දැන් අපි එමුකො මාතෘකාවට. අපි එක එක දේවල් කරනවා විවිධ අරමුණු හිතේ තියාගෙන. මේ බ්ලොග් ලිවිල්ලත් ඒ වගේම වැඩක්නේ. ඉතින් මම කල්පනා සාගරේ ගිලිලා ඉන්නකොට
තවත් සමහර අය මේක ලියන්නේ ඇත්තටම දැනුම බෙදා දෙන අදහසින්. මගේ ඔලුවට එන පලවෙනි බ්ලොග්කරු තමයි විචාරක. එතුමා දැන් ඉතින් විශ්‍රාම අරගෙන හැරමිටිය අරන් වෙවුල වෙවුල යන කාලෙනේ.
මෙහෙම ලියනවනම් තව පිටු ගානක්ම ලියන්න පුළුවන්. ඒ හින්ද මම ඒවා ගැන ලියන්නේ නෑ. දැන් ඇපල් වස කම්මැලියෙක් වෙලා. ඒ හින්ද සමා වන සේක්වා........!
මේ බ්ලොගේ බලන අයත් මේ ගැන දරන අදහස කියනවද? ඇත්තටම මේ ගැන මට දැනගන්න ඕන. සමහරු ටික කාලයක් ලියල නවත්තනවා අනික් එව්වන්ට අපි මොකටද නිකන් ආතල් දෙන්නේ කියල. නමුත් මේක එහෙමම කියන එකත් අසාධාරණයි. ඒ හින්ද ඔබලත් මේ ගැන මොනවද හිතෙන්නෙ කියන එක පහලින් කොටලා යනවා නම් මම බොහොම සතුටුයි.
//ඒ හින්ද ඔබලත් මේ ගැන මොනවද හිතෙන්නෙ කියන එක පහලින් කොටලා යනවා නම් මම බොහොම සතුටුයි//
ReplyDeleteමම එහෙනම් එබුවට පස්සේ ආයෙත් මේ ලිපියට ඇවිත් කමෙන්ට් එකක් දාන්නම් එබුවට පස්සේ මොකද හිතෙන්නේ කියලා . ගොඩක් අය කියන්නේ නම් එබුවට පස්සේ ඉතින් ලොකු වෙනසක් නෑ කියලා . බලමුකෝ . @-) @-) @-) @-) @-) @-) @-)
ඔබන්නේ අහවල් එකද බොලන්.... :-w අපි නම් ඕව ගැන දන්නෙ නෑ තවම පොඩි ළමයි. හ්ම්ම්... [-(
Deleteහෙහ් හෙහ්, හැරමිටිය විතරක් නෙවේ බොල තවත් එව්වා වෙවුලනවා මෙව්වා දැක්කම.
ReplyDeleteකම්මැලිකම මටත් එනවා හිටපුගමන්. ලියන්න අරන් අතෑරලා දාපු මාතෘකා ගොඩක් තියනවා. සමහර වෙලාවට ඒවට වාක්‍යයක් දෙකක් ලියලා සේව් කරලා ඔහෙ පල්වෙන්න අරිනවා. මම හිතන්නේ බ්ලොග් ලියන ඔක්කොටම ඔය ලෙඩේ අඩුවැඩි වශයෙන් තියනවා. ඒ වුනාට අතාරින්න එපා. ඔන්නොහෙ ලියමු මොනවහරි.
මට නම් මේ ලෙඩේ දරුණුවටම තියෙනවා විචාරකතුමෝ.
Deleteඅපේ හිතේ බුර බුරා නගින අදහස්, දැනුම බෙදා ගන්න, අත්දැකීම් බෙදා ගන්න, අපි දැක්ක දෙයක් අනිත් අයත් සමග බෙදා ගන්න මේක කදිම තැනක්. එයට අමතරව මේ හරහා නැගුණු මිතුදම ඉතා වටිනවා. හතුරොත් නැතුවම නෙවෙයි.
ReplyDeleteහතුරෝ ගැන මතක් උනෙම නෑ හැබෑට. කතාව ඇත්ත.
Delete