත් නැති හින්ද මම අද පුළුවන් තරම් ඉක්මනට ලැහැස්ති වෙලා ගියා වැඩට. කැම්පස් එකේම තමා මේ ටිකේ වැඩ. අපි ඉතිං ට්‍රේනීස් ල කියල තම කියන්නෙ. 8:20 වෙනකොට ගිය කියමුකෝ...අත්සන් කරන තැනට යනකොට 8:25යි. මෙන්න බොලේ යනකොට එක බූතියෙක් 8:30 දාල අත්සන් කරලා.......තවම 8:25 යි. මට යකා නැග්ග. ඇයි බොලේ හරි අමාරුවෙන් වාසනාවට තදබදේට අහු වෙන්නේ නැතුව යන්තම් ඉක්මනට ආපු දවසෙත් හරියට වෙලාව දාන්න විදියක් නැති හැටි. කමක් නෑ කියමුකෝ ඒක. 4:15 ට තමයි කට්ටියට වැඩ ඇරෙන්නෙ. අන්න බලන්න එපැයි ඒ වෙලාවට තියෙන හදිස්සිය. 4 වෙනකොට ඔක්කොම ටික අකුලාගෙන අත්සන් කරන තැන පිරිලා පෝලිමට ඉන්නවා කට්ටිය. කීයට ආවත් උදේ 8:30 හවස 4:15. මගෙ යාළුවා කියපු කතාවට මට හිනාත් ගියා.
" මචන් ජපානෙන් එකෙක් ආවොත් එහෙම ඌ හිතයි මේකෙ ඉන්න උන් ඔක්කොම ගානට ප්‍රෝග්‍රෑම් කරලා කියල වෙලාවට වැඩ කරන්න. "
Wednesday, November 11, 2015
අවුරුදු හතරක්ම උනා එහෙනම් - ලාබයි ඇපල් ගේ උපන් දිනය
මදැයි එහෙනම්. දැන් හතර අවුරුද්දකුත් ලබනවා.
ගිය අවුරුද්දේ මේ වෙනකොට මම බ්ලොග් ලිවිල්ල අතැරලා දාල තමා තිබුනේ.
උපන් දිනයක් කියන්නෙ මට නම් බොහොම වැදගත් දවසක්. කාල බීල පාටි දන්නා නෙමෙයි. ගතවුණ අවුරුද්ද ගැන හිතල කල දේවල් මතක් කරලා ඉස්සහරහට කරන්න ඕන දේවල් සැලසුම් කරගන්න තියෙන හොඳම දවස තම උපන් දිනය කියන්නෙ
2011 අද වගේ දවසක , ඒ කියන්නෙ 11.11.11 දවසේ මම පලවෙනි ලිපිය ලිව්වා පලවෙනි පොස්ට් එක කියල.
එහෙනම් මට සුබ උපන් දිනයක් වේවා.......!!!
Wednesday, October 28, 2015
මොකටද අපි බ්ලොග් ලියන්නේ....??
මට හිටි ගමන් ඔලුවට ආපු අදහසක් මේක. මේ වගේ ඒවා ඔලුවට එනවා කම්මැලිකමේ හිනිපෙත්තට නැගල තව ටිකක් උඩට නැග්ගහම
. වස කම්මැලිකමේ මෙලෝ දෙයක් කරන්න හිත නොදුන් වෙලාවක දැන් වැරදිලා වගේ ලියන මගේ බ්ලොග් කට්ට පැත්තේ එන්න හිතුන. වැඩ ගොඩක් ඇති කමකට නෙමෙයි දැන් නම් මේක නොලිය ඉන්නේ. කම්මැලි හින්ද. ආයිත් බොරු කියන්න ඕනයැ
. හද්ද කම්මැලිකමේ මේ දවස් ටික ගෙවෙන්නේ. කොරපු training එකේ රිපෝට් එක ලියන්නත් තියෙනවා. තවම ඒකෙන් බාගයයි ලියල තියෙන්නෙ. මේ සතියේ නම් කොහොම හරි ඒක ඉවර කරන්න ඕන.
