ඔන්න ඉතින් ඒ කාලේ ඇපල් ගෙ ගෙදර තිබුනේ පරණ කළු සුදු රුපවාහිනියක්. වටේටම කඳු වලින් වටවෙලා ඉන්න හින්දයි රුපවාහිනිය පරණ හින්දයි ඒ කාලේ පෙනුනේ ලංකාවේ හැම තැනටම පෙනෙන චැනල් එක විතරයි. (දන්නවා ඇතිනේ මොකක්ද කියලා...
) ඔකේ යන කතා බලන්නේ හරිම අමාරුවෙන්. ඇන්ටනාව කරකවන්න ඕන හතර අතට. ඒත් තිත් තිත් ලෝකයයි. අපි ඒ දවස් වල දන්නෙ නෑ තිත් වැටෙන එක අව්ලක් කියල. අපි හිතුවේ එක සාමාන්‍ය දෙයක් කියල.
පස්සේ කාලෙක තාත්ත අලුතින් වර්ණ රුපවාහිනියක් ගෙනාවට පස්සේ ටිකක් අව්ලක් නැති උනා වගේ උනා. ඒත් කවදාවත් පැහැදිලිව බලන්න නම් පිනක් තිබුනෙ නැහැ. ටවුන් එකේ කඩවල විදුරු වගේ පැහැදිලිව තියෙනවා දකිනකොට ගොඩක් වෙලාවට දුකත් හිතුන තමයි.
ඔන්න ඔහොම ඉන්නකොට දවසක් තාත්ත ටවුන් ගිහින් එන ගමන් මොකක්දෝ ගෙනාව. පෙනුමෙන් නම් ලොකු රොටී තැටියක් වගේ
. කලින් දැකලම නැති අමුතුම භාණ්ඩයක්. හප්පේ....ටිකක් වෙලා යනකොට තමයි තේරුනේ මොකක්ද කියල. ගෙනල්ල තියෙන්නේ ඩිෂ් සැටලයිට් එකක්
. උන්න හැටියට මලා මදැයි. ඒකත් එක්ක තිබුන මැනුවල් එකේ හැටියට නම් පින්තුර නිකම් පලිඟු වගේ පෙන්න ඕන. ඒත් මම කල්පනා කළා මෙහෙම වෙන්නෙ කොහොමද කියල. කොච්චර උනත් තිතක් හරි නැතුව පේනවා කියන්නේ වෙන්න බැරි දෙයක්
.
ඔන්න දැන් මේක කොහොමද හයි කරගන්නේ කියල දහ අතේ කල්පනා කළා
. තාත්ත නම් කිව්වේ හවසට හයි කරන්න කෙනෙක් එනවා කිව්වා කියල .කොච්චර කුතුහලයක් තිබුනත් හවස් වෙනකම් ඉන්නඋනා මිනිහ එනකම්
. කොහොම කොහොම හරි යන්තම් අටෝල ගත්ත කියමුකෝ.දැන් ඉතින් පුදුම වෙන්න වාරෙ. මෙච්චර කල් යන්තම් චැනල් 2ක් බලපු අපිට මෙන්න දැන් තියනවා චැනල් 60ක්
. මගේ අම්මෝ.....දැන් හිතාගන්න බෑ මොකක්ද බලන්නේ කියල
. මුලින්ම දැම්මෙ කාටුන් චැනල් එකක්. ලොවෙත් නෑ. . මෙහෙමත් කාටුන් තියනවද...
? ඔන්න ඉතින් එදා ඉඳන් තමයි ඇපල් කාටුන් බලන්න ඇබ්බැහි උනේ.
ඔය කාලේ බලන්න ඕන ගොඩක් දේවල් බැලුව . ගොඩක් දේවල් ඉගෙන ගත්ත. මෙහෙම දේවල් තියනවා කියල දැනගත්ත. (CBN Sat). ඔන්න ඔහොම කාටුන් වලින් බාගේ බාගේ බලනකොට තමයි එක පාරටම සැට් එකට කෙලවුනා
. මොකක්ද සිද්දියකට මේක තහනම් කරලා. අපොයි එදා නම් මට එපාම උනා
. මෙච්චර කල් පැහැදිලිව බලල බලල කොහොමද කොහොමද ඉතින් ආපහු පරණ තිත් තිත් තියෙද්දී බලන්නේ...කොහොමින් කොහොමින් හරි TV බලිල්ලත් නතර උනා. 
ඔක්කොම ඉවර වෙලා ඊළඟට සැට් එක ඩයලොග් වලට පවරගත්තට පස්සේ අයිමත් බලන්න පටන් ගත්ත. ඒත් කලින් තිබුන ගොඩක් චැනල් නෑ. මොනවා කරන්නද. තිබුන ටික බැලුව කාලයක්. ඊට පස්සේ බිල වැඩිපුර එන්න පටන් ගත්ත.
එක එක සිද්දි උනාට පස්සේ ඒකත් අතෑරලම දැම්ම.
ඔන්න ඔහොම තමයි මගේ TV බලන එක නතර කලේ....