දැන් අපි එමුකො මාතෘකාවට. අපි එක එක දේවල් කරනවා විවිධ අරමුණු හිතේ තියාගෙන. මේ බ්ලොග් ලිවිල්ලත් ඒ වගේම වැඩක්නේ. ඉතින් මම කල්පනා සාගරේ ගිලිලා ඉන්නකොට
කල්පනා උනා මේක. මොකටද අපි බ්ලොග් ලියන්නේ හැබෑටම? සමහරු කැමතියි කට්ටියට ආතල් දෙන්න. එහෙම පටන් ගත්ත ඒවා ටිකක් තිබුන දැන් ඒවා මම දන්නා හැටියට නතර කරලා. අලුත් ඒවා තියනවද නම් දන්නෙ නෑ. පරණ තිබ්බ දෙක තුනක් නම් දැන් නෑ කියල දන්නවා.
තවත් සමහර අය මේක ලියන්නේ ඇත්තටම දැනුම බෙදා දෙන අදහසින්. මගේ ඔලුවට එන පලවෙනි බ්ලොග්කරු තමයි විචාරක. එතුමා දැන් ඉතින් විශ්‍රාම අරගෙන හැරමිටිය අරන් වෙවුල වෙවුල යන කාලෙනේ.
ඉතින් පරණ දේවල් මතක් කරලා බ්ලොගේ ලියනවා. මම හරිම ආසාවෙන් කියවන බ්ලොග් එකක් තමයි අසමි දකිමි සොයමි කියන එක. තවත් මේ වගේ අදහසකින් කරන කිහිප දෙනෙක්ම ඉන්නවා. සයුරි අක්කගේ පහන් යාය බ්ලොග් පිටුව. මේකේ ගොඩක් වෙලාවට අපේ ඉතිහාසේ ගැන ගොඩක් දේවල් ලියවෙනවා.
මෙහෙම ලියනවනම් තව පිටු ගානක්ම ලියන්න පුළුවන්. ඒ හින්ද මම ඒවා ගැන ලියන්නේ නෑ. දැන් ඇපල් වස කම්මැලියෙක් වෙලා. ඒ හින්ද සමා වන සේක්වා........!
මම නම් මේ බ්ලොග් පිටුව පටන් ගත්තේ අලුත් යාලුවන්ව හම්බ වෙන්න. ඇත්තටම කියනවනම් මට මේක හරහා යහළුවන් ගොඩ දෙනෙක් හම්බ උනා. එක්කෙනෙක් දෙන්නෙක් හැරෙන්න තවමත් මම මේ කිසිම කෙනෙක් හැබැහින් දැකල නම් නැහැ. ඒ උනත් ඒ ඇති උන මිතුදම් තවමත් බොහොම තදයි. ඒ වගේම තමයි මට උවමනා උනා මම හිතන දේවල් ගැන අනික් අය මොන වගේ ඒවාද කියන්නෙ බලන්න. ගොඩක් වෙලාවට මම ලියන්නේ මගේ හිතට එන අදහස්. ඒවා හරිද වැරදිද කියලා බලන්නේ නැහැ ලියල දානවා. ඒවට දෙන අදහස් මම බොහොම කැමැත්තෙන් පිළිගන්නේ. 
මේ බ්ලොගේ බලන අයත් මේ ගැන දරන අදහස කියනවද? ඇත්තටම මේ ගැන මට දැනගන්න ඕන. සමහරු ටික කාලයක් ලියල නවත්තනවා අනික් එව්වන්ට අපි මොකටද නිකන් ආතල් දෙන්නේ කියල. නමුත් මේක එහෙමම කියන එකත් අසාධාරණයි. ඒ හින්ද ඔබලත් මේ ගැන මොනවද හිතෙන්නෙ කියන එක පහලින් කොටලා යනවා නම් මම බොහොම සතුටුයි.
දැන් අපි එමුකො මාතෘකාවට. අපි එක එක දේවල් කරනවා විවිධ අරමුණු හිතේ තියාගෙන. මේ බ්ලොග් ලිවිල්ලත් ඒ වගේම වැඩක්නේ. ඉතින් මම කල්පනා සාගරේ ගිලිලා ඉන්නකොට
තවත් සමහර අය මේක ලියන්නේ ඇත්තටම දැනුම බෙදා දෙන අදහසින්. මගේ ඔලුවට එන පලවෙනි බ්ලොග්කරු තමයි විචාරක. එතුමා දැන් ඉතින් විශ්‍රාම අරගෙන හැරමිටිය අරන් වෙවුල වෙවුල යන කාලෙනේ.
මෙහෙම ලියනවනම් තව පිටු ගානක්ම ලියන්න පුළුවන්. ඒ හින්ද මම ඒවා ගැන ලියන්නේ නෑ. දැන් ඇපල් වස කම්මැලියෙක් වෙලා. ඒ හින්ද සමා වන සේක්වා........!
මේ බ්ලොගේ බලන අයත් මේ ගැන දරන අදහස කියනවද? ඇත්තටම මේ ගැන මට දැනගන්න ඕන. සමහරු ටික කාලයක් ලියල නවත්තනවා අනික් එව්වන්ට අපි මොකටද නිකන් ආතල් දෙන්නේ කියල. නමුත් මේක එහෙමම කියන එකත් අසාධාරණයි. ඒ හින්ද ඔබලත් මේ ගැන මොනවද හිතෙන්නෙ කියන එක පහලින් කොටලා යනවා නම් මම බොහොම සතුටුයි.
Monday, June 22, 2015
අංගම්පොර
ඇම්බැක්ක දේවාලයේ ඇති කැටයමක්. |
ඔන්න කතාව පටන් ගන්න යන්නේ....එන්ඩෝ.....
පොඩ්ඩක් ඇන්ටනාව හරවන්න පේනවා මදි.
තව ටිකක්..
නෑ නෑ අනික පැත්තට හරවන්න ආපහු
ආ දැන් ඇති ටිකක් පැහැදිලි උනා. ඔය ගානට වත් බලමු.
මේ මොකටද ලැස්ති වෙන්නෙ? දඬුබස්නාමානය බලන්න ගෙදර කට්ටියත් එක්ක රුපවාහිනිය වටේ එකතු උනේ මෙන්න මෙහෙමයි.
අංගම්පොර කියන නම ඇපල් ට මුලින්ම ඇහුනේ මේ නාට්‍යය හරහා. ඕක බලල ගිහින් ඉස්කෝලේ උන්ගෙ එහෙට මෙහෙට ඇනල අපි කියනවා නිල වලට ගැහුවා දැන් උඹ ඉවරයි තව ටික වෙලාවකින් උඹ මැරෙනවා කියල.
මම දන්නා හැටියට අංගම්පොර කියන අපේ සටන් කලාවට සැහෙන ඉතිහාසයක් තියෙනවා. විජය කුමාරය , එහෙමත් නැත්නම් විජය කියන තක්කඩියා (
මේ ආකාරයට විවධ ගෝත්‍ර අතරේ තිබ්බ විවිධ සටන් ක්‍රම එකතු වෙලා අංගම්පොර හැදෙන්න ඇති කියලයි මගේ නම් අදහස. (සංවාදයට විවෘතයි) . මේක කාලයත් එක්ක උස් පත්වීම් එක්ක දියුණු වෙලා එන්න ඇති. පෘතුගීසින් මේ රට ආක්‍රමණය කරපු කාලේ අංගම්පොර සටන් කලාව උච්ච මට්ටමක තියෙන්න ඇති කියල අපිට හිතන්න පුළුවන්. විමලධර්මසුරිය රජතුමා පෘතුගීසින් සමග කරන දන්තුරේ සටනෙදි සතුරු සෙබළුන්ගේ හිස් වලට ඉහලින් ඔවුන්ගේ පෙළ මැදට පැන සටන් කල සිංහල සෙබළුන් දැක පෘතුගීසින් පුදුමව වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.
මීට වඩා අංගම්පොර ඉතිහාසය ගැන මට දැනුමක් නම් නැහැ. ලෙව්කේ රාල , සුදල්ලිය සහ මාරලිය ගුරු කුල, ඒදඬුවාවේ දිසාපතිනිය වැනි ප්‍රසිද්ධ නම් ගම් ගැන අහල තිබුනත් නිවැරදි තොරතුරක් සොයා ගැනීම ඉතාම අපහසුයි. තිබුනත් ඒවා සාක්ෂි සහිතව ඔප්පු කිරීම තවත් අපහසුයි. මේ නිසා අද වෙනකොට අංගම්පොර කියන නම ඉතාම පහසුවෙන් විකුණාගෙන කන්න පුළුවන් වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා.
අද වෙනකොට නම් පඳුරකට පයින් ගැහුවත් පාරම්පරික අන්ගම්කරුවන් හතර පස් දෙනා විසි වන මට්ටමටම ඇවිත්.
සමහර විට ඇත්තම සටන් කලාව දන්නා පුද්ගලයිනුත් ඇති. නමුත් හොරුන් කවුද ඇත්ත කියන්නන් කවුද කියල හඳුනාගන්නවත් තරම් දැනුමක් අපිට නොමැති වීම අපේම අවාසනාවක් කියල කියන්න පුළුවන්.
(මෙහි නැති දේවල් තියෙනවනම් කොමෙන්ටුවක් පල කරන්න. දැනුම දියුණු කරගන්න ලැබෙන ඕනෑම උදව්වකට තුති. )
Thursday, June 11, 2015
කම්මැලිකම
මෙහෙම කම්මැලි කමක් හැබෑටම. අන්තිමට ලිපියක් දැම්මේ ගිය අවුරුද්දේ ඉල් මාසේ. ඊට පස්සේ තුන් වෙනි අවුරුද්ද සම්පුර්ණ උන එකට වත් මම මේ පැත්ත පළාතේ ආවේ නෑ. මගේ එකම නිදහසට කාරනාව උනේ අධ්‍යාපන කටයුතු කියන එක. එකට මුවා වෙලා මම කම්මැලි කමේ හිටියේ මෙච්චර කලක්. තව හේතුවකුත් තිබුන. එක තමා මම වින්ඩෝස් වල ඉඳන් උබුන්ටු වලට මාරු උනා. ඒකෙ සිංහල ටයිප් කරනවා කියන්නේ මොට්ට පොරවකින් ගස් කපනවා වගේ. එපාම වෙන වැඩක්. ඉතින් දහ දොළොස් පාරක්ම මම ටිකක් ලියල අතැරලා දැම්ම. ඊට පස්සේ බ්ලොග් කියවන එකත් එහෙමම නතර උනා. ඉඳල හිටලා ඇවිල්ල ලිපියක් දෙකක් කියෙව්වා ඇරෙන්න වෙන වැඩක් කලේ නෑ. පුදුම කම්මැලි කමක් මේක නම්.
මේ ටිකේම අපේ විශ්ව විද්‍යාලයෙන් මාව දාල තියෙන්නෙ පුහුණුවීම් වලට.සමහර දවස් වලට මුළු දවසෙම නිකම් බලාගෙන ඉන්නවා. තවත් සමහර දවස් වලට දවසෙම වැඩ. අද වැඩි වැඩක් නැති එකේ මම නිකමට වගේ ආව මේ පැත්තට. මුලින්ම දැක්කේ සිරා ගේ කාමරේ තුන් අවරුදු උපන්දිනේ. මට හිතුනා නියම දවසක තමයි මම ආපහු ආවේ කියල. ඊළගට කියෙව්වා විචාරකගේ භාෂාව පිලිබඳ දාල තිබුන ලිපිය. ඊළඟට මම කල්පනා කළා ඇයි මට මේක ලියන්න වෙලාවක් නැත්තේ කියල. උවමනාව තියනවනම් මට උවමනා තරම වෙලාව හදාගන්න පුළුවන් කියල මටම තේරුනා. ඔන්න ඉතින් අවසානෙට කාර්යාලේ ඉඳන් මාස ගානකට පස්සේ ඔන්න මේක ලියනවා. කව්රු බලයිද දන්නේ නෑ. ඒ උනාට මොකද ඉතින් ආපහු මේක ලියන්න පටන් ගන්නවා කියන්නෙම ලොකු දෙයක්නේ. පටන් ගන්න තමයි අපහසුම.
බලමු ඉදිරියටත් පුළුවන් පුළුවන් හැටියට ලිපි ටිකක් දාන්න. අංගම්පොර ගැන මේ දවස් වල ටිකක් උනන්දුවක් ඇති වෙලා තියෙනවා සමහර විට ඊළඟට ලියන්නේ එක ගැන වෙන්නත් පුළුවන්. සමහර විට අලුත්ම දෙයක් ගැන වෙන්නත් පුළුවන්. ඔන්න එහෙනම් ආයිත් ඇපල් ආව ලාබෙට ඇපල් බෙදන්න.
Subscribe to:
Posts (Atom